IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මැණික් ගැරූ හිටපු මන්ත්‍රී ඇතුළු 15 ක් අත්අඩංගුවට

 

 

                               

ක.ග කරුණාරත්න

 

අංගම්මැඩිල්ල ජාතික වනෝද්‍යානයට අයත් අඹන්ගඟේ නීතිවිරෝධී ලෙස මැණික් ගැරීමේ ජාවාරමක යෙදී සිටි බව කියන සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු සහ වනජීවී දෙපාර්තමේන්තුවේ නියාමකවරුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 15 දෙනෙකු අද (17) අලුයම අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 

වනජීවී නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතාට ලැබුණු තොරතුරක් මත මහ වනය මැද සිදුකළ පැය 10 ක පමණ මෙහෙයුමකින් පසුව මේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් සතුව මැණික් ගැරීම සඳහා උපයෝගී කරගන්නා ගැරුම් වට්ටි, ඉල්ලම් කූරු, කිමිදුම් කට්ටල, ඔක්සිජන් සිලින්ඩර්, ගෑස් සිලින්ඩර් යනාදිය තිබූ බව ද පොලීසිය කියයි.

සැකකරුවන් පැමිණි බව කියන ඩබල් කැබ් රථයක්, නවීන පන්නයේ මෝටර් රථයක් සහ වෑන් රථයක්ද පොලිස් බාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා ඇහැලියගොඩ, එල්ලාවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වනජීවී නියාමකවරුන් දෙදෙනාගෙන් එක් අයකු යාල ජාතික වනෝද්‍යානයේ සේවය කරන බවත් අනෙක් වනජීවී නියාමකවරයා අංගමැඩිල්ල ජාතික වනෝද්‍යානයේ රාජකාරී කරන බවත් අනාවරණය වී ඇත.

සෙසු සැකකරුවන් පිරිස කොළඹ සහ අවිස්සාවේල්ල අවට පදිංචිකරුවෝ වෙති. 



අදහස් (0)

මැණික් ගැරූ හිටපු මන්ත්‍රී ඇතුළු 15 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 638 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site