(නිමල කොඩිතුවක්කු)
භික්ෂුන් වහන්සේලා සම්බන්ධ නඩු විමසීම සඳහා වෙනම අධිකරණයක් ස්ථාපිත කළ යුතු බව ජාතික හෙළ උරුමයේ මහ ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹ දී අද (18) පැවසීය.
ඒ සඳහා ව්‍යවස්ථාවෙන් පවා ප‍්‍රතිපාදන සකස් වී ඇති බවත් සඳහන් කරයි.
කොළඹ 7, නිදහස් ආකේඩ් පරිශ‍්‍රයේ දී පැවති මාධ්‍ය හමුවකදී බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ලබා දී ඇති දඬුවම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු කළ විමසීමකදී ඔහු මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙසේද කීය.
‘‘රටේ භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් වන යම් යම් කරුණු කාරණා වලදී මහනායක හිමිවරුන්ගේ උපදේශය මත ක‍්‍රියාකළ යුතුයි. ඒ වගේම මේ භික්ෂුන් වහන්සේලා සම්බන්ධ නඩු විමසන්න වෙනම අධිකරණයක් ස්ථාපිත කළ යුතුයි. ඒ සඳහා අපේ ව්‍යවස්ථාවේත් ප‍්‍රතිපාදනයක් තියෙනවා.
විශේෂ වරදාන බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඉල්ලලා නැහැ. මොකද බුදුරජාණන් වහන්සේම දේශනා කරලා තියෙනවා රාජ්‍ය නීතියට භික්ෂුව යටත් කියලා. හැබැයි මේ භික්ෂුන් වහන්සේලාට නඩු අහන වේගයෙන්ම අනිකුත් අපරාධකරවන් සම්බන්ධයෙනුත් නඩු අහන්න ඕනෑ.
රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරයේ නඩුව දහ දොළොස් වතාවක් කල් ගියා. ඇවන්ගාඩ් නඩුව තාම ඇහුවේ නැහැ. ඇතැම් නඩු අහනවා. ඇතැම් නඩු අහන්නේ නැහැ.
ඥාණසාර හිමියන් උසාවියට බාධා කිරිමක් හෝ අපහාස කිරිමක් මත නීතිය අනුව යම් යම් ක‍්‍රියාමාර්ග ගන්න පුළුවන්. නමුත් ප‍්‍රකෝටි ගණන් ජනතා ධනය විනාශ කළ ඇවන්ගාඩ් වැනි අපරාධකරුවන්ට තාම එක දවසක්වත් දඬුවම් ලබා දෙන්න අධිකරණය අසමත් වී තියෙනවා.
මේ නිසා රටේ ජනතාවට පැහැදිලි ප‍්‍රශ්නයක් තියෙනවා. අන්න ඒ ප‍්‍රශ්නය අධිකරණ ක්ෂේත‍්‍රය මගින් කඩිනමින් විසදිය යුතුයි යැයිද අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි බැදුම්කර හොරු අල්ලන්නත් ඕනි.
බොදු බලේ හැදුවේ කව්ද? උන් වහන්සේ හිරේට දාල දැන් දවස් තුන හතරක්. සද්ද නැතුව බල බලා හිටියා කැරකෙන්නේ කොයි පැත්තටද කියලා අදහස් ප්‍රකාශ කරන්න. මේ ජනතාව තවත් රැවටෙනවාද?
ආ !!! භික්ෂුන්වහන්සේලා එච්චර වැරදි කරනවද? වෙනම අධිකරණයක් පිහිටුවන්න? සිවිල් නීති කඩකළොත් එම නිතිය යටතේ මිසක් වෙනම නීතියක් යටතේ දඬුවම් කරන්න පුලුවන්ද?
එතකොට ඔය ජේ.ආර්. ජයවර්ධන ලබාදුන්න කොළඹ හතේ කෝටි ගණනක් වටිනා ඉඩමක ගෙයක් හදාගෙන ඉන්න ගමන් බුදු බණ වෙනුවට දේශපාලන කතා වදාරන භික්ෂුන් වහන්සේලාට මොකද කරන්නේ?
මේක විතරයි ලංකාවට අඩුවෙලා තියෙන්නේ...
කිසිසේත් අවශ්‍ය නැහැ. ස්වාමින්වහන්සේලා යනුද මේ සමාජයේම කොටසක්. රටේ නීතිය හැමටම පොදු බවට ඉන් හානිවෙනවා. ආගමික සහජීවනයට එය බාදාවක්.
පිටට නොපෙණුනාට ඕකෙත් පාතාලයක් තියෙනවා. දැනටමත් ප්‍රමාදයි. ගමක් ගානෙම උසාවි හදන්න වෙයි... ඒ තරමටම නඩු..
අධිකරණ කුමය ඇතුළේ තියෙන ප්‍රශ්නය විසඳන්න ඕන පාර්ලිමේන්තුව. ඒකට තමයි යහපාලන ආණ්ඩුව කියල එකකට මිනිස්සු ඡන්දය දුන්නෙ. කථා පවත්වන්න නෙවේ මහත්තයො. කාටත් එක නීතිය නම් වෙනම අධිකරණ සංකල්පය ලකුණු දාගන්න කරන මෝඩ කථාවක්
ඇයි හොඳ නැද්ද දොස්තරවරුන්ට සහ ඉංජිනේරුවන්ට වෙනම උසාවි දැම්මොත්?
ඇමතිගේ කතාව සකතික ඇත්ත . අපට තිබෙන කොහෙන්වත් ආව රෝම ලන්දේසි නීතියක්. මේ නීති රටේ සංස්කෘතිය ශිෂ්ඨාචාරය පදනම් කොරගෙන හැදුන ඒවා නොවෙයි. මුස්ලිම් රටවල හා ක්‍රිස්තියානි රටවල නීති පිටුපසින් ආගම සංස්කෘතිය තිබෙනවා. මේ නීතියේම හැදුන නිසා අපේ මිනිසුන්ට වෙනස තේරුම් ගන්න බැහැ.
වෙනම අධිකරණයක් පිහිටුවන්න ඕනේ නැහැ... තියන ටික කාර්යක්ෂම කරන්න.
ආගමික සහජීවනය කියන්නේ මොකක්ද අනේ පොඩ්ඩක් කියන්නකෝ.
ඔබ ඔය කියන්නේ සංගාධිකාරණයක් ගැනද? ඉංග්‍රීසි පාලනයේදී එහෙම අධිකරණයක් පිහිටෙව්වා නේද?