IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


මැතිසබයේ ඡන්ද මැසිමේ දෝෂ හෙළිවෙයි

(සුජිත් හේවාජුලිගේ)

මැතිසබයේ සවි කර ඇති ඡන්දය ගණනය කරන ඉලෙක්ට්‍රොනික පද්ධතියේ දෝෂ සහ අඩුපාඩු කිහිපයක් එම පද්ධතිය පරීක්ෂා කළ තාක්ෂණික විශේෂඥයන් සහ ඉංජිනේරුවන් සොයාගෙන ඇත .

මේ අනුව එම ඉලෙක්ට්‍රොනික පද්ධතිය වැඩිදියුණු කිරීමට පාර්ලිමේන්තු ප්‍රධානීන්ගේ අවධානය යොමු වී ඇත

. මෙම ඉලෙක්ට්‍රොනික පද්ධතිය පසුගිය දිනවල පරීක්ෂාවට ලක් කළ තාක්ෂණික විශේෂඥයන් සහ ඉංජිනේරුවන් කණ්ඩායමක් එහි පවතින අඩුපාඩු රැසක් හඳුනාගෙන ඒවා පාර්ලිමේන්තු ප්‍රධානීන්ට පෙන්වා දී ඇත . එම පද්ධතිය වැඩිදියුණු කිරීමට අවධානය යොමු වී ඇත්තේ ඒ අනුවය .

මැතිසබයේ ඡන්දය විමසන අවස්ථාවන්හිදී මන්ත්‍රීවරුන් 225 දෙනාම ඡන්දය ප්‍රකාශය කළ ආකාරය දැක්වෙන සම්පූර්ණ නාම ලේඛනය එකවර ප්‍රදර්ශනය කළ යුතු බවටත් ඡන්ද විමසීමට සහභාගි නොවන මන්ත්‍රීවරුන්ගේ නම්ද නොපැමිණි අය සේ සටහන්ව ඊට ඇතුළත් කළ යුතු බවටත් එම තාක්ෂණික විශේෂඥයන් හා ඉංජිනේරුවන් පෙන්වා දී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ .

තාක්ෂණික විශේෂඥයන් හා ඉංජිනේරුවන් කණ්ඩායම මැතිසබයේ ඉලෙක්ට්‍රොනික පද්ධතිය පරීක්ෂාවට ලක් කළේ කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීමේදී සිදුවී ඇති දෝෂය කුමක්දැයි හඳුනාගැනීම සඳහාය .

එම පරීක්ෂණ කණ්ඩායම මේ සම්බන්ධයෙන්වූ වාර්තාව කතානායකවරයාට ඉදිරි දිනවල බාරදීමට නියමිතය.

 



අදහස් (12)

මැතිසබයේ ඡන්ද මැසිමේ දෝෂ හෙළිවෙයි

Shalika maduranga Tuesday, 25 May 2021 12:18 PM

ඉක්මණින් එකක් ගන්න වෙයි, නැත්නම් රට කරගෙන යන්න බැරිවෙයි.

:       6       30

Nuwan Tuesday, 25 May 2021 12:43 PM

රට කරවන තැන මැෂිම අවුල් නම් රට වටේ වාර්තාවන කොරෝනා ලෙඩ්ඩුන්ගේ ගණන් එහෙමත් ලොකු අවුලක් ඇති නේද හාමුදුරුවනේ...?

:       1       26

Buddhika Tuesday, 25 May 2021 01:20 PM

අනේ කොහෙන් හරි ණයට සල්ලි ටිකක් ඉල්ලගෙන හරි කමක් නැහැ. අලුත් එකක් ගේන්න.. නාමල් රාජපක්ෂ කොල්ලෝ අලුත් එකක් බලන්න.. මීට බාප්පා..

:       3       22

උපාලි Tuesday, 25 May 2021 01:33 PM

ඔය 225 ගනන් කරන්න මැෂින් ඕනෑද, අඩුපාඩු හොයන්න විශේෂඥයින් ඕනෑද? අනේ අපේ සල්ලි...!!! 

:       2       27

චමිලාWednesday, 26 May 2021 12:23 AM

පාර්ලිමේන්තුවේ කටයයුතු කිරීමේදී දිනකට වියදම කීයද මෙම වැඩක කරන්න කොපමන කාලයක් ගියාද ජනතාව රැවිටීමට මගේ ඡන්යද ගැන නැහැ කියාපු අයගෙන් මෙම මුදල් අයකරන ක්‍රමයක් වහා ඇතිකරන්න

:       0       2

RaveendraWednesday, 26 May 2021 01:20 AM

ඇත්තෙන්ම ඔබගේ අදහස් 100% නිවැරදිය. මැසිම කැඩිලා නම් හෝ අඩුපාඩුවක් තියෙනවානම් 225 ට ගණන් කරන්න බැරි " නිලධාරින්ද" දියවනාව ඕනා එපාකම් වෙනුවෙන් පත්කරලා තියෙන්නේ...

:       0       2

Rata Perata Tuesday, 25 May 2021 03:20 PM

අනේ අපොයි මේ වගේ කට්ටියක්

:       1       15

chandana Tuesday, 25 May 2021 04:30 PM

ඉක්මනින්ම අලුත් මැෂිමක් ගන්න .ඉස්සරහට ගොඩක් වැඩ තියනවා. ලෝකේ තියන හොඳම එක ගෙනෙන්න. කොමිස් ගහන්න චීනෙන් ගන්න එපා .

:       1       12

parakkrama Tuesday, 25 May 2021 05:27 PM

225ක් ගනින ඡන්දයට මෙහෙම ප්‍රතිපල පෙන්නුවානම් මහ ඡන්දෙකදී එලෙක්ට්‍රොනික් ක්‍රමය යොදාගත්තොත් කොහොම තියෙයිද.?

:       0       20

Lelwala Wednesday, 26 May 2021 01:49 AM

ඔවුන්ට ක්‍රම දෙකම කළ යුතුයි. මැනුවල් සහ ඉලෙක්ට්‍රොනික.

:       0       0

සෙනෙවිරත්න Wednesday, 26 May 2021 03:01 AM

ලැජ්ජාවේ බැහැ. වෙන මොනවා කියන්නද?

:       0       2

ආනන්ද Wednesday, 26 May 2021 06:01 AM

ඔතෙන්ට එන්න ඉස්සෙල්ල මහන මැෂිමක් වත් දැකපු නැති අයත් මැෂින් එකෙන් ඡන්දෙ දෙනකොට ඔහොම තමයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1186 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1183 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 435 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site