පැය හතරක් වැනි කෙටි කාලයක් සඳහා පමණක් ශී‍්‍ර ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා කිසිවකු අපේක්‍ෂා නොකළ ආකාරයෙන් පාස්කු ඉරිදා බෝම්බය පුපුරාගිය කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය වෙත ගියේය.
ඉන්දීය අගමැතිවරයා එහි යද්දී අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ සමග අගමැති රනිල් වික‍්‍රමසිංහ සහ එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතාද වූහ.
ඉන්දීය අගමැතිවරයා ශාන්ත අන්තෝනි දේවස්ථානය කරා ගියේ කොළඹ ගාලු මුවදොර පිහිටි ජනාධිපති කාර්යාලය කරා එන ගමනේදීය. ජනාධිපති කාර්යාලයේදී රතු පළස එළා, යුද හමුදා උත්තමාචාරයකින් ඉන්දීය අගමැතිවරයා පිළිගන්නා ලදි.
කොච්චිකඬේ දේවස්ථානයට ගිය සැණින් ඉන්දීය අගමැතිවරයාගේ නිල ට්විටර් ගිණුමෙන් නිකුත් වූ පණිවුඩයක සටහන් වූයේ ‘ශී‍්‍ර ලංකාව නැවත නැගී සිටින බව මට විශ්වාසයි‘ යනුවෙනි.
‘ත‍්‍රස්තවාදයේ බියගුළු කි‍්‍රයාකාරකම් වලින් ශී‍්‍ර ලාංකිකයන්ගේ ආත්ම ධෛර්යය පරාජය කරන්න බෑ. ශී‍්‍ර ලංකා ජනතාව සමග සහයෝගයෙන් ඉන්දියාවත් ඉන්නවා‘ යයිද ඉන්දීය අගමැතිවරයාගේ ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සටහන් විය.
ඉන්දීය අගමැතිවරයා කටුනායක සිට කොළඹ එන ගමනට එක්වූ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉන්දීය නායකයා සමග බොහෝ කරුණු සාකච්ඡා කළේ රථයෙහිම සිටිමිනි. මාලදිවයිනේ සිට ආපසු ඉන්දියාව බලා යන ගමනේදී ශී‍්‍ර ලංකාවට පැමිණි ඉන්දීය නායකයා, ඩොලර් මිලියන 26 ක් වැය කෙරමින් ඉදි කෙරෙන හමුදා පුහුණු මධ්‍යාස්ථානයක් සහ රේඩාර් පද්ධතියක් ද ආරම්භ කළේය. මේ සඳහා අරමුදල් ඉන්දියාවෙනි.



COMMENTS
ශ්‍රීමත් නරේන්ද්‍ර ශ්‍රී මෝදී මැතිතුමාට අපගේ ආචාරය.
අගේ කල යුතු මහත්මා ගුණයක්.
ඉස්තුති ඔබ තුමාගේ පැමිණීමට. ඔබතුමා අප රට දැනුවත් කරා විනාශයට කලින්. එහෙත් රටේ නායකත්වයේ නොහැකියාවද, නොසලිකම නිසාදෝ සතුරා ජය ගත්තා
ඒ මහත්මා ගුණය නිසා තමයි එතුමා දෙවෙනි වරටත් බහුතර මනාපයෙන් අගමැති ධූරයට පත්වී තිබෙන්නේ..
අපගේ උත්තමාචාරය ශ්‍රී මෝදි මැතිතුමාට
ඔය මොනවා කළත් ඉන්දියාව අපිට දියුණුවෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ අයගේ කුණුබඩු මිලදී ගන්නා වෙළඳපොළක් ලෙස පවත්වා ගැනීම ඔවුන්ගේ එකම අරමුණයි...
මෝදි ශා. අන්තෝනි දේවස්ථානයට විතරක් ගිහිල්ලා බොරු ලකුණු දාගන්නේ නැතිව, ඉන්දියාවේ "ශිව සේනා" RSS කාරයෝ පොළවට සමතලා කරපු පල්ලි වලටත් යන්න ඕනෑ බලන්න. එයාගේ පක්ෂේ අය කොහොමද අනික් සුළුතර ආගම්වලට සලකා තියෙන්නේ බලන්න...