IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


මඩු රක්ෂිතය තුල නීති විරෝධී අන්නාසි වගාවක්

ප්‍රියංකර ජයසිංහ   
 
මන්නාරම මඩු රක්ෂිතය තුල නීති විරෝධී ලෙස වනය විනාශ කරමින් අක්කර 40 කට ආසන්න ප්‍රමාණයක වසර ගණනාවක සිට  අන්නාසි වගාවක් අරම්භ කර ඇති බව පරිසර වේදීන් චෝදනා කරති .
 
මන්නාරම මඩු පාර වනජීවි අභය භුමිය ආසන්නයේ පිහිටි මඩු රක්ෂිතය  වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවට අයත් අක්කර 93828 ක  රක්ෂිතයකි.මඩු රක්ෂිත තුළ මාර්ග ඉදිකරමින් කම්බි ගසා කොටු කර අවසරයකින් තොරව අන්නාසි වගාවක් අරම්භ කර  ඇත්තේ වන සංරක්ෂණ අණපනත් සම්පූර්ණයෙන් උල්ලංඝණය කරමින් බවද කියයි. 
 
බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් එළි පෙහෙළි කළ අක්කර 40 ආසන්න භුමියේ අන්නාසි වගා කර ඇති අතර පොල් වගා කිරීමට ද සූදානමක් ද ඇති බව සඳහන් වේ.
 
කෑලෑව තුළ මෙම අන්නාසි වගාව ආරම්භ කර ඇත්තේ ආයෝජන මංඩලය මගින් ක්‍රියාත්මක කාබනික අන්නාසි වගාවක් සිදුවන බවට විශාල පුවරුවක්ද සවි කරමිනි . මෙම අන්නාසි වගාව ඊශ්‍රායල් ජාතික ව්‍යාපාරිකයකු සිදු කර ඇති බවටද තොරතුරු ලැබි තිබේ .

 



අදහස් (10)

මඩු රක්ෂිතය තුල නීති විරෝධී අන්නාසි වගාවක්

erdi Thursday, 28 December 2017 01:08 PM

පොට්ටයොද ලංකාවේ ඉන්නෙ?ගමේ කෙල්ලන්ගෙ හැම හත්හිලව්වක්ම ක්ෂණයකින් ගම වට්ටේට පතුරවන එව්වන්ට අවුරුදු ගානක් අක්කර හතලික අන්නාසි වගාව පෙනුනෙ නෑ.නිල්ලට තියන රූස්ස වනාන්තරයක් පිටරැටියෙක් විනාශ කලේ අමන දේශපාලන හස්තයකින්ද?එහෙනම් මේ චන්දෙ කාලේ වැහි නැති හෙන වැදියන්..

:       0       367

daya Thursday, 28 December 2017 01:28 PM

දෙය්යො දනී මං නොදනී.

:       0       153

ලාංකිකයා Thursday, 28 December 2017 01:59 PM

බොහෝවිට සිදුවන්නේ පොල්වගා ඉඩම් අවුරුදු දෙකකට අන්නාසි සඳහා බදු දීමයි . පළමුව අන්නාසි වගාකර පොල් සිටුවීම කරනතුරු අදාළ බලධාරීන් නිදාගෙන සිටියාද දන්නේ නැහැ.ලංකාවේ නොවන විදේශිකයෙකු මෙවැන්නක් කරනතුරු පුදුම වීමට දෙයක් නොවේ. වායු කොම්පැනියේ සභාපති වුනෙත් විදේශිකයෙක් නොවැ

:       0       141

Raveendra Thursday, 28 December 2017 03:37 PM

ඔය නිලදාරී කියන අය ටිකක් ඉන්නවා නේද අපේ බදු මුදල්වලින් එදා වේල කන ඒ අයත් නිදාගෙනද හිටියේ ????

:       2       86

asiri Thursday, 28 December 2017 03:56 PM

අපරාදේ ප්‍රභාකරන් මරලා දැම්මේ

:       1       30

kamal suriyaarachchi Thursday, 28 December 2017 05:52 PM

වහාම ඔහුව රටෙන් පැන්නිය යුතුයි...

:       0       86

Nandalal DE SILVA - France Thursday, 28 December 2017 07:10 PM

කොමිස්කාරයෝ එක්ක හාදවෙලා පිටරැටියා කරපු මේ පරිසර විනාශය වහාම නැවැත්විය යුතුය. බැකෝ දමල හදපු අන්නාසි වත්ත බැකෝ දාලම ගලවා විනාශ කරන එකයි තියෙන්නේ ! රට කාපු මේ පිටරැටියා ගුවන් ගතවීමට ඉස්සර අල්ලා නඩු දමා කූඩු කරන්න. එයට උල්පන්දම් දීලා කොමිස් කාපු අපේ රටේ අයටත් අමතක නොවන විදියේ දඬුවම් දීමට රජය උත්සුක විය යුතුය.

:       0       1

rocky Friday, 29 December 2017 12:48 AM

ලාංකිකයෝ, " ලෝකෙන් උතුම් රට ලංකාවයි, සිරි ලංකාවයි. අපෙ නිජ භූමිය ලංකාවයි!"

:       0       0

රංග Friday, 29 December 2017 03:00 AM

පිස්සුද? ඒ කැලේ තියෙන විල්ලුවෙ වල් පැළ වෙනුවට අන්නාසි ඉබේ පැළ වෙලා. ඇයි මොකෝ වෙන්න බැරිද? ඔය කැළේ හැදෙන අඹ "වල් අඹ" වගේ " වල් අන්නාසි"...

:       0       172

pitigala Friday, 29 December 2017 05:36 AM

පරිසර ඇමතිකම තමන් යටතේ තියා ගන්න ඕන කියමින් මේ වෙන්නේ මොනවාද? මේවා ජනාධිපති වරයා දන්නේ නැත්නම් ඔහු වහාම ඒ ඇමති ධුරයෙන් ඉල්ලා අස් විය යුතුයි.මේ ආණ්ඩුව යටතේ බරපතල පරිසර විනාසයක් සිදු වෙමින් පවතී.එක පැහැදිලි කරුණක්.

:       74       238

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1682 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1416 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 504 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site