(බිඟුන් මේනක ගමගේ )
ඇතැම් වෙබ් අඩවිකරුවන් තම නම ඈඳා බොරු පුවත් නිර්මාණය කර පසුව මාසිකව වෙළෙඳ දැන්වීම් ඉල්ලමින් සමාදාන වීමේ සදාචාර විරෝධී මාධ්‍ය භාවිතයක නියැලෙමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් හා කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා පවසයි.
භාෂණයේ හා ප්රකාශනයේ නිදහසට මුවා වී මෙවැනි තක්කඩි වැඩ කිරීමට ඉඩ දිය නොහැකි බව කී හෙතෙම ආණ්ඩුව ඇති කළ මාධ්‍ය නිදහස අමු අමුවේ අවභාවිත කිරීම හෙළාදකින බව ද අවධාරණය කළේය.
සමාජ මාධ්‍ය ජාලා දිගින් දිගටම අවහිර කිරීමේ සූදානමක් රජයට නැති බවත් ජාතිවාදය අවුලවාලීමේ උපකරණයක් ලෙස එය භාවිත කරන්නන්ට එරෙහිව ඉදිරියේදී තදින්ම නීතිය ක්‍රියාත්මක කරන බවත් මහලේකම්වරයා පැවැසීය.
එක් පුද්ගලයකුගේ ප්රකාශනයේ හිමිකම වෙනුවෙන් වල් බූරු නිදහසකට ඉඩ දී දෙකෝටියකට අධික රටවැසියන්ගේ මූලික මානව අයිතිවාසිකම් අනතුරේ හෙලීමට රජයකට ඉඩ දිය නොහැකි බවද විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇමැති දුමින්ද දිසානායක මහතා පැවැසීය.
COMMENTS
ඔන්න ඕක තමයි ඇමතිතුමා අපටත් තියෙන ප්රශ්නය. ඒ කිව්වේ, දෙකෝටියක් ජනතාවගේ මුදල් එක්කෙනෙකුගේ වල් බූරු නිදහස වෙනුවෙන් ගොඩනැගිල්ලකට වැයකරලා තිබීම.
ඔබලා 2015 දී මහින්ද මහත්තය පරදුවෙත් බොරු පුවත් නිර්මාණය කිරීමෙන් නේද. දැන් ඒ කර්මය පටිසන් දෙනකොට තේරෙනවද අමාරුව. ඒ උනාට එදා ඒ කරපු බොරුවෙන් පැරදුනේ රාජපක්ෂලා විතරක් නෙමෙයි, මුළු රටේම ජනතාව. අද ඩොලරය කීයද? හාල් ටික , පොල් ටිකත් පිටරටින් ගෙන්වා නේද. රටේ මර්මස්ඨාන පිටරැටියන්ට විකුනනවා එදා වෙලා ටුවර්ස් එක දුවන්න.
කට කතා වලට මේ තරම් භයද ?? කෝ කියපු මාද්‍ය නිදහස ??
දියවන්නා ඔයේ ඉන්න තවත් කවටයෙක් බව මේ සෑම කතාවකින්ම හොඳින් පැහැදිලි වෙනවා.