(මනෝප‍්‍රිය ගුණසේකර)
පසුගිය ජනාධිපතිවරණ සමයේදී ප‍්‍රාදේශීය සභා අතර ජී.අයි. යකඩ බට බේදා හැර රජයට රුපියල් කෝටි 3 1/2කට අධික පාඩුවක් සිදු කළැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාට සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධක්‍ෂක ජනරාල්වරයාට එරෙහි නඩුව ලබන අගෝස්තු 9 වැනි දා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා තීරණය කළේය.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වුකරුණු සැළකිල්ලට ගැනීමෙන් පසුව නඩුව විභාග කිරීම සඳහා විනිසුරුවරයා මෙලෙස දින නියම කළේය.
2014 ඔක්තොම්බර් 31 වැනි දාත් දෙසැම්බර් 31 වැනි දාත් අතර කාලයේ කොළඹදී ජනාධිපතිවරණය ආසන්න අවස්ථාවේදී ප‍්‍රාදේශීය සභා අතර රුපියල් 36,509,127.78 ක් වටිනා ජී.අයි. යකඩ බට බේදා හැර රජයට රුපියල් 36,509,127.78 ක් පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා තුනක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.
මෙලෙස චෝදනා ලැබ සිටින්නේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමෙන්තුවේ හිටපු අධක්‍ෂක ජනරාල් ආර්.ඒ.පී. රණවක මහතාය.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියහ.නඩුව ලබන අගෝස්තු 9 වැනි දා සිට විභාග කිරීමට විනිසුරුවරයා තීරණය කළේය.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ අසාද් නවාවී මහතා පෙනී සිටි අතර විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥවරුන් වන අනිල් සිල්වා, ජයන්ත වීරසිංහ සහ ශ‍්‍රවින්ද්‍ර ප‍්‍රනාන්දු යන මහත්වරුන් සමඟ නීතීඥ මඩුල්ලක් පෙනී සිටියහ.
COMMENTS
බලමු.. බලමු... ඕකත් සිරිත් පරිදි කල් යාවිද කියලා. මේ වගේ නඩු කල් දැමිල්ල දැන් විනෝදාංශයක් වගෙයිනේ!
රාජපක්ෂලාට විරුද්ධව ගොනු කරන නඩු දවසින් දවස කල් දානවා !
ජනතාවගේ හොරාකාපු මුදල් මැරුණාම අපායට අරන් යන්න පෙරුම් පුරන තක්කඩින්ට ලංකාවේ නඩු නැත. අයිතිකාරයෙක් නැති මල්වානේ ගේ ගැන අධිකරණය තවම දන්නේ නැතිව ඇති නේද?
මම හිතුවේ යකඩ බට ගෙදර ගෙනිහිල්ලා කියලා බලනකොට බෙදල දීල. ඔය විදිහට රජයේ වියදමින් ගෙවල් හදලා දීමත් වැරදී නේද?
යකඩ බට ගෙදර අරන් ගිහිල්ලද ? ඒවා ජනතාවට ප්‍රයෝජනය සඳහා බෙදා දීල තියෙන්නේ. මේවා නෙමේ , ජනතාව බලාපොරොත්තු උනේ.. අර ඩුබායි වල තියෙනවා කියල මංගල කියපු කොටි ගණන් සල්ලි. ලංකාවේ දල දේශීය නිෂ්පාදනයටත් වඩා වැඩි ගානක් තමා මංගලනම් කිව්වේ. අවුරුදු තුනකටත් පස්සේ අහන්නේ.. සිල් රෙදි බෙදා දීපුවා , යකඩ බට බෙදා දීපුවා