(දයාරත්න ඇඹෝගම)
තලාව එප්පාවල මාර්ගයේ බටුවත්ත ප්‍රදේශයේ දී පුද්ගලික බස් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් ගත් 45 හැවිරිදි පුද්ගලයකු අද (23) මිය ගිය බව එප්පාවල පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ අනුරාධපුර සමුපකාර තොග වෙළඳ සංස්ථාවට අනුයුක්තව සේවය කළ පුද්ගලික ආරක්ෂක සේවා ආයතනයක නිලධාරියකු වන ටයිටස් ප්‍රනාන්දු (45) නැමැති අයෙකි.
මියගිය අය ගැටදිවුල කිරලෝගම පදංචිකරුවෙකි.
මියගිය අය සේවය නිම කර සිය නිවසට යමින් සිටියදී එප්පාවල සිට තලාව දෙසට ධාවනය වෙමින් තිබු පුද්ගලික බස් රථයක ගැටීමෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd