(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)
මත්තල ගුවන්තොටුපොළ විදේශ සමාගමකට පවරන්නේ නම් එය සිදුකරනුයේ නීත්‍යනුකූල අන්දමින් මිස කොලේ වසා ගැනීමකින් නොවන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය.
මෙවැනි ගිවිසුමක් අවාට ගියාට අත්සන් කළ නොහැකි යැයි කී ඇමැතිවරයා ඒ සඳහා සිවිල් ගුවන් සේවා පනත සංශෝධනය කළ යුතුව ඇතැයි ද කීය.
ඇමතිවරයා ඒ බව පැවසුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ස්ථාවර 27 (2) යටතේ ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ඇමතිවරයා මෙසේද කීය.
මත්තල ගුවන් තොටුපළ විදේශිය සමාගමකට පැවරීම සඳහා ගිවිසුමක් අත්සන් කරනවා නම් එය ආවට ගියාට අත්සන් කරන්නේ බැහැ. මෙතැන නීතිමය ප්‍රශ්නයක් තිබෙනවා . වත්මන් සිවිල් ගුවන් සේවා පනත යටතේ අපේ ගුවන් තොටුපළක් බැවින් කොටසක් විදේශිය සමාගමකට දෙන්න බැහැ. ඒ ඒ පනත යටතේ ඒකට ඉඩක් නැහැ. පාර්ලිමේන්තුව මගින් පනත සංශෝධනය කළ යුතුයි.
මේ සඳහා අප සකස් කරන ගිවිසුම් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා. ඊට පස්සේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. එය තමා වගකීමෙන් යුතුව පවසනවා යැයි ඇමැතිවරයා කීය.
COMMENTS
ඉන්දියාව, චීනය නැතුව තව විකුනන්න රටවල් ඇත්තේම නැද්ද . හොද රටවලට දෙනවනම් අපි විරුද්ධ වෙන්න ඉස්සෙල්ලා දෙපාරක් හිතනවනේ අකමැත්තෙන්හරි.
ලෝකේ ගොඩක් රටවල් වල ගුවන්තොටුපොළවල් පාලනය කරන්නේ පුද්ගලික අංශය. ඉතින් මේ පනත සංශෝදනය කරලා කටුනායකත් පුද්ගලික අංශයට කොටසක් දෙන්න පුළුවන්.