IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


මගීන් බේරා ගැනීමට දිවි දුන් රියදුරාගේ දරු දෙදෙනාට ශිෂ්‍යත්වයක්

(ඩයනා උදයංගනී)

හපුතලේ ප්‍රදේශයේ දී ලංගම බස් රථයක තිරිංග ක්‍රියාවිරහිත වූ අවස්ථාවේ බසය අසල වූ කඳු ගැටයක වදින්නට සළස්වා තම දිවි පූජා කර බසයේ සිටි 22 දෙනෙකුගේ දිවි බේරා ගත් එහි රියදුරු කීර්ති බණ්ඩාර මහතාගේ දරු දෙදෙනාට සහ තවත් දරු දැරියන්ට ‘දරු දිරිය’ අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීම කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ ආරම්භක අවස්ථාවේදී අද සිදුකෙරිණි.

හර්ෂ බණ්ඩාර ශිෂ්‍යයා සහ ධරණි භාග්‍යා ශිෂ්‍යාව මේ අයුරින් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය වෙතින් අධ්‍යාපන ශිෂ්‍යත්ව හිමිකරගත්හ.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය මගින් වාර්ෂිකව සංවිධානය කරන ‘කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2018’ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අද (21) විවෘත කෙරිණි.

මෙවර 20 වැනි වරට පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙම මස 30 වැනිදා දක්වා දිනපතා පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා පැවැත්වීමට නියමිතය.

ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාව සඳහා විශේෂ ආරාධිතාව ලෙස බ්‍රිතාන්‍ය කවුන්සිලයේ ශ්‍රී ලංකා අධ්‍යක්‍ෂිකා ජිල් කෝල්ඩිකොට් මහත්මිය සහභාගී වූවාය.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය මගින් වාර්ෂිකව පිරිනමන ‘දරු දිරිය’ අධ්‍යාපන ශිෂ්‍යත්වය පාසල් සිසු සිසුවියන් සිව් දෙනෙකු හා විශ්ව විද්‍යාල සිසුවියන් දෙදෙනෙකු වෙත පිරිනැමීම ද අධ්‍යාපන අමාත්‍යවරයා අතින් මෙහිදී සිදුකෙරිණි.

මෙවර පොත් ප්‍රදර්ශනය සඳහා දෙස් විදෙස් පොත් ප්‍රකාශකයින්ගේ පොත් කුටි 410ක් පමණ ඇතුළත් වේ. පොත් ප්‍රදර්ශනය ආරම්භ වූ මොහොතේ සිටම ඒ වෙත අති විශාල ජනකායක් ඇදී එන අයුරු ද දැක ගත හැකිවිය.

දරුවන් විවිධ වැරදි කෙරෙහි ඇබ්බැහි වන මෙවන් යුගයක ඔවුන් කියවීම කෙරෙහි ඇබ්බැහි කරවුවහොත්, වරදින් මිදුණු පරිපූර්ණ පුද්ගලයන් බවට පත්කර ගත හැකි බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහි දී පැවසීය.

පොත් පත් කියවන අයට බොහෝ දේ ජයගත හැකි බව කී අමාත්‍යවරයා එසේ කියවන අයෙකු හා නොකියවන අයෙකු අතර වෙනස විනාඩි 10ක් ආශ්‍රය කිරීමෙන් දැනගත හැකි බව ද සඳහන් කළේය.

මහාචාර්ය ජේ.බී දිසානායක, ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති විජිත යාපා,ලේකම් සමන්ත ඉන්දීවර, භාණ්ඩාගාරික අතුල ජයකොඩි, ප්‍රදර්ශන කමිටු සභාපති ප්‍රදීප් සමරනායක යන මහත්වරුන් ඇතුළු පොත් ප්‍රකාශකයින්, ලේඛක ලේඛිකාවන්, ප්‍රදර්ශනයේ අනුග්‍රාහක ආයතන නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පොලීතීන් භාවිතය අවම කරමින් ප්‍රදර්ශනය පැවැත්වීමට ද සැලසුම් කර ඇති නිසා පොත් ගෙනයාම සඳහා සුදුසු බෑග රැගෙන එන ලෙස සංවිධායකයින් පැමිණෙන පාඨකයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

 

 

 

 

 

 

 

 



අදහස් (3)

මගීන් බේරා ගැනීමට දිවි දුන් රියදුරාගේ දරු දෙදෙනාට ශිෂ්‍යත්වයක්

Raveendra Friday, 21 September 2018 04:26 PM

බොහොම හොද අගය කලයුතු සත් ක්‍රියාවක්. මේ දරුවන්ගේ පියා දිවි පිදුවේ තවත් පිරිසකගේ ජිවිත බේරාගැනීම පිණිස මෙන්ම සියල්ලොගේම යහපත් වෙනුවෙනි. ඔහු විසින් තම ජීවිතය පුජාකර කරනලද මහගු වීර ක්‍රියාවේ පින්මහිමයෙන් මෙම දරුවන්දෙදෙනාගේ ජිවිත සාර්ථක වේවා යන්න අපගේ එකම පැතුමයි. රත්තරන් දුවේ,පුතේ ඔබලාගේ අනාගතය හැම අතින්ම සාර්ථක වේවා!!!!

:       1       681

rohana Saturday, 22 September 2018 12:56 AM

අපිට නිතර මුණ ගැසෙන ලංගම සහ පුද්ගලික රියදුරන් රිය පදවන ආකාරය ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. නමුත් මෙතුමා කර ඇත්තේ වීර ක්‍රියාවක්... එමනිසා ඔහුගේ දරුවන්ට යහපතක්ම වේවා කියා ප්‍රාර්ථනා කරමි.

:       0       271

JCN Saturday, 22 September 2018 07:48 AM

බස් රථ රියැදුරන් කියන්නේ රටේ ජීවත්වන අවිනීතම කොට්ඨාශයක්. මේ රියැදුරු මහත්මයා වෙනස් කෙනෙක් වගේ.

:       0       49

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1841 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1485 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 527 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site