(මුදිතා දයානන්ද)
පළාත් පාලන සීමා නිර්ණ ගැසට්ටුව අවලංගු කරන ලෙස ඉදිරිපත් කර තිබෙන පෙත්සම 30වැනිදා වන විට ඉවත් කර ගැනීමට අදාල පාර්ශ්වයන් කටයුතු නොකළහොත් මැතිවරණය දිනාගැනීම වෙනුවෙන් ඉදිරි සතියේ කොළඹදී දැවැන්ත උද්ඝෝෂණයක් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා අද (28) පැවසීය.
පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ කාර්යාලයේදි පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු එසේ කීය.
‘‘පළාත් පාලන මැතිවරණය පැවැත්විම වසර දෙකහමාරක් වැනි කාලයක් ඇදි යාමට නව මැතිවරණ ක්‍රමය ඇති කිරිම හා සීමා නිර්ණ කටයුතු ප්‍රමාද වීම බලපෑවා. ඊටත් වඩා එයට බලපෑවේ ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙකම මැතිවරණයට මුහුණ දීමට දැක්වු බයයි. ගමට යන්න තරම් වැඩක් කර නැති නිසා එක්සත් ජාතික පක්ෂයත් ගමට ගිහින් ජනමතය විමසන්න බය වුණා. ඇත්ත ජනමතය රට දැන ගන්නවාට බය මෛත්රීපිලටත් දැන් අවශ්‍ය වන්නේ මහමැතිවරණයේදි මෙන් නැවත මහින්දට මුවාවෙලා ඒ ජනමතය වසන් කරගන්නයි. ඒ සඳහා වන සාකච්ඡා අවසන් වන තෙක් තමයි මේ කල් ගන්නේ‘‘ යැයි ද ඔහු කියා සිටියේය.
‘‘සීමානිර්ණ ගැටලූව බලපා නැති ආයතන 133න් 40ක තිබු සුළු දෝෂ නිවැරදි කර ජනාධිපතිගේ අත්සන ගන්න යොමු කර තිබුණත් එය මේසය මත තබා ජනාධිපති කොරියා ගිහින්. අධිකරණයේ ඇති නඩුව ඉවත් කරගන්නා ලෙස තමන්ගේ හෙංචයියන්ට කියන්න කියලා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශ්වයට බලකරනවා. මේක දේශපාලන ප්‍රශ්නයක් නිසා දේශපාලන ක්‍රමයකට බේරගන්න වෙනවා‘‘ යැයි ද ඔහු වැඩිදුරටත් කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට හරි ආසයි මීළඟ මැතිවරණයේ ජවීපෙ ලබා ගන්න ඡන්ද ගාන දැනගන්න.
අලියෙක් හොදටම තරහ ගිහින් කැලේ ගස් පෙරලමින් යනකොට කටුස්සෙකුත් ගහක් උඩ ඉදලා අර පෙරලපු ගස් උඩට පොඩි ගහක දල්ලක් කඩල දාල කියුවලු " පේනවා නේද අලින්ගෙයි අපයෙි වැඩ කියලා" කියල. මේ ඊයේ පෙරේද වෙනකම් ආණ්ඩුව කොහොමහරි ඇදගෙන යන්න පුළුවන් තරම් දර දිය ඇද්ද. දැන් ඒවා ඔක්කොම වැරදිලා වැඩේ ගැස්සෙන්න යන්නේ කියල දැනගෙන මැතිවරණ වෙනුවෙන් සටනේ අයිතිය ගන්න හදනවා. ඔන්න හැටි. "වැල යන අතට මැස්ස ගහනවා" කටුස්සා වගේ පාටත් මාරුකරගෙන පොඩි දල්ලක් කඩල දාල මුළු කැලේම පෙරලුවේ අපි කියන්න හදන්නේ.
මෙතුමා වස්ත්‍ර ඇඳගෙනද දන්නේ නැහැ මේ ප්‍රකාශ කරන්නේ. පළාත් සභා ඡන්දය කල් දාන්න එජාපෙ. එකත් එක්ක ඡන්දේ දීල දැන් ජනතාව නොමග යවන්න විකාර කියවනවා.....
මෙයාලා හරියට දිනන්න වගෙ.. ඔබතුමන්ලා පළාත්සභා ක්‍රමේට විරුද්දයි නේද?
මෙයාලට එදා ඉදන් පුරුදු මෙච්චරයි නේ..............
මෙපමණ කල් කරපු උද්ගෝෂණ මොනවාද? තමන්ගේ වාසියට පමණයි උද්ගෝෂණ. මහජනයාගේ වාසියට උද්ගෝෂණ නැත. බලමු බලමු කරන උද්ගෝෂණ.
අපිට ඉන්නේ ජවිපෙ පමණි. වෙන විසදුමක් නොමැත. මෙවර වෙනසක් වෙනවා සහතිකයි
පළාත් සභා අපට එපා කියල කෑගහපු කට්ටිය නේද මේ ඡන්දෙ ඉල්ලනේ? අනේ මන්ද ලැජ්ජාවක් නැද්ද? ඕක නිසානේ ඔයාලට කවුරුවත් ඡන්දෙ දෙන්නේ නැත්තේ.
පිටිගල මිලානෝ. ඔලුවක් තියෙන අය හිටියෙත් ලංකාවේ ජේ.වී.පි. පක්ෂයට තමයි රට බාර දෙන්න ඕනා .