(නිමන්ති රණසිංහ)
තැපැල් ඉතිරිකිරීම් ගිණූමක තැන්පත් කර තිබූ රුපියල් අනූදහසක මුදලක් සාවද්‍ය පරිහණය කළැයි කියන සිද්ධියකට අදාළව නාරාහේන්පිට පොලීසිය අත්අඩංගුවට ගත් නාරාහේන්පිට ජාතික පොළ තැපැල් කාර්යාලයේ ස්ථානාධිපතිනිය ලබන 29 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ මහතා නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ඔබේසේකරපුර රාජගිරිය පදිංචි නාරාහේන්පිට ජාතික පොළ තැපැල් කාර්යාලාධිපති වීරසිංහගේ හර්ෂණී ලක්මාලි යන අයය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගයාන් ප්‍රසන්න මහතා වෙත පැමිණීල්ලක් ඉදිරිපත් කරනු ලැබ තිබුණේ මැණීක් ටවුන් මංගල පාර නාරාහේන්පිට පදිංචි පොල්වත්ත ලියනගේ චන්ද්‍රලතා යන අය විසිනි.
COMMENTS
තව පඩිත් වැඩි කරන්න ඉල්ලනවා...
හතර වටේටම බැංකු තියෙද්දී තැපැල් කන්තෝරුවට සල්ලි දැම්මේ මොකද? පොලිය වැඩියෙන් දෙනවද?
මේ හොරකම් සමහර තැපැල් කුන්තෝරුවල සිදුවුණාට හිරේයන්නේ නැහැ. කෑගලු දිස්ත්‍රික්කයේ තැපැල්හලක මුදල් හොරකමට ස්ථානාධිපතිගේ වැඩ තහනම් කරලා දින කිහිපයකින් නැවත වැඩ පටන්ගත්තා. නාරාහේන්පිට තැපැල්පති කවුරුවත් අඳුනන්නේ නැතිව එති. සොරකම කාර්ය පහරහැරිමක්නේද?
තැපැල් කාර්යාලවල සිදුවෙන මුල්‍ය අක්‍රමිතා පිලිබඳ අභ්‍යන්තර විමර්ශන සිදු කරනවා. සමහර අවස්ථාවල පොලිසියේ සහයෝගයද ලබාගන්නවා. විධිමත් විනය පරීක්ෂණයකින් පසුව තීරණ ගන්නවා. එසේ නොමැතිව හැදුනුම්කම මත නිදහස් වෙන්නේ නැහැ.