IMG-LOGO

2025 මාර්තු මස 24 වන සඳුදා


මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයින් 600 කට ස්ථාන මාරුවීම්

 
( තිළිණි ද සිල්වා)

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයින් 600 කට වැඩි පිරිසකට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදීමට තීරණය කර ඇතැයි, එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නීතිඥ සුමිත් අලහකෝන් මහතා පවසයි.

තමන් සහ මේ වසරේ ජනවාරි පළමු වැනිදාට පසු සේවයට බැඳුණු අය පමණක් තවදුරටත් දෙපාර්තමේන්තුවේ රාජකාරී කරනු ඇති බවද ඔහු වැඩිදුරටත් කීය.

ජනතාවගෙන් අල්ලස් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි සලකා බලා මෙම රජය මෙම තීරණය ගෙන ඇතැයි ද  සුමිත් අලහකෝන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මේවන විට දහසකට ආසන්න පිරිසක් සේවය කරන අතර ඉන් 600 කට ආසන්න පිරිසකට මෙලෙස ස්ථාන මාරු වීම් දී ඇත.
 
 

 



අදහස් (25)

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයින් 600 කට ස්ථාන මාරුවීම්

Aba Friday, 18 December 2020 08:42 AM

අලුතෙන් එන අය අල්ලස් ගන්නෙ නැද්ද? හිසරදයට කොට්ටය මාරු කිරීම.

:       10       42

Prabha Friday, 18 December 2020 09:10 AM

හොරකම් කළාම හිරෙ නොදා ස්ථාන මාරු දෙන එකම රට... ඒකනේ අපි ලෝකයේ ඉන්න වෙනස්ම ජාතියක් කියන්නේ.

:       4       57

lankaFriday, 18 December 2020 10:07 AM

එන්න හොරු මාරුකර, අලුත් හිතවත් හොරු රැළක් පත්කරනු නිසැකය. බෙදාගෙන කමු අනේ...

:       0       0

Pushkara Friday, 18 December 2020 09:57 AM

ජනවාරි 01න් පසුව කියන්නේ ඒ අය පොදු පෙරමුණේ ආධාරකරුවන් ...

:       0       0

helaya Friday, 18 December 2020 10:09 AM

අනේ කියන තැනකට වඳින්නම්. ගෙදර බැලමෙහෙවර කරන්නම්. මාරු කරන්න නම් එපා.

:       0       0

lalith pushpakumara Friday, 18 December 2020 10:14 AM

අතීසාරෙට අමුඩේ මාරු කරනවා කියන්නේ මේවාට තමයි..

:       0       0

lanka Friday, 18 December 2020 10:26 AM

අනේ පින්කරන හාමුදුරුවනේ මෙ අහිංසක ජනතාවට නියම අවංක සේවකයන් අල්ලසක් ලෙස බලන්නෙවත් නැති දුප්පත් අපි... මාරු කරන්න එපා.. අපරාදෙ දූ දරුවන්ගේ අනාගතේ... ඔබතුමන් කියන දෙයක් කරන්නම් .. අපිව නම් මාරු කරන්න එපා.

:       1       11

lankaSaturday, 19 December 2020 03:29 PM

අපේ කන්නලව්වට සවන් දුන්න කොමසාරිස් තුමා ඇමැතිතුමා ඇන්දුවට පින්සිද්ද වෙනවා මාරුවීම් අවලංගු කළාට... නැවතත් අපි රිවර්ස් එකේ ධම්මික පැණියෙන් වැඩකර ඔබතුමාලා පෝසත් කරවමු.

:       0       3

kapila Friday, 18 December 2020 11:08 AM

හොඳ පියවරක්. මහජන සේවයට අල්ලස් ගැනීම කොතැනින් හෝ නැවැත්විය යුතුයි.

:       0       0

Raveendra Friday, 18 December 2020 11:09 AM

අල්ලන විට ඉහළ වෝල්ටීය අගයකින් යුත් විදුලි සැර වදින ආඳන් ඉන්නේ ඇමසෝන් වනාන්තරයේ පමණක් යන්න අමුලික බොරුවක් බව මෙම ආයතනයේ සිටින ගල් ආඳන්ගෙන් මනා ලෙස ඔප්පු කර හමාරයි. එබැවින් මේ ගල් ආඳන්ව ස්ථානමාරු ලබාදී වෙනතැනකට යවනවා හැර වෙන කිසිවක් කිරීමට සක්කරයාටවත් බැරිය... එ් තරමටම අධික විදුලි සැර ශරීරය පුරාවටම තිබෙන මෙම ආඳන්ව වරදකට හසුකිරීමත් විහිළුවකි. එ් තරමටම සූක්ෂම කාලකන්නි රැලකි.

:       0       0

janahitha Friday, 18 December 2020 11:20 AM

ස්ථාන මාරු? අලිම හොරු ටිකක් ඉන්න තැනක් සුද්ද කරලාම දමන්න ඕනෑ. ජනපතිටවත් බිය නැති පගාකාරයෝ.

:       0       0

මුණසිංහ Friday, 18 December 2020 11:36 AM

සුපිරි වැඩක්. ෆුල් සුද්ධයක් දෙන්න.

:       0       0

chandana Friday, 18 December 2020 02:07 PM

මේකෙ ඉන්නවා මුල්පත්වීමේ දින සිට සදාකාලිකවම මේකෙම රැඳී සිටින කණ්ඩායමකුත්, රජයේ සාමාන්‍ය ස්ථානමාරු ප්‍රතිපත්තිය යටතේ වසර පහෙන් පහට ස්ථානමාරු වී යායුතු කන්ඩායමකුත්, පළමු කාරණය - හැමදාම ඉන්න කෙනා අයිතිකාරයා වගේ උඩ පැන පැන හොරකම් කරනවා ජරාව කනවා. වසර පහෙන් පහට යන කෙනා වසර දෙක තුනක් සාමාන්‍ය අංශයක සේවය කරලා අවසාන වසර එකක් හෝ දෙකක් දීමනා ලැබෙන අංශයක වැඩ කරලා කීයක්හරි හම්බ කරගෙන වෙනත් ආයතනයකට මාරු වෙලා යනවා. ඒ අය අත්දැකීම් අඩු නිසා යම් ප්‍රමාණයකට පාලනය වෙනවා. දෙවැනි කාරණය - රජයේ සෙවයේ වරප්‍රසාද ලත් ආයතන තියෙනවා. සාමාන්‍යයෙන් මේ ආයතන වලට යම් සේවා කාලයක ජ්‍යේෂ්ඨත්වය මත තමයි මාරුවීම් ලැබෙන්නේ. පසුකාලීනව දේශපාලන මැදිහත්වීම් නිසා මේ වගේ ආයතන වලට පළමු පත්වීම් ලැබූ අය පවා අනුයුක්ත කලා. ඇතැම් අයට මේ ආයතන වලටම ආවේනික තනතුරු හදලා පත්වීම් දුන්නා. තවත් කරුණු ඕනතරම් තියෙනවා. පිට පළාත්වල පදිංචිය තියෙන අය මේවයේ වැඩ කරනකම් ගෙවල් වගේ වගක් නැහැ, නිවාඩු අවශ්‍ය නැහැ.. මේ ආයතන වලින් යන්න වුනු ගමන් ගෙවල් මතක් වෙලා, නැති අසනීප මතු වෙලා, යුතුකම් මතක් වෙලා ගම්වලට යන්න උත්සාහ කරනවා. කොලඹම ඉපදුනු අය බර අදිනවා.

:       3       12

පියසේන Saturday, 19 December 2020 06:11 AM

සහතික අැත්ත... මෙහි දෙපාර්තමේන්තුගත තාක්ෂණික නිලධාරීන් මාරුකරන්න නොහැකිය. සියලු පරීක්ෂා කිරීම් කරන්නේ ඔවුන්ය. වඩාත් අල්ලස් ගන්නේද ඔවුන්ය. ප්‍රාඩෝ රථය ආදායම් බලපන් ගාස්තු අඩුකිරීමට ලොරි කරන්නේද ඔවුන්ය. මෙය මෙතනට පාක්ෂිකයින් පත්කිරීමට කරන උප්පර වැට්ටියකි..

:       0       0

chandana Friday, 18 December 2020 02:18 PM

මේ කොවිඩ් කාලේ කොළඹම පදිංචි අය තමයි රාජ්‍ය ආයතන ටික පවත්වගෙන යන්න කැප වෙලා වැඩ කරන්නේ. අනෙත් අය හොයාගන්නත් නැහැ. ඒත් බලන්නකෝ මේ වගේ ආයතන වල තත්වය කොහොමද කියලා. යම් යම් වරප්‍රසාද තියෙන සියළු ආයතන සඳහා කුමන ආකාරයකින් වත් මුල් පත්වීම් ලබාදීම හෝ එම ආයතන වලටම ආවේනික තනතුරු ඇති කිරීම නොකල යුතය. සෑම විටම රජයේ පත්වීම් දිස්ත්‍රික් මට්ටමින් ලබා දීම කාර්යක්ෂමතාවයට සෘජුවම බලපායි.

:       3       7

ජනක Friday, 18 December 2020 03:11 PM

අතීසාරයට අමුඩ ගැසීම....

:       4       12

විපරමා Friday, 18 December 2020 03:51 PM

මෝටර් රත ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ විතරක් නෙවෙයි අපේ රටේ හැම ආයතනයකම පගාකාරයෝ ඉන්නවා. අපේ දේශපාලකයෝ කියලා නිකම්ද ..?

:       1       25

Kaushik Friday, 18 December 2020 05:34 PM

එළවලාම දාන්න බැරිද?

:       1       13

lanka Saturday, 19 December 2020 12:56 AM

රේගුවේ මහත්තුරු, ආදායම් බදු මහත්තුරු, පොලිසියේ මහත්තුරු මේ ගණයට වැටෙනවා නේද?

:       0       0

Nihal Saturday, 19 December 2020 01:22 AM

හිරමනය හඳට යැව්වත් කරන්නේ පොල් ගාන එක...

:       0       0

Sunil Saturday, 19 December 2020 03:37 AM

අර එහාපැත්තේ අාදායම් බලපත් නිකුත්කරන කෙනාත්, රක්ෂණ සහතිකය නැත්නම් රුපියල් 200ක් එක්ක දුන්නාම අාදායම් බලපත් ලබාගත හැකිය...

:       0       0

kamala Saturday, 19 December 2020 11:23 AM

මෙවා කොලේ වහලා ගහන දේශපාලන පළිගැනීමුත් තියේවිදෝයි අපි අවදියෙන්... ?

:       1       2

Bamunuarachchi Saturday, 19 December 2020 02:23 PM

අලුතින් එන අය ආපුගමන් අල්ලස් ගන්නේ නැහැ. අනික දූෂිත සේවකයින් ගැන ඉහලට ටිප් එක යන බව දැනගන්න ඕනේ. එහෙම අයට සෑම අවුරුද්දේම ට්‍රාන්සර් එකක් ලැබෙන කොට ඉබේම හරියාවි. ඉඳලා හිටලා කෙනෙක් අල්ලස් කොමිෂමට කොටුකරාම මිනිස්සු හදා ගන්න පුළුවන්. සියල්ලටම පළමුව ජනතාව හැදෙන්න ඕනේ. සමහරු බලෙන් අල්ලස් දෙනවා.

:       1       2

ruwan Monday, 21 December 2020 03:08 AM

මේකත් ධම්මික පැණිය වගේම මාධ්‍ය සංදර්ශනයක්ද දන්නේ නැහැ. මට නම් කරලා පෙන්නනකම් විශ්වාසයක් නැහැ.

:       0       0

janaitha Monday, 21 December 2020 08:44 AM

නියමයි... !!!

:       1       0

ඔබේ අදහස් එවන්න

 

මහ පුවරුව

ජනපති අනුරගේ මන්ත්‍රී විශ්‍රාම වැටුප කැපේ
2025 මාර්තු මස 24 823 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට හිටපු මන්ත්‍රීවරයෙකු ලෙස ලැබුණු විශ්‍රාම වැටුප ලබන මාසයේ සිට අත්හිටුවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


ගන්දර වෙඩි තැබීම ලක්ෂ 50ක කොන්ත්‍රාත්තුවක්
2025 මාර්තු මස 23 3872 18

මාතර දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය අසලදී යතුරු පැදියකින් ගමන් කළ පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කර ඇත්තේ රුපියල් ලක්ෂ 50 කොන්ත්‍රාත්තුවක් මත බව ගන්


දෙවිනුවරදී වෙඩි තබා දෙදෙනෙක් මරලා
2025 මාර්තු මස 22 5224 30

මාතර දෙවිනුවර දේවලය අසලදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


අයවැය තුනෙන් දෙකෙන් සම්මතයි
2025 මාර්තු මස 21 2561 17

ජාතික ජන බලවේග රජයේ මංගල අයවැය (2025) වැඩි ඡන්ද 114කින් පාර්ලිමේන්තුවේදී අද (21) පස්වරුවේ සම්මත විය.


වාරියපොළදී ගුවන් අනතුරක්
2025 මාර්තු මස 21 5219 9

වාරියපොළ, මිනුවන්ගැටේ, ප්‍රදේශයේදී ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් අද (21) උදෑසන අනතුරකට ලක්ව තිබේ.


පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වේ
2025 මාර්තු මස 20 3158 1

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉල්ලා අස්වී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 186 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 545 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1172 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site