( තිළිණි ද සිල්වා)

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයින් 600 කට වැඩි පිරිසකට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදීමට තීරණය කර ඇතැයි, එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නීතිඥ සුමිත් අලහකෝන් මහතා පවසයි.

තමන් සහ මේ වසරේ ජනවාරි පළමු වැනිදාට පසු සේවයට බැඳුණු අය පමණක් තවදුරටත් දෙපාර්තමේන්තුවේ රාජකාරී කරනු ඇති බවද ඔහු වැඩිදුරටත් කීය.

ජනතාවගෙන් අල්ලස් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි සලකා බලා මෙම රජය මෙම තීරණය ගෙන ඇතැයි ද  සුමිත් අලහකෝන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මේවන විට දහසකට ආසන්න පිරිසක් සේවය කරන අතර ඉන් 600 කට ආසන්න පිරිසකට මෙලෙස ස්ථාන මාරු වීම් දී ඇත.