(කාංචන කුමාර ආරියදාස)
මාතලේ දඹුල්ල ප්‍රධාන මාර්ගයේ නාඋල නාලන්දේදී අද (21) දින උදෑසන බස් රථ දෙකක් ලොරි රථයක් ගැටීමෙන් වාහනවල ගමන් ගත් පුද්ගලයන් 50 දෙනකු තුවාල ලබා සිසුවෙකු එම ස්ථානයේදීම මිය ගොස් තවත් කාන්තාවක් මාතලේ මූලික රෝහලට ඇතුළු කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.
මිය ගිය දෙදෙනාම දඹුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
තුවාලකරුවෝ දඹුල්ල, මාතලේ, නාලන්ද රෝහල්වලට ඇතුළත් කර ඇති බව පොලීසිය පැවසූහ.
දඹුල්ල ප්‍රදේශයේ සිට සිරිපාදෙ වන්දනාවේ ගමන් කරමින් තිබූ වන්දනා බස් රථයක් මහනුවර සිට මඩකලපුව බලා ධාවනය වූ බස් රථයක් සහ ලොරි රථයක් මෙසේ අනතුරට ලක්ව තිබේ. දඹුල්ල පදිංචිකරුවන් පිරිසක් බස්රථයක සිරිපාදේ වන්දනාවේ ගමන් කරමින් සිට ඇත. නාලන්දෙදී මාර්ගයේ ඉස්සර කිරීමට නොහැකි ස්ථානයකින් ලොරි රථයකට මෙම බස් රථය ඉස්සර කිරීමට යාමේදී ඉදිරිපසින් පැමිණි බස් රථයේ මුහුණට මුහුණ ගැටී ඇතැයි පොලිසිය කියයි .
පිටුපසින් පැමිණි ලොරි රථයද එම බස් රථයේම පිටුපස ගැටුණු බව රථය පදවාගෙන ආ රියදුරු පැවසීය. තුවාලකරුවන් බහුතරයක් වන්දනා ගමන් ගිය බස් රථයේ සිටි බව අය බව පොලීසිය කියයි.මියගොස් ඇත්තේද එම බස් රථයෙන්ම ගමන් කරමින් සිටි දොළොස් හැවිරිදි සිසුවෙකු බව හඳුනාගෙන තිබේ.
බස් රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයන් 40 දෙනකු දඹුල්ල මාතලේ නාලන්ද රෝහල්වල නේවාසික ප්‍රතිකාර ලබන අතර 10 දෙනකු බාහිර අංශයෙන් ප්‍රතිකාර ලබාගෙන පිටව ගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. මෙම අනතුර සිදුවන අවස්ථාවේදී පැවැති සුළු වර්ෂාපතන නිසා මාර්ගය ලිස්සන සුළු තත්ත්වයක පැවති බවද පොලිසිය කියයි.
මෙම රිය අනතුර සම්බන්ධයෙන් නාඋල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.




COMMENTS
ලෝකයේ සිටින දක්ෂම මෙන්ම අප රටේ විනීත, ගුණගරුක ,ඉවසීම ඉහලින්ම ප්‍රගුණකළ සියලුම රියදුරු න්‍යායන් හොදින්ම දන්නා වටිනා රියදුරන් ලංකාවේ සිටීම මොනතරම් ආඩම්බරද ? අප විස්වාස කරනවා ගරු අධිකරණය මගින් මෙම විනීත රියදුරන්ට සදාකල් බලපත්‍රය අවලංගුකර කරයි කියා.
මේ මාරක අනතුරු බොහොමයකට මුල අධික වේගයයි. මේවා වැලක්වීමට දඩ ගැසුවාම, පොලිසියට කීමයි සිදු වන්නේ.
අනතුරුවලට මූලික හේතුව රියැදුරන්ගේ මාර්ග විනයක් නැතිකමයි. වාහනයක් අතට ගත්තාම සමහර රියැදුරන්ට කොහෙවත් නැති හදිස්සියකින් වාහන එළවීමේ මානසිකත්වයක් ඇති වෙනවා. මේ අනතුරටත් හේතුව මෙය වියහැකිය. නැතිනම් ඉස්සර කරන්නට බැරි තැනකින් ඉස්සර කලේ මොකටද?
වාහන තදබදය නිසා නියමිත වෙලාවට ගමනාන්තයට යාමට නොහැකි වීම නිසා වමෙන් ඉස්සර කරාට ලබා දෙන දඩය අත්හිටවා ඇත්තේ කියන නුගත් බස් පාලකයන්ගේ අදහස් මතයි.
හරිම කණගාටුදායකයි. මෙහෙම දේවල් අපිට අහන්ඩ සිද්ධ වෙන්නෙ මොන කරුමෙකටද? ලොකේ කොහෙවත් මේ වගේ අනතුරු නිරතුරුව සිද්ධ වෙන්නෙ නැතුව ඇති. අපේ රටේ රියදුරන්ට තියෙන්නේ පුදුම තදියමක්?
හීනමානෙන් පෙලෙන බුද්ධි හීන නූගත් බූරු තකතීරු අධමයන්ට බස් රියදුරු බලපත්‍ර දීමේ ආදීනව තම ඔය පෙනෙන්නේ, ඕකුන් මනුස්සයෙක් බස් එකට නගින්න හදනකොට අද්දනවා, තරුණයෙක් නම් අතදැම්මේ ඕකුන් මළාට නවත්තන්නේ නැහැ, ස්ලෝ කරලා පුළුවන් නම් එල්ලියන් කියනවා, නාකි ගෑනියක් තනියම නම් ඉන්නේ මුන් නවත්ත්වන්නේ නෑ, මුන්ගේ ඉස්සරහට පස්සට ඉඩදෙන්න ඉක්මනට ඉක්මනට මේ භාෂාව මට අප්පිරියයි, මේ රටේ නින්දිත පහත් තත්ත්වය හොඳටම පෙන්නුම් කරන තැනක් තමයි මේ මිනීමරු බස් සේවාව.