( තිළිණි ද සිල්වා )
ව්‍යාජ ගුවන් ගමන් බලපත් මඟින් භූතාන කතුන් තිදෙනෙකු නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාව හරහා ඉරාකයට රැගෙන යෑමට උත්සාහ කළ ශ්‍රී ලාංකික සංචාරක නියෝජිතවරයෙකු ඉන්දියාවේ මුම්බායිහිදී එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන ඇතැයි ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් සේවය අද (15) වාර්තා කළේය.
මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ මොහිද්දීන් ෆයාස් නැමැති (41) හැවිරිදි ලාංකිකයෙකි.
මුම්බායි හි සහර් ප්‍රදේශයේදී මෙම ලාංකික සංචාරක නියෝජිතවරයා අත්අඩංගුවට ගෙන ඇත.
ඉරාකයේ සම්භාන මධ්‍යස්ථාන වල ඉහළ වැටුප් සහිත රැකියාවන් දෙන බව පවසා භූතාන කතුන් තිදෙනෙකු ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර භාවිතා කරමින් මෙම සැකකාර ලාංකිකයා මිනිස් ජාවාරම් නිරතවන බවට මුම්බායි ආරක්ෂක අංශ වලට ලැබුණු ඔත්තුවක් මත මොහුව අත්අඩංගුවට ගෙන තිබේ.
එලෙස රැකියා ලබා දීමට සැකකාර ලාංකිකයා විසින් එම භූතාන එක් කාන්තාවක ගෙන් ඉන්දීය රුපියල් හයදහසක ගාස්තුවක් ලබා ගෙන ඇතැයිද සඳහන් වේ.
මෙම පුද්ගලයා මේ අයුරින් දිගු කාලයක සිට මිනිස් ජාවාරමේ නිරතව ඇති බවට තහවුරු වී ඇති අතර එලෙස මොහු විසින් ශ්‍රී ලංකාව හරහා ඉරාකයට නීතිවිරෝධී අන්දමින් භූතාන කතුන් කී දෙනෙකු යවා ඇත්දැයි යන්න සොයා බලමින් සිටින බවද මුම්බායි ආරක්ෂක නිලධාරීහු කියා සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මනුස්සයා ඉන්දියාවේම හිරකරලා තියන්න.. ආයේ ලංකාවට එවන්න එපා.