( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
මුතුරාජවෙල අභය භූමියට කුණු බැහැර කිරීම හෝ කුමන ආකාරයේ කසල එකතු කිරීමෙන් කොළඹ මහනගර සභාව ඇතුළු බලධාරීන් වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) තීන්දු කළේය.
ඒ අනුව ලබන සැප්තැම්බර් 21 වැනිදා තෙක් මෙම අතුරු නියෝගය බල පැවැත්වේ.
මුතුරාජවෙල අභය භූමියට කුණු බැහැර කිරීම , වැලි ගොඩ දැමීම , පස් කැණීම ,පිරවීම හෝ කුමන ආකාරයෙන් හෝ කසල රැස්කිරීමෙන් කොළඹ මහනගර සභාව හා එහි නාගරික කොමසාරිස් ඇතුළු බලධාරීන් පිරිසක් වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම අද (03) කැඳවූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය යළිත් දීර්ඝ කළේය.
මුතුරාජවෙල අභය භූමියට කසල බැහැර කිරීමට එරෙහිව වත්තල ප‍්‍රදේශවාසීන් කිහිපදෙනෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අගවිනිසුරු බුවනෙක අළුවිහාරේ , සිසිර ද ආබෲ සහ අනිල් ගුණරත්න යන මහත්වරුන්ගෙන් යුතු ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.
පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම ලබන සැප්තැම්බර් 21 වැනිදා කිරීමට ද තීන්දු කරන ලදී.
2025 දෙසැම්බර් මස 04
567
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
494
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
423
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මුතුරාජවෙලට කුණු දැමීම-අතුරු තහනම දිගු කෙරේ