(එම්.එන්.පියරත්න)
තම රැකියාවන් ශ්‍රී ලංකා වරාය අධිකාරියට අනුයුක්ත කරන මෙන් ඉල්ලමින් හම්බන්තොට වරාය අධිකාරියේ විවිධ වෘත්තියන්ට අයත් සේවකයෝ අද (10) කතරගම මහා දේවාලයට පැමිණ දේව කණ්නලව්වක් කළහ.
“අපව හම්බන්තොට මාගම්පුර වරායේ සේවයට බදවා ගෙන වසර 5 ක් පමණ වෙනවා.අපේ මුළු සේවක සංඛ්‍යාව 417 ක් වෙනවා .එයින් 280කගේ සේවය ස්ථිර කරල තියෙනවා .තව වසර දෙකකට වැඩි සේවා කාලයක් තිබෙන අය ඉන්නවා. ඒ අය ස්ථිර කරල නැහැ.අපි රජයෙන් ඉල්ලා සිටින්නේ අප සියලු දෙනාම ශ්‍රී ලංකා වරාය අධිකාරියට අනුයුක්ත කරන ලෙසයි. අපි විෂය භාර අමාත්‍යවරයාට ලිපි 7 ක් යවල තියෙනවා නමුත් කිසි දේකට ප්‍රතිචාරයක් නැහැ.“ යැයි මාගම්පුර වරාය සේවක සංගමයේ ලේකම් ගයාන් සදරුවන් මහතා පවසයි.

COMMENTS
මේ සහෝදරවරු දැක්කේ නැද්ද කතරගම දෙවියන්ට කපු රාලලගෙන් සිද්දවුණු අකරතැබ්බය? දැන් ඉතින් ලෝකල් දෙවිවරුන්ගෙන් පිහිට ඉල්ලන්නේ නැතුව චීන දෙවියෙක් ගැන හොයලා බලලා කන්නලව්වක් කරලා බලන්න.
මේ ගෝත්‍රිකයින්ට කවදා නම් ගොඩ ඒමක්ද?
පොල් වගා කරන ප්‍රදේශවල පොල් මුදලාලිලා ලොරි පිටින් කතරගම පැත්තට පොල් ගෙනාවොත් හොද්ද බොර කරගැනීමට හොඳ අවස්ථාවක් මේ සහෝදරයන් උදා කර දී තිබෙනවා. පෝලිමේ ඇවිත් පොල් ගහන්න සුදානම් වීමේ පෙරහුරුවක් හැටියටයි, මේ "දේව කණ්නලව්ව" ආරම්භ කරේ. මාගම්පුර වරාය හෙවත් හම්බන්තොට පිහිනුම් තටාකයේ නිර්මාතෘවරයන් ප්‍රමුඛ ඒකාබද්ධයේ පින්වතුන් මෙයට සහභාගිවීමට බොහෝවිට ඉඩ ඇති බව දැනගැනීමට තිබේ....
දෙයියන්ට මොනව කියන්නද ? ආදායමක් නැතුව අවුරුදු 5ක් ඕගොල්ලන්ට පඩි දීපු එකත් ලොකු දෙයක් අස් නොකර.
නොවැම්බර් මාසෙ චීන්නු වැඩ පටන් ගත්තම මේගොල්ලන්ට පින් පඩි ගන්න බැරිවෙන නිසයි දැන්මම පොල් ගහල වරාය අධිකාරියට යන්න හදන්නෙ..
නන්දලාල් ද සිල්වා - ප්‍රංශය, හම්බන්තොට පිහිනුම් තටාකයක් නිසා වෙන්නැති චීන්නු ගත්තේ. චීන්නුන්ට නාන්න.. මෝඩකම් පෙන්නන්න එපා..
ප්‍රංශයේ ඉන්න නන්දලාල් බව මම දැනගත්තා..
එහෙනම් පඩියත් දෙවියන්ගෙන්ම ඉල්ලා ගන්න.
සූවස් ඇළට පසු අප්‍රිකානු වරායට සිදුවූ දේ, සිංගපූරු වරායට සිදුවූ දේ ගැන නන්දලාල් දන්නෙම නෑ වගේ.