(නිමන්ති රණසිංහ)
තංගල්ල වීරකැටිය මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීමේදී මුදල් අවභාවිත කළැයි කියන සිද්ධියට අදාළ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් හත් දෙනෙකු සම්බන්ධ නඩුව ජුලි 20 වැනි දා තෙක් කල් තැබීමට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් චාන්දනී ඩයස් මහත්මිය අද (23) නියෝග කළාය.
මෙම සිද්ධියට අදාළ සැකකරුවන් විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කර ඇති අභියාචනයට ලබන 26 වැනි දා තෙක් අතුරු තහනම් නියෝගයක් පනවා ඇති බැවින් මෙම අධිකරණයේ පවතින නඩු කටයුත්ත එලෙස කල් තැබීමට අධිකරණය තීරණය කළේය.
COMMENTS
ජුලි හතයි. අතුරු තහනම් නියෝග තියෙනකල් 2020 දක්වාම නඩුව කල් යයි මගේ හිතේ. ඉතින් ඊට පස්සේ බඩුම තමා...
ගෝඨාට ඇති සියලු නඩු, කල් දමන ලෙස අමෙරිකාවෙන් දන්වා ඇත.
ගෝඨාට ඇති සියලු නඩු විසි කරන ලෙස ට්‍රම්ප් අධිකරණයට අනතුරු අඟවයි. ගෝඨා දිලේ නඩුව කැලේ. 2020 දී ගෝඨා බලයට අාවාම බඩුම තමයි. බලන් ඉන්න.
රන්ජන් කියපු දේ ඇත්තෙන්ම නිවැරැදියි. ඔබතුමාට මගේ සුබපැතුම් !!!
කෝ මිනිමැරුම් නඩු... මිග් නඩු, පාවෙන අවි ගබඩා නඩු? ඒවා දන්නේ අපිද?