IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මේජර් ජෙනරාල් ජානක පෙරේරා නඩුව කල් යයි

(උපාලි ආනන්ද)
 
මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා ඇතුලු 31 දෙනෙකු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රාහාරයකින් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ නඩුව ලබන අප්‍රේල් මස 5   වැනි  දින යළි කැඳවීමට අනුරාධපුර විශේෂ මහාධිකරණයේ  හිටපු   විනිසුරු සහ ගම්පහ පළාත්බද සිවිල් අභියාචනා  මහාධිකරණයේ  විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය නියෝග කළාය.
 
 ඒ මෙම සිද්ධියට අදාළ නඩුව අද (14) අනුරාධපුර අංක දෙක මහාධිකරණයේදී යළි කැඳවූ අවස්ථාවේදීය.
 
 මෙම නඩුවේ  ප්‍රධාන විත්තිකාර උමාර් හබ්තාබි නැමැත්තා තවදුරටත් අප්‍රේල් මස 5   වන දින දක්වා යළි   රිමාන්ඩ් කිරීමටද මහාධිකරණ විනිසුරුවරිය    නියෝග කළාය.
 
මෙම නඩුව විශේෂ නඩු කටයුත්තක්  සේ සලකා විභාග කිරීමට අනුරාධපුර විශේෂ  මහාධිකරණයේ හිටපු විනිසුරු මෙන්ම ගමපහ පලාත් බද සිවිල් අභියාචානා මහාධිකරණයේ වත්මන්  විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය පත් කර ඇති අතර ඒ  අගවිනිසුරුවරයා විසිනි. 
 
 පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ සුදර්ශන  ද සිල්වා සහ විත්තියේ  නීතිඥ මහින්ද ජයවර්ධන යන මහත්වරුන් කළ ඉල්ලීමකට අනුව විනිසුරු ස්වර්ණාධිපති මහත්මිය මෙලෙස පත් කරනු ලැබුවාය.
 
මේජර්  ජෙනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 29  දෙනෙකු අනුරාධපුරයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රාහාරයකින් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්  අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා වසර පහකට අධික කාලයක් අඛණ්ඩව රිමාන්ඩ් බාරයේ පසු වන්නේ  මෙම නඩුවේ ප්‍රධාන විත්තිකාර උමාර් හබ්තාබි නැමැත්තායි.
 
ඔහුට එරෙහිව  නීතිපතිවරයා විසින් අනුරාධපුර විශේෂ මහාධ්කරණය හමුවේ වෙන් වෙන්ව අධි චෝදනා 48 ක් ගොනු කර ඇති අතර එම සියලු අධි චෝදනා වලට ඔහු නිවැරදිකරු බව පැවසීම නිසා  මෙම නඩුව විභාගයට ගැණිනි. 
 
මේ අතර මෙම අපරාධයට අධාර අනුබල දුන් බවටත් ඒ සඳහා කුමන්ත්‍රණය කළ බවටත් අධිකරණය හමුවේ වරද පිළිගත් එල්.ටී.ටී.ඊ සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවා හැරීමේ අංශයේ හිටපු කර්නල්වරයෙකුට විසි වසරක බරපතල වැඩ සහිත සිර දඬුවමක් උතුරු මැද පළාත්බද මහාධිකරණයෙන්  මීට පෙර නියම කළේය.
 
මෙම අපරාධයට අධාර අනුබල දීමේ වරදට  වසර 10ක්ද කුමන්ත්‍රණය කිරීමේ වරදට වසර 10ක්ද වශයෙන් වෙන් වෙන්ව මෙම විසි වසරක බරපතල වැඩ සහිත සිර දඬුවම නියම කෙරිණි.
 



අදහස් (0)

මේජර් ජෙනරාල් ජානක පෙරේරා නඩුව කල් යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 416 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1026 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site