(අජන්ත කුමාර අගලකඩ)
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය අද (10) තීරණය කර ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ සම්බන්ධයෙන් අද (10) ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරම් පිටුපස මත්ද්‍රව්‍ය වැරදිවලට මරණ දඬුවම් හිමි වු ජාවාරම්කරුවන් ද සිටින බැවින් මරණ දඬුවම යළි ක්‍රියාත්මක කළ යුතු බවට සම්බන්ධයෙන් දැඩි බලපෑමක් තමන්ට එල්ල වී ඇතැයි ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ දී ප්‍රකාශ කර ඇත.
මේ තත්වය මත මරණ දඬුවම් ක්‍රියාත්මක කිරීමට සිදුව ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ අවස්ථාවේ ඇමැතිවරුන් ද අත් ඔසවමින් ඊට අනුමැතිය පළකර ඇතැයි වාර්තා වේ.
මත්ද්‍රව්‍ය ජාවාරම්වලට වැරදි කරන්නන් වී මරණ දඬුවම නියමව බන්ධනාගාර ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ නාම ලේඛනයක් ඇතුළත් සම්පුර්ණ වාර්තාවක් තමාට ලබා දෙන්නැයි ජනාධිපතිවරයා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනී තලතා අතුකෝරල මහත්මියට එහිදී දැනුම් දී ඇත.
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් නමගිය ජාවාරම් කරන්නන් 19 දෙනෙකු පිළිබඳ තොරතුරු තමාට ලැබී ඇතැයි ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.
මත්ද්‍රව්‍ය ජාවාරම්වලට වැරදිකරුවන් වී මරණ දඬුවම නියම වී ඇති ජාවාරම්කරුවන් හෙරෝයින් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙය වන බවට තොරතුරු ලැබී ඇතැයි පවසා ඇති ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය උවදුරෙන් සමාජය බේරා ගැනීම සඳහා මරණ දඬුවම අකමැත්තෙන් වුවද ක්‍රියාත්මක කරන්නට තමාට සිදුව ඇතැයි පවසා ඇත.
COMMENTS
හෙට වෙද්දී අකුලගනී අපිට විස්වාස නෑ
කාලෝචිත තීරණයක්, හොදයි.
කාලෙකට පස්සේ හොද තීරණයක් අපේ දරුවන් වනසන පාතාලයන්ට මුදල් සපයන මේ කුඩු වසංගතය අපේ රටින් තුරන් කරන්න නම් හොද ලොකු ජාවාරම් කාරයෝ දෙතුන්දෙනෙක් එල්ලන්න ඕනේ එකට් කාටවත් පාපයක් නැහැ
අපි ඉතා ඕනෑකමින් බලාගෙන ඉන්නවා එල්ලා මරපු පළවෙනියගේ නම අහන්න.
අපේ ජනාධිපතිතුමා ගැන පුදුමයි. ඒත් ඇත්තයි. ඔය වගේ හොරැ ටිකටත් මොනවා හරි ඉවරයක් කළා නම් ඊළඟ ජනාධිපතිවරයාත් මේතුමා බව සිකුරැය.
ඇයි මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් විතරක්.. අධිකරණයකින් කිසියම් පුද්ගලයෙකුට මරණ දණ්ඩනය නියම කරන්නේ, කරන ලද වරදේ බැරෑරුම්කම මතයි. සමාජයට පිළිලයක් බඳු පුද්ගලයින් සමාජයෙන් ඉවත් කරන්නත්, එවැනි වරදවල් වලට අනෙකුත් පුද්ගලයින් නොපෙලබෙන්නන්. ඒ නිසා ස්ත්‍රී දුෂකයින්, ඉතාමත් කුරිරු විධියට විවිධ ඝාතන ක්‍රියාත්මක කරන්නන්, පාතාලයේ සාමාජිකයන්, කුලියට මිනීමරන්නන් ඇතුළු සියලුම "අපරාධකරුවන්" මේ සමාජයෙන් ඉවත් විය යුතුව ඇත. ඒ වෙන කිසිවක් නිසා නොව, සාමයෙන් සමාදානයෙන් ජීවත් වීමට අනෙක් මහජනතාවට අවස්තාව සලසාදීමටය.
මරණ දඩුවම හිමි සියල්ලටම මරණ දඩුවම ලබා දිය යුතුයී යන්න අපගේ විශ්වාස. කුමන හෝ හේතුවක් නිසා එසේ කරන්න ජනාධිපතිවරයා අකමැතිනම් මත් ද්‍රව්‍ය වැරදී හා සංවිධානාත්මක මනුශ්‍ය ඝාතන (පාතාල මිනි මැරුම්) වලට සම්බන්ධ විත්තිකරුවන්ටද මරණ දඩුවම ලබා දීම කෙරෙහි අවධානය යොමු කල යුතු යයී අපි ඉල්ලා සිටිමු.
බොහෝ කාලයකට පෙර ගතයුතුව තිබු තීරණයක්. ඉතා හොඳයි.
දැනටත් පරක්කු වැඩියි. පෙර තිබුණ කිසිම රජයකට කරන්න බැරි වුණ දෙයක්. ඉතාමත් අගය කල යුතු තීරණයක්. වහාම ක්‍රියාත්මක කල යුතුයි මහ බැංකු ගනුදෙනුව වගේ කල් මරන්නේ නැතුව. සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දුනීසියාව වගේ රටවල් වලට විදේශිකයා රටේ මිනිහ කියල වෙනසක් නැහැ මත් ද්‍රව්‍ය උවදුරට මරණ දඩුවම දෙන්න හැකි නම් අපිට බැරි ඇයි. මානව හිමිකම් ගැන කතාකරන එන්ජීඕ ඩොලර් කාක්කන්ගේ බස් වලින් ජනතාවට හෝ රටට වැඩක් නැහැ.
මේක ඇත්තටම සිදු වුනොත් මම නැවත වරක් මෛත්‍රිපාල ජනාධිපතිතුමාට ඡන්දය ලබා දෙනවා.
ඔය වාර්තාව තලතා මැඩම් ගෙන් මේ කපේට ලැබෙන්නේ නැහැ සර්.
හා..හා.. හොඳට කල්පනා කරල බලලද අත් ඉස්සුවෙ? නැතිනම් සිරිසේන ඕක කියන එකක් නැහැ කියන විශ්වාසෙටද? ඔතන අත් ඉස්සුව බහුතරය තමා කුඩු ගෙන්නන්නේ.
ඕක කරලා එක මත්ද්‍රව්‍ය ජාවාම්කරුවෙක්ට මරණ දඬුවම දුන්නදාට, අපි ආපහු පාරක් ඔබතුමා ළඟින් ඉන්නවා .
කාලෙකින් අහපු හොද ප්‍රවෘත්තියක්
තීරණය අගේ කරන්න ඕන. විසේශයෙන්ම හිර ගෙදර ඇතුලේ ඉන්න අයලු කුඩු ගේන්න සැලසුම් සකස්කරන්නේ. ඒ කට්ටිය කෑ ගහලද මේවා කියන්නේ? හිර ගෙදරට මොබයිල් ගිහින් දෙන්නේ අපිද. අන්න ඒ එක්කෙනෙකුට දෙන්නෙකුට තොන්ඩුව දැම්මනම් වැඩේ ගොඩ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකත් කිව්වා ඒ අයව බලන්න එන අය සිම් ගේන කතාවක්. සිම් එකක් කොහොම හරි දුන්නත් මොබයිල් තියෙන්න එපැයි.