(ප්‍රසාද් මුතුකුඩ)
 
මීගමු මුහුදු තීරයේ දිය නෑමට ගිය සිසුහු පස් දෙනකුගෙන් හතර දෙනකු මුහුදේ ගසාගෙන ගොස් ඇතැයි ද, ඉන් දෙදෙනකු බේරාගෙන රෝහල් ගත කළත් තවත් දෙදෙනකු අතුරුදන්වී ඇතැයි ද පොලිසිය කියයි.
 
ප්‍රදේශයේ ධීවර ප්‍රජාව එක්ව අතුරුදන්වූවන් සෙවීමේ මෙහෙයුමක් අරඹා තිබේ.මාදැලක් දමා වට කර ගොඩට ඇද බලීමට ද ඔවුහු සූදානම් වෙති.
 
දියේ ගිළෙමින් සිටිය දී බේරාගත් දෙදෙනා මීගමු රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.