IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


මඩාටුගම දැරියට ජාතික පාසලක් සමඟ නිවසක්

 

(රංග චතු)

නිරාහාරව පාසල් පැමිණ සිටියදී වමනය කිරීම නිසා, ගැබ් ගෙන ඇතැයි පවසමින් පාසලෙන් ඉවත් කරන ලද කැකිරාව මඩාටුගම ප්‍රදේශයේ සිසුවිය අද (6) සිට අනුරාධපුර නගරයේ ජාතික පාසලක් වන අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වී  අධ්‍යාපනය ලබා ගැනීම සඳහා අවස්ථාව ලැබී තිබේ.

කාන්තා හා ළමා කටයුතු ඇමැතිනි චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියගේ නිවෙසේ දී මෙම දැරියගේ ඉගෙනීම් කටයුතු සඳහා අවශ්‍ය පොත්පත්, පාසල් උපකරණ තොගයක් හා කුලී වැඩ කරමින් ජීවත් වන දෙමව්පියන්  වියළි ආහාර ඇතුළු භාණ්ඩ තොගයක් ද පරිත්‍යාග කෙරිණි. මීට අමතරව එම දියණිය ජීවත් වු කටුමැටි නිවස වෙනුවට අංග සම්පුර්ණ නිවසක් ඉදිකර දීම සඳහා කටයුතු කර ඇති බවද එහි දී අනාවරණය කෙරිණි.

මෙම අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දැක්වු  කාන්තා හා ළමා කටයුතු ඇමැතිනි චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය මෙසේ පැවසීය.

එම පාසලේ විදුහල්පතිනිය ගත් ක්ෂණික තීරණයක් නිසා මෙම දරුවාට විශාල හානියක් සිදු වූවා. ඒ හරහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ කාරියවසම් මහතා අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිබෙන ප්‍රධානම පාසලට මේ දරුවාට ඇතුළත් වීමට අද (6) ඉඩ සලසා දී තිබෙනවා. අධ්‍යාපන කටයුතු කරගෙන යාම සඳහා නේවාසික පහසුකම් හා ශිෂ්‍යාධාරයක් ද ලබා දී තිබෙනවා. මේ දියණියගෙන් මා ඉල්ලීමක් කර සිටින්නේ, හොදින් අධ්‍යාපන කටයුතු වල නිරත වී ශක්තිමත් අධ්‍යාපනයක් ලබා රටට වැඩදායි පුරවැසියකු වන්න කියාය. මා සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාට කතාකර මෙම දැරියගේ නිවස අංග සම්පුර්ණ නිවසක් ලෙස ඉදිකර දෙන්න මේ වන විට කටයුතු සූදානම් කර තිබෙනවා.

රජයක් විදියට මෙවැනි තත්ත්වයන් පිළිබඳව ක්ෂණිකව අපව දැනුවත් කළේ මාධ්‍යයි.  ඒ නිසා ජනමාධ්‍යයට ද මේ අවස්ථාවේ දී මා ස්තූතිවන්ත වනවා. මෙවැනි තත්වයකට පැමිණිමට මේ දරුවාට වරම් ලැබුණේ මෙම පුවත මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම නිසයි.

ඒ වගේම රටේ සමස්ත විදුහල්පති විදුහල්පතිනියන් , ගුරුවර ගුරුවරියන්ගෙන් මා විශේෂ ඉල්ලීමක් කරනවා. මේ වගේ අවස්ථා වලදී මේ ආකාරයෙන් ක්ෂණික තීන්දු තීරණ ගන්න එපා කියා. මේ අපි හැමෝගෙම දරුවෝ. ඒ පිළිබඳව කරුණු සොයා බලා අවශ්‍ය තීන්දු තීරණ ගත යුතු වනවා. මෙවැනි සිදුවීම් නිසා දරුවන්ගේ අනාගතය සම්පුර්ණයෙන් ම විනාශ වී යනවා. එවැනි අවස්ථා පිළිබඳව ද අප දැක තිබෙනවා. කාන්තා හා ළමා කටයුතු ඇමැතිනි විදියටත්, මවක් විදියටත් මා බෙහෙවින්ම සතුටු වනවා මෙවැනි සත්කාරයකට දායක වීමට අවස්ථාව ලැබීම පිළිබඳව.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු  එම දැරියගේ මව හඩා වැළෙපෙමින් කියා සිටියේ ළමා හා කාන්තා ඇමැතිතුමිය, අධ්‍යාපන ඇමැතිවරයා ඇතුළු සියලු දෙනා මේ කළ උතුම් සත්කාරයට බොහෝ ස්තුතිවන්ත වන බවයි. මේ සියලු දේ හොදින් සිතට ගෙන හොඳ අධ්‍යාපනයක් ලබා ගන්නා ලෙසද තම දරුවාගෙන් ද මේ අවස්ථාවේ ඉල්ලා සිටින  බව ඇය වැඩිදුරටත් පැවසුවාය. 



අදහස් (13)

මඩාටුගම දැරියට ජාතික පාසලක් සමඟ නිවසක්

sachith Monday, 06 November 2017 10:50 AM

මේ සිද්දියේදී මාධ්‍ය ඉතා වගකීමෙන් කටයුතු කරා, ඉස්සරනම් ගොඩක් වෙලාවට මේ ළමයාගේ ඡායාරුප පලකරනවා. ඒ වගේ දේවල් මේ සිද්ධියේදී වුනේ නෑ. මේ වගේ අසාධාරණ වාර්තාකරණ අතරේම මාධ්‍ය සදාචාරයත් උපරිමෙන් ආරක්ෂා කරන්න.

:       0       368

Jerami Monday, 06 November 2017 10:50 AM

විදුහල්පති තුමියටටත් ගොඩක් පින්.

:       123       78

rishad Monday, 06 November 2017 10:57 AM

හද කම්පා කරවන මේ සිදුවීම, දැන් හැමදෙනාගේම සතුටට කරුණක්. ජය ශ්‍රී !!!

:       1       73

ගිහාන් Monday, 06 November 2017 10:57 AM

දැන් ලැබුණු ඉස්කෝලෙ නම දැම්මේ ඇයි.?. එතනදී ළමයා අපහසුතාවයකට පත්නොවේ කියලා සහතික වෙන්න පුළුවන්ද? අසරණ වූ ළමයෙක්ට උදව් කිරීම උතුම් දෙයක්... නමුත් වාසිගන්න ප්‍රසිද්ධ කරන්න හොඳ නෑ...

:       6       32

bombom Monday, 06 November 2017 11:54 AM

ඔය කිව්වට අලුත් නිවසක් දීල නැතිව ඇති

:       104       100

kalpa Monday, 06 November 2017 02:11 PM

එම දුවනියට පහසුකම් දුන්නටම මදි... ඇයව අපහසුවට පත්කළ සියලුදෙනාටම දඬුවම් කලයුතුය.

:       0       132

sunil Monday, 06 November 2017 03:37 PM

මේ දරුවාට සිදු වූ අසාධාරණය සොයා බලා නිසි නිවැරදි අයුරින් වාර්තා පලකල ජන මාධ්‍යට අපගේ ස්තුතිය පළකරමු. එමෙන්ම දරුවාගේ අවශ්‍යතාවය සොයා බලා නිසි විසඳුම් ලබා දුන් ගරු අධ්‍යාපන අමාත්‍යතුමාටත් කාන්තා හා ළමා කටයුතු ඇමැතිනි චන්ද්‍රානි බණ්ඩාර මහත්මියටත් අපගේ ස්තුතිය.!!!

:       0       0

ගයාන් Monday, 06 November 2017 04:06 PM

ශිෂ්‍යාවක් ඇත්තටම ගැබ් ගත්තොත් පාසලෙන් ඉවත් කරන්න පුලුවන්ද? ඉවත් කරන්න පුළුවන් නම් නිත්‍යානුකුලව ඒ නීති වෙනස් කරන එක අවශ්‍යයි. එහෙම ඉවත් කරන්න බැරි නම්, අනිවාර්යයෙන්ම එම පාසලේ පාලනාධිකාරියට එරෙහිව නිතිය ක්‍රියාත්මක විය යුතුයි.

:       0       186

නිසංසලා ජයසිංහ Tuesday, 07 November 2017 01:54 AM

මම කියන්නේ ඒ දැරිවි ගැන විතරක් නෙවේ. දුෂ්කර පලාත්වල හැම පාසලක් ගැනම බලන්න ඕනෑ. අපි දැනගත්ත එක සිද්ධියක් වුනාට මේක මෙවගේ තව සිද්ධි කොච්චර වෙනවා ඇද්ද? අඩුම තරමේ උදෙ ආහාර වේල පාසලෙන් ලබා දෙන්න පුළුවන් විදිහෙ වැඩ පිලිවෙලක් ඇති කරා නම්.

:       0       0

Rohan Kaduwela Tuesday, 07 November 2017 02:57 AM

අමාත්‍ය අකිල ඇමතිතුමාට මගේ ගෞරව මුසු ආචාරය

:       2       6

bamunuarachchi Tuesday, 07 November 2017 03:06 AM

උගන් වන සෑම කෙනාම ගුරුවරයෙක් නොවේ. ගුරුවරයා කියන පුද්ගලයා සාමජයට මිනිසුන් නිෂ්පාදනය කරන ස්ථානයක රැකියාව කරන කෙනෙකි. ඔවුන් මනා සංයමයකින් යුතුව දරුවන්ගේ මනස තේරුම් ගෙන හැකියාවන් තේරුම්ගෙන තරාතිරම තේරුම් ගෙන එක එක ළමයා ගැන වෙන වෙනම කටයුතු කරන අයයි. දැන් පාසල වල උගන්වන අය වෙන රැකියාවක නොමැති නිසා ඉගැන්වීම රැකියාවක් කරගත් අයයි. ඔවුනට දරුවන්ගේ මනස තේරුම් ගෙන හැකියාවන් තේරුම්ගෙන තරාතිරම තේරුම් ගෙන කටයුතු කිරීමේ හැකියාවක් නොමැත. එසේ තේරුම් ගත්තනම් අර අහිංසක දරුවා ගැබිනියක් කියන්නේ නැත. සමහරක් ගුරුවරු කියා ගන්න අයට ළමයින් තරම් වත් හික්මීමක් නොමැත. අනික් කාරනාව විෂය දැනගත් පමණින් එය උගන්වන්න බැරිය ඉගැන්වීම හැමකෙනාටම කල නොහැක.

:       0       0

sumith Tuesday, 07 November 2017 04:24 AM

අධ්‍යාපන ඇමති අකිල මැතිතුමාට ගොඩක් පින්, එතුමා බොහොම හොඳ නිහතමානී කෙනෙක් , මම එක හොදටම දන්නවා එතුමා අපිත් එක්ක විවෘත විශ්ව විද්‍යාලයෙත්, නීති විද්‍යාලයෙත් එකට නීතිය අධ්‍යාපනය ලැබුවා . අකිල ඇමති තුමනි ඔබට ජය!!!!

:       54       21

roshani ichihara Tuesday, 07 November 2017 02:34 PM

එම දුවනියට පහසුකම් දුන්නටම මදි... ඇයව අපහසුවට පත්කළ සියලුදෙනාටම දඬුවම් කලයුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 300 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 417 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 393 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site