(ක්‍රිෂාන්ජීවක ජයරුක්)
රිය අනතුරකින් මිය ගිය තම පියාගේ අවසන් කටයුතු හෙලිකොප්ටරයකින් මල් ඉස සිදු කිරීමට පාතාල කල්ලි නායක මාකදුරේ මදුෂ් ක්‍රියා කිරීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් ආරංචී මාර්ග සඳහන් කරයි.
මාකදුරේ මදුෂ්ගේ පියා වු එස්.ඒ.ලක්ෂ්මන් මහතා කළුතර වස්කඩුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් ඉකුත් 29 වැනි දින මරණයට පත්විය.
නාගොඩ රජයේ රෝහලේදී මිය ගිය පියාගේ දේහය රිය පෙරහැරකින් ඔහුගේ සූරියවැව පිහිටි නිවස වෙත රැගෙන ගොස් තිබෙන බව දැනගන්නට ඇත.
ඉකුත් පළමු වැනිදා පියාගේ අවසන් කටයුතු උත්කර්ෂවත්ව සිදු කිරීමට ඩුබායි හී සැඟවී සිටින මාකදුරේ මදුෂ් එම පවුලේ ඥාතීන්ට උපදෙස් ලබාදී තිබෙන බවට පොලීසිය වෙත තොරතුරු ලැබී තිබේ.
එමෙන්ම පියාගේ දේහය නිවසේ සිට සුසාන භූමිය වෙත රැගෙන ගොස් මිහිදන් කරන තෙක්ම හෙලිකොප්ටරයකින් ගුවනේ සිට මල් ඉස තිබෙන බවද හෙලි වී තිබේ.
ඒ පිළිබඳව කොළඹ පෞද්ගලික ගුවන්යානා සමාගමක නියෝජිතයෙකුගෙන් විමසූ විට කියා සිටියේ කොට්ටාවේ ප්‍රදේශයේ පදිංචි දිනේෂ් නැමැති අයෙකු මුදල් ගෙවා ගුවන් යානය එම කටයුත්ත සඳහා වෙන් කර ගෙන තිබූ බවයි.
එය මදුෂ්ගේ පියාගේ අවමගුල් උත්සවය බව දැනනොසිටි බව ද ඔහු වැඩි දුරටත් කීය.
එම අවමංගල්‍ය උත්සවය ඩුබායි සිට මදුෂ් චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ සජීවීව නරඹා තිබෙන බවද දැනගන්නට ඇත.
ඊට අමතරව ඔහු ශෝක පණිවුඩයක් ද එවා තිබූ අතර එය ඩිජිටල් බැනරයක මුද්‍රණය කර ප්‍රදර්ශනයකර තිබුණි. මෙම අවමංගල්‍ය සඳහා විශාල පිරිසක් සහභාගී වූ අතර මදුෂ්ට හිතවාදී ප්‍රබල පාතාල සාමාජිකයින් පවා පැමිණ ඇති බවට තොරතුරු ලැබී තිබේ.

COMMENTS
සොයලා බැලුවොත් පොලිසියෙයි දේශපාලකයන්ගෙයි සහයෝගය සහභාගිත්වය තිබෙන්න ඇති.
නියම යහ පාලනේ.
පාතාලයන් ගිය දුර. මෙතෙන්ට අපේ සිටින අති දක්ෂ රහස් පොලිස් නිලධාරීන් යොදවන්නේ නැතිව අපේ පොලීසිය පොල් ගෑවාද ? මෙතෙන්ට ආ අයව රහසිගත කැමරා මගින් ඡයාරුප කරගෙන තොරතුරු සෙව්වා නම් කී දෙනෙක් අල්ලාගන්න තිබුනාද ?
හොඳම රහස් පරීක්ෂක පොලිසියට ඔය ආවා කියන පාතාලයෝ අල්ල ගන්න දැලක් දාන්ඩ බැරි උනාද?
අපේ බුද්ධි අංශය කියල එකක් දැන් නැද්ද ???
මිය ගිය අයෙක් වෙනුවෙන් හෙලිකොප්ටරයකින් ගුවනේ සිට මල් විසි කරන එක වැරද්දක්ද?
සිංහල බෞද්ධ අයයි මේ...
මොනවා වුනත් මව්පිය සැලකීම උතුම් ක්‍රියාවක් .. අපි කියනවා එලෙසම පාතාල ක්‍රියාවන්ගෙන් අයින් වෙලා සමාජයට වැඩදායි පුද්ගලයෙක් වෙන්න කියා ..
බුද්ධි අංශ නිදිද.
හේමන්ත කුමාර වෙත, මොකක්ද යහපාලනයයි, මල් දෑමීමයි අතර සම්බන්දය? හෑම දේකටම යහ පාලනේ ගාවගන්න එපා.
අපේ රටේ සාමාන්‍ය ජනතාව කොතරම් මෝඩ ද. පාතාලය හොදයි කියන අයත් ලංකාවේ ඉන්නවනේ.
නීතියෙන් එහෙම තහනමක් තියෙනවද? පාතාලය ඇතිවන්නේ කාගේ වරදින්ද? ලංකාවේ අයට ප්‍රයිවට් ගුවන් යානා භාවිතාවට ගන්න බැරිද?