(ඩයනා උදයංගනී)
පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයෙක් විසින් සත්ව ආහාර සැකසීම සඳහා යැයි පවසමින් නීති විරෝධී ලෙස තිරුඟු ඇට බහළුම් 107ක් මෙරටට ගෙන්වා ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
මෙම නීතිවිරෝධී තිරිඟු ඇට තොගය පිළිබඳව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත ඔවුන් කළ සොයාබැලීමක දී තොරතුරු හෙළි වී තිබේ.
මෙම තිරිඟු ඇට තොගය සහිත බහලූම් අත්අඩංගුවට ගැනීමටත් එම ව්‍යාපාරිකයාගේ බලපත‍්‍රය අහෝසි කිරීමටත් පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශ ලේකම් බී.විජයරත්න මහතාට උපදෙස් දී ඇති බව එම අමාත්‍යාංශය පවසයි.
ඒසේම එම ව්‍යාපාරිකයාට එරෙහිව දැඩිව නීතිය කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට උපදෙස් දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැඩිව ක්‍රියා මාර්ග ගන්නා එකම රට ලංකාවයි......