IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


මැතිවරණ දිනයට එරෙහි පෙත්සම් 8 වැනි දිනටත් සලකා බැලේ

තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

පවතින නීතී  උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකාව කොවිඩ් 19 සාර්ථකව මර්දනය කර ඇති බව පැහැදිලිවම පෙනී යන හෙයින් නව නීතී සඳහා පාර්ලිමේන්තුව යළි කැඳවීමට අවශ්‍ය නොවන බවට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා අද (28) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියේය.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරි ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ඉදිරිපත්ව ඇති පෙත්සම් අටවන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද සලකා බැලූ අතර එහිදී මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා ඉදිරිපත් කර තිබූ අතරමැදි පෙත්සම වෙනුවෙන් කරුණු දක්වමින් ජනාධිපති නීතීඥ අලි සබ්‍රි මහතා අධිකරණය හමුවේ මේ බව කියා සිටයේය.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවාහැරි ගැසට් නිවේදනය අවලංගු කරන්නැයි ඉල්ලා ශේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම් සළකා බැලීම අද අටවන දිනටත් අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සිදුකෙරුණි.

මාස තුනක් ඇතුළත මහමැතිවරණය පැවැත්වීමට ජනාධිපතිවරයා දින නියම කළ යුතු බවට ව්‍යවස්ථාවේ සඳහන් අවශ්‍යතාවයට අනුකූලව ජනාධිපතිවරයා කටයුතු කර ඇති වුවද එදිනට මැතිවරණය පැවැත්විය නොහැකි අවස්ථාවක කඩිනමින් මැතිවරණය පැවැත්වීමට හැකි මීලඟ හොදම ක්‍රමවේදය 1981 මහමැතිවරණ පනත හරහා සළසා දී ඇති බව ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා මෙහදී පෙන්වා  දුන්නේය. 

ජනාධිපති නීතීඥවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ මාස තුනක් ඇතුළත මැතිවරණය පැවැත්වීමට නොහැකි හේතුවක් පවතින්නේ නම් මැතිවරණය නොපැවැත්විය යුතු බව හෝ පැරණි පාර්ලිමේන්තුව යලි කැඳවිය යුතු බවට ව්‍යවස්ථාවේ කිසිදු තැනක සඳහන් නොවන බවයි.

කොවිඩ් 19 පාලනය කිරීමේදී හදිසි නීතීය පැනවුවහොත් ජනතාව දුෂ්කරතා රැසකට මුහුණු දීමට හැකියාව තිබූ හෙයින් ජනාධිපතිවරයා හදිසි නීතී රෙගුලාසි පැනවීමෙන් තොරව තත්වය පාලනය කිරීම සම්බන්ධයෙන් ඔහු අගය කළ යුතු අවස්ථාවක විපක්ෂයේ පාර්ශ්ව හදිසි නීතීය පැනවිය යුතු බව ජනාධිපතිවරයාට පවසන්නේ ජනතාව කෙරෙහි ආදරයකින් නොව යළි පාර්ලිමේන්තුව රැස් කරගැනීමේ අරමුණින් පමණක් බව ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා වැඩිදුරටත්  පෙන්වා දුන්නේය.

වෙනත් රටවල් කොවිඩ් 19 මර්ධනයට නව නීතී සම්මත කර ඇති හෙයින් පාර්ලිමේන්තුව කැඳවා ශ්‍රී ලංකාවද නව නීතී සම්මත කරගත යුතු බව පෙත්සම්කරුවන් පවසන හෙයින් එලෙස නව නීතී සම්මත කළ රටවල් කිහිපයක් හඳුනාගැනීම වැදගත් වන බව ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා සඳහන් කළේය.

කරුණු දැක්වීම අතරතුර ඔහු පෙන්වා දුන්නේ ව්‍යවස්ථාවේ වගන්ති වෙන් වෙන්ව නොව එක්ව කියවිය යුතු බවට 2018 පාර්ලිමේන්තු විසුරුවාහැරීම අවලංගු කළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හරහා ශ්‍රේෂ්ඨාධිකරණයේ සත්පුද්ගල විනිසුරු මඩුල්ලක් ප්‍රකාශයට පත් කර ඇති බවයි

ඒ අනුව ජනාධිපතිවරයා මාර්තු 02 දා නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු එකක් බවට  පෙත්සම්කරුවන් ගෙන එන තර්කය සලකා බැලීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33,62,70 සහ 101 යන වගන්ති එක්ව කියවිය යුතු බව ජනාධිපති නීතීඥ අලි සබ්‍රි මහතා විනිසුරු මඩුල්ලට පෙන්වා දුන්නේය.

කොවිඩ් 19 අසාධිතයින් ලක්ෂ 04ට වැඩි සංඛ්‍යාවක් සිටින බ්‍රසීලය, කොවිඩ් ආසාධිතයින් එක්ලක්ෂ අසූදහසකට වැඩි සංඛ්‍යාවක් සිටින ප්‍රංශය මෙන්ම කොවිඩ් අසාධිතයින් ලක්ෂ දෙකකට වැඩි සංඛ්‍යාවක් සිටින මහා බ්‍රිතාන්‍යයද කොවිඩ් මර්දනයට නව නීතී සම්මත කර ඇති බව ජනාධිපති නීතීඥවරයා පවසා සිටියේය.

අතරමැදි පෙත්සම්කරුවන් වැඩිදුර කරුණු දැක්වීම හෙට පෙරවරු 10ට යළි ආරම්භ වීමට නියමිතය.

 



අදහස් (0)

මැතිවරණ දිනයට එරෙහි පෙත්සම් 8 වැනි දිනටත් සලකා බැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 378 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 105 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 792 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site