IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මීතොටමුල්ලේ දේපල හානිවූවන්ට නීති ආධාර නොමිලේ දෙන්න නීතිඥ සංගමය සූදානම්

( තිළිණි ද සිල්වා )

ප‍්‍රාදේශීය දේශපාලනඥයින් විශාල වශයෙන් මුදල් උපයා ගන්නා මීතොටමුල්ල කුණු කන්ද නිසා ප‍්‍රදේශයේ මහජනයාට තවදුරටත් පීඩාවන් වීම වැළැක්වීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ සෘජු මැදිහත්වීමෙන් කුණු බැහැර කිරීම සම්බන්ධයෙන් නිසි ක‍්‍රමවේදයක් ඇති කළයුතු යැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ යූ.ආර්.ද සිල්වා මහතා පවසයි.

එසේම එම ව්‍යවසනයෙන් පීඩාවට පත් වූවන්ට ඔවුන්ගේ දේපළ අහිමිවීම් ,අයිතිවාසිකම් කඩවීම් සම්බන්ධයෙන් ගත යුතු නීතිමය ක‍්‍රියාමාර්ග වෙනුවෙන් අවශ්‍ය නීති ආධාර නොමිලේ සැපයීමට තම සංගමය ඉදිරිපත් වන බවද  ඒ මහතා කියයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (18) කොළඹ අලූත්කඬේ පිහිටි එම සංගම් මූලස්ථානයේදී පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
 
“මෙම ව්‍යවසනයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූවන්ට අපරාධ විධි විධාන සංග‍්‍රහය යටතේ මහජන පීඩාව යන නඩු නිමිත්ත හරහා නඩු පැවරීමේ හැකියාවක් පවතිනවා.“
“මේ ප‍්‍රශ්නය ඔඩුදිවීම වැළැක්වීමට නීතීඥ සංගමයේ සාමාජිකයෙකු වන නීතීඥ නුවන් බෝපගේ මහතා තනිවම සටන ගෙන ගිය අයෙක්.ඔහු ඉතාම උනන්දුවෙන් ක‍්‍රියාශීලීත්වයෙන් මෙම ගැටලූවට විසඳුම් සෙවීමට උත්සාහ කළත් දේශපාලනඥයින් තීන්දු තීරණ ක‍්‍රියාවට නැංවීමේ අලසකම ,නිලධාරීවාදය නිසා මෙය මහා ව්‍යවසනයක් බවට පත් වුණා.“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.



අදහස් (3)

මීතොටමුල්ලේ දේපල හානිවූවන්ට නීති ආධාර නොමිලේ දෙන්න නීතිඥ සංගමය සූදානම්

mangala welarathna Tuesday, 18 April 2017 11:27 AM

බොර දියේ මාලු බාන්නෝ

:       2       2

Deepal Nirosh Wednesday, 19 April 2017 04:47 AM

ඔයිට වඩා හොඳ නැද්ද විපතට පත් මිනිසුන්ට අත්‍යාවශ්‍ය කළමණා ටික්ක පරිත්‍යාග කළා නම්?

:       1       0

hafeel Wednesday, 19 April 2017 09:23 AM

කෙසේ වෙතත් මේක අගය කල යුතුයි. රජයේ වෛද්‍ය නිලදාරීන්ගේ සංගමයට වධා නීතිඥ සංගමය හොඳයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 94 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 898 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site