IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මත්කුඩු ග්‍රෑම් 57 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

(ජයන්ත සමරකෝන්)

මාතර මහධිකරණය අසලදී සැකකටයුතු යතුරු පැදියක් පරීක්ෂා කිරීමේදී මත්කුඩු ග්‍රෑම් 57 ක් සමඟ සැකකරුවෙකු අද (09) අත්අඩංගුවට ගත්බව මාතර පොලිසිය පැවසීය.

එම යතුරු පැදිය මාතර බන්ධනාගාරයේ සේවය කරන කාන්තා සැරයන්වරියකගේ බවට තොරතුරු ලැබී ඇතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම යතුරු පැදිය කොළඹ පොලිස් ස්ථානයක සේවය කරන සිය සැමියාගේ නමින් ලියාපදිංචි කර ඇති බවත් ඊයේ (08) එම යතුරු පැදිය සේවා කටයුතු සඳහා සිය සැමියාට භාරදී ඇති බවත් එම සැරයන්වරිය බන්ධනාගාර නිලධාරීන් හමුවේ පවසා ඇතැයි ද දැනගන්නට තිබේ.

මේ පිළිබඳව මාතර පොලිසියෙන් විමසුවවිට පවසා සිටියේ සැකකටයුතු යතුරු පැදිය බන්ධනාගාර සැරයන්වරියට අයත් බවට තොරතුරු ලැබී නැති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.



අදහස් (0)

මත්කුඩු ග්‍රෑම් 57 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1051 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site