( ප්රසාද් මුතුකුඩ)
මීතොටමුල්ලේ කුණු ටොන් 300 පමණ ප්රමාණයක් රැගත් රථ (ඩ්රම්ට්රක්) ජාඇල පමුණුගම ප්රදේශයට පැමිණ කුණු බැහැර කිරීමට සූදානමක් ඇතැයි ලද තොරතුරු මත එය වළක්වාලීමට ප්රදේශවාසීහු අද (20) දෑලතුර ඇල ඉවුර සිට බලාසිටි නමුත් පස්වරු 2.00 වනතුරුත් කුණු රැගත් රථ නොපැමිණියේය.
මීතොටමුල්ල කුණු පමුණුගමට ගෙන ඒමට ගම්මුන් ඉඩ නොදීමෙන් කිසියම් උණුසුම් තත්ත්වයක් හටගතහොත් එය පාලනය කිරීමට මීගමුව පොලිස් කොට්ඨාසයෙන් නිලධාරින් සිය දෙනකු පමණ සීරුවෙන් තබා තිබු බව ද වාර්තා විය.
COMMENTS
මේ ආණ්ඩුව හරියට කරපු සහ කරන එක දෙයක් කවුරුහරි පුලුවන්නම් පෙන්නන්න.
කොළඹ කුණු ටික පාලනය කරගන්න බැරි මේ අය කොහොමද රටක් පාලනය කරන්නේ? යුද්දේ තියෙන කාලෙක නම් මේ අය මොනා කරගනියිද කියලා හිතාගන්න වත් අමාරුයි. අනේ අපොයි කරගත්ත වෙනසක මහත.
අනගැනිල්ලේ ඉවරයක් නෑ වගේ. ආණ්ඩුව කරන්නේ කවුද, මොනවද කරන්නේ කියල දෙවියෝ තමයි දන්නේ. මේ විදිහට ගියොත් නම් නන්නත්තාරයි.
අර කිව්ව විදිහට ඔය කුණු කන්දල් ටික එකතුවිය යුත්තේ කුණු තියෙන තැනටමය. ඊට සුදුසුම තැන දියවන්නාව හැර වෙන කොයි කොදෙව්වක්ද? පොලොන්නරුවත් හොඳයි විකල්පයක් විදිහට
ජා ඇල-මීගමුව පැත්තේ හා පිටපලාත්වල උන් කොළඹ ආවට කමක්නැහැ හැබැයි ටොපි කොලයක් හරි දාල අහුවෙන්න එපා. කොළඹ කුණු කොළඹට කළමනාකරණය කරගන්න පුළුවන්. බලහල්ලකෝ කොළඹ තිබුන සනීපය අවුරුද්ද දවස්වල.