IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මැතිවරණය පවත්වන්නැයි ජිඇල් පිරිස්ගෙන් ලිපියක්

(හර්ෂණ තුෂාර සිල්වා)
 
නැගෙනහිර, උතුරු මැද සහ සබරගමු යන පළාත්වල පළාත් සභා මැතිවරණය කල් දැමීමට ඇතැම් පිරිස් උත්සාහ කරමින් සිටින බවත් ඊට ඉඩ නොදී නියමිත පරිදි මැතිවරණ පවත්වන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා නීතිඥවරයකුගේ මාර්ගයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට ලිපියක් යොමු කර ඇත.
 
මේ වසරේ සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවලදී නැගෙනහිර, උතුරු මැද සහ සබරගමු පළාත් සභාවල කාලය ඉකුත් වීමට නියමිත බවත් ඉන් අනතුරුව නිශ්චිත පරිදි මැතිවරණ පැවැත්විය යුතු බවත් මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා නීතිඥවරයා මාර්ගයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට දන්වා තිබේ.
 
මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් වන ආචාර්ය නලින් අබේසේකර, මහාචාර්ය රත්නජීවන් හූල් යන මහත්වරුන්ට ද එම ලිපියේ පිටපත් යොමු කර තිබේ. 
 
මැතිවරණ කොමිෂම සතුව තිබෙන ව්‍යවස්ථාදායක බලය භාවිත කරමින් නියමිත පරිදි මැතිවරණ පැවැත්වීමට කටයුතු කරමින් රටේ මහජනතාවගේ අයිතිය සුරක්ෂිත කරන්නැයි ද එම ලිපිය පීරිස් මහතා ඉල්ලා ඇත. 
 
මහාචාර්ය ජී.එල් පීරිස් මහතා වෙනුවෙන් දිවුරුම් කොමසාරිස්, සමාගම් ලේකම් නීතිඥ යජීෂ් තෙන්නකෝන් මහතා මෙම ලිපිය යොමු කර තිබේ. 



අදහස් (1)

මැතිවරණය පවත්වන්නැයි ජිඇල් පිරිස්ගෙන් ලිපියක්

Wasantha Wednesday, 26 July 2017 12:01 PM

මෙයාලා භයයි ඒ නිසා තියන්නෑ

:       1       101

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 150 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 766 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 374 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site