මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ
මාධ්‍යයට එරෙහිව නියෝග නිකුත් කිරීමට තමන්ට අයිතියක් නැතැයි බැඳුම්කර කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා අද (24) පැවසීය.
බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දුන් ‘ඊස්ට් වෙස්ට්‘ ප්‍රොපර්ටිස් ආයතනයේ අධ්‍යක්ෂිකා එම්.ඒ. විනෝදනී මහත්මියගේ පෞද්ගලික තොරතුරු හෙළි වු නිසා එම තොරතුරු මාධ්‍ය මඟින් හෙළි කිරීම වළකාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඇය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සුරේන් ද සිල්වා මහතා ඉල්ලා සිටි අවසථාවේදී බැඳුම්කර කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා එසේ පැවසීය.
ඒ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා කොමිසම ඇමතමින් මෙය රහසිගතව සිදු කරන සාක්කි විභාගයක් නොවන හෙයින් විවෘතව සිදුකරන මෙවැනි සාක්කි විමසීමකදී මෙවැනි ආකාරයේ ඉල්ලීමක් කිරීමට හැකියාවක් නැතැයි කීය.
කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා - මාධ්‍යයට එරෙහිව නියෝග නිකුත් කිරීමට අපිට හැකියාවක් නැහැ.
කොමිසමේ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා - මේ සම්බන්ධයෙන් මාධ්‍යයට මුකුත් කියන්න අපිට හැකියාවක් නැහැ. ඒත් මාධ්‍ය අචාර ධර්ම පද්ධතියක් තියෙනවානේ, මාධ්‍යවේදීන් ඒ මාධ්‍ය අචාර ධර්ම පද්ධතිය අනුව කටයුතු කරයි කියා අපි බලාපොරොත්තු වෙනවා.
2025 දෙසැම්බර් මස 04
699
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මාධ්‍යට නියෝග දෙන්න බැරි බව බැඳුම්කර කොමිසම කියයි
minipe Monday, 24 July 2017 07:01 PM
මාධ්‍යට නියෝග දෙන්න කාටවත් පුළුවන් කමක් නැ.මාධ්‍ය කියන්නේ ශක්‍ර දෙවියන් වගේ ඇස් දහසක් ඇත්තන්ට.කඩේ යන අයටවත්, කඩේ යන්න බලාගෙන ඉන්න අයගේවත් අදහස් මාධයෙන් දුටුවොත් එහි ඇත්ත නැත්ත විමසා බලා අවබෝධය කර ගැනීම පාරිබෝගිකයාගේ තේරීමක්.
mohan Tuesday, 25 July 2017 04:15 AM
සමහර මාධ්‍ය මෙතුමියගේ නම බය නැතුව කියල ඇමතිගේ නම කිවේ නැහැ.