සිතුම් චතුරංග සහ රොමේෂ් මධුශංක)
එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් නිෂ්පාදනය කරන ලද පුපුරන ද්‍රව්‍ය තොගයක් වවුනියාව මුණ්ඩිමුරුප්පුව ප‍්‍රදේශයේ ඉඩමක සඟවා තිබියදී අද (13) සොයාගත් බව වවුනියාව පොලිසිය පවසයි.
වගා කිරීම සඳහා භූමිය සකස්කරමින් සිටි ගොවියකුට මෙම පුපුරන ද්‍රව්‍ය හමුවී ඇති අතර ඔහු වවුනියාව අපරාධ විමර්ශන ඒකකය වෙත මේ බව දන්වා තිබේ.
ඉඩමෙහි තිබී අත්බෝම්බ ලෙස සකසා තිබූ පුපුරන ද්‍රව්‍ය බහලූම් තුනක් සොයාගත් බවද පොලිසිය කියයි.
ප්ලාස්ටික් ආවරණවලින් සකසා අත්බෝම්බයකට සමාන ලෙස සකස් කර ඇති ඒවා පසුගිය යුද සමයේ ආරක්ෂක අංශවෙත ප‍්‍රහාර එල්ලකිරීම සඳහා බහුලව භාවිතාකරන ලදැයි වවුනියාව ආරක්ෂක අංශ නිලධාරීහූ පෙන්වාදෙති.
සොයාගත් පුපුරන ද්‍රව්‍ය පිළිබඳ වවුනියාව මහෙස්ත‍්‍රාත් අධිකරණ නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් නිෂ්ක්‍රීය කරනු ලැබීමට නියමිතය.
(ඡායාරූප-සිතුම් චතුරංග)


(ඡායාරූප-රොමේෂ් මධුෂංක)


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.