වෙනස් දේශපාලන මතවාදයන් කොතෙක් තිබුණද ඒ සියල්ල පසෙක ලා මැතිවරණ කල්දැමීමට එරෙහිව සටන්කිරීමට ඔනෑම කෙනෙකු සමග වාඩිවීමටය සුදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමිනි. ඔහු කතාව කරන අවස්ථාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද පාර්ලිමේන්තුවට පැමිණියේය.
ප්‍රජාතන්ත්‍රවාදීව ආණ්ඩුව මැතිවරණය ලබා නොදෙන්නේ නම් මහ පාරේදී මෙම ප්‍රශ්නය විසඳා ගැනීමට කටයුතු කරන බවද, ඒකබද්ධ විපක්ෂය ඇතුළු ඔනෑම පක්ෂකයක් සමග එක්ව මැතිවරණය දිනාගන්නා බව ද අනුර කුමාර දිසානායක මහතා කීවේය.
‘‘ජනතාවගේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂාගැනීම වෙනනුවෙන් ජනාධිපතිවරයාට විශේෂ වගකීමක් තිබෙනවා. පළාත් පලන මැතිවරණයට අවශ්‍ය පනත් හදන්න විශේෂ පාර්ලිරමේන්තු සැසිවාරයක් පවා කැදව්වා. නමුත් මේ මැතිවරණය කල්දාන්න ෆයිස්ර් මුස්තාෆා ඇමතිවරයා සැලසුම්කළා. ඒ කාගේ උවමනාවක් මතද කියා කියන්න මම දන්නේ නැහැ.
මොකද මේ මැතිවරණය පැවැත්වුවොත් ශ්රී.ලංකා නිදහස් පක්ෂයේ සැබැ ජනවරම එළදරව් වෙයි කියන බය ජනාධිපතිවරයාට තිබෙනවා. ලක්ෂ 62 ක ජනවරමින් බලයට පත්වුණ ජනාධිපතිවරයා මේ කුඩා මැතිවරණ ප්රනතිඵලයකින් එම ජනවරම ගැන මැන බැලීම කරන්න බැහැ. එය බලන්න පුළුවන් තවත් ජනාධිපතිවරණයකදී පමණයි. ඒනිසා වැරදි මතයක නොසිට වහා මැතිවරණයකට යා යුතුයි.
මේ මැතිවරණය කිසිසේත් නොපැවත්වීමට උවමනාවක් තිබුණා. එකයි මේ නඩුව ගෙනාවේ. නමුත් මේ නඩුවේ ප්රුධාන පාර්ශවයක් ලෙස නම්කර තිබෙන ඇමතිවරයා නඩුව අසන දවසේ රටෙත් නැහැ. මේ ඇමති ඉල්ලා අස්විය යුතුයි. ‘‘
COMMENTS
ජේ වී පී කාරයන්ගේ බොරු බයිලා. ඩීල් දානවා. බොරුවට ජනතාව වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලනවා.
අපි දන්නවා ඔයගොල්ලෝ ඕනෑම කෙනෙක් එක්ක වාඩිවෙන්න ලෑස්තියි කියල. එක පාරක් චන්ද්‍රිකාත් එක්ක වාඩි උනා. තව පාරක් මහින්ද එක්ක වාඩි උනා. ගිය පාර රනිල් ,මෛත්‍රි එක්ක වාඩි උනා. මේ පාර කාවද බලාපොරොත්තු වෙන්න.ඉතුරුවෙලා ඉන්නේ සම්බන්දන් තමයි.
කමෝන් ජවිපෙ. දැන් සයිටම් ප්‍රශ්නය ඉවර නිසා එල්ලෙන්න, මහපාරේ උද්ඝෝෂණය කරන්න තව මොකක් හරි ප්‍රශ්නයක් ඕනෙනේ. දැන් ඔය ප්‍රශ්නයවත් අල්ලගන්න. හැබැයි මේ ගොල්ලෝ මහා බැංකු වංචාව ගැන කිසිම උද්ඝෝෂණයක් මහපාරේ කලේ නැහැනේ විල්පත්තුව කපන එකට බෞද්ධ සිද්ධස්ථාන ඩෝසර් කරන එකට බියර් මිල අඩුකරපු එකට එහෙම වචනයක්වත් කතා කළෙත් නැහැනේ. මොකද තරුණ කට්ටිය අඩු මිලට බියර් බීල මතට ඇබ්බැහි වෙන එකට මෙගොල්ලොත් කැමතිද? බලාගෙනයි මේ ගොල්ලන්ගේ කට්ටියත් අඩු මිලට බියර් බීල වාහන එහෙම ලයිට් කණු වල හප්පා ගන්න බැරි නැහැ.
මේගොල්ලෝ අවුරුදු දෙකහමාරක් වැඩේ ඇදෙගෙන යන්න සපෝර්ට් කරලා . දැන් බොරු සද්ද දානවා .
ලංකාවේ මිනිස්සු කට ඇරියොත් කියන්නේ අවුරුදු 2,500ක ආඩම්බර ඉතිහාසේ ගැන. එක වැරදි නැහැ, එත් ඇත්තටම මිනිස්සු කවුරු හොද දෙයක් කරත් වැරදි දෙයක් කරත් බලන්නේ පක්ෂ පාට කන්නාඩි දාගෙන. එහෙම බලන නිසානේ බැදුම්කර කොමිසමට බනින මිනස්සුත් ඉන්නේ, සුජීව සේනසිංහ 2008 ඉදන් බැදුම්කර ගැන හොයන්න කිව්වම එකටත් බනිනවා, සයිටම්ප්‍රමිතිය හොද නැහැ කිව්වමත් බනිනවා, හොරා වුනත්, වැරදි කරලා තිබුනත් මිනිහෙක් ඇත්ත කියනකොට ඒ කියන්නේ මොකද්ද කියල බුද්ධිමත් මනුස්සයෙක්නම් තේරුම් යන්න ඕන, ඒක තමයි අවුරුදු 2,500ට කලින් ඉදපු මිනිඉස්සු අංගුලිමාල පිරිත ඇහුවේ, කියන්න ගත්තේ, එත් අද ඉන්න අර්ධ සිංහල, කවලම් වෙලා මිශ්‍ර වෙලා ජාන විකෘතිවෙලා හැදුන වර්තමාන සිංහලයා තාමත් අනුන්ගන කේලම් කියකිය අනුන්ට ඉරිසියා කරකර කුහක විදියට ඉන්නකොට ලොකු ඉතිහාසයක් නොතිබුන රටවලුත් අපිව පහුකරගෙන වේගෙන් ඉදිරියට ගිහින් දියුණු වෙලා තියෙන්නේ, මිනිස්සුනේ පත්තරේක තියෙන ප්‍රවුර්තියක්වත් මධස්ථ විදියට බලන්න පුරුදු වෙනවනම් හොදයි, හැම දෙයක් ගැනම, හැම ආගමක් දහමක් ගැනම මධ්‍යස්තව බලන්න ඔබගේ පැත්තෙන් වගේම ඔවුන්ගේ පැත්තෙනුත් බලන්න.............