IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


බැසිල්ගේ මල්වානේ නඩුව මාර්තු - මැයි විභාගයට

(ටෝනි කරුණානායක)
 
හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාරන් නඩේසන් යන විත්තිකරුවන්ට විරුද්ධව නිතිපති මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර ඇති නඩුව මාර්තු 9,16,23 සහ මැයි 7,16,22 යන දිනවල විභාගයට ගැනීමට  මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද (23) නියෝග කළේය.

දොම්පේ මල්වානේ අක්කර 16 ක ඉඩමක් මිලට ගෙන එහි සුවිසල් නිවසක් ඉදිකර රුපියල් විසි කෝටි අසු ලක්ෂයක රජයේ මුදල් අවභාවිතා කිරිම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව ඇති චෝදනාව වේ. 
 



අදහස් (6)

බැසිල්ගේ මල්වානේ නඩුව මාර්තු - මැයි විභාගයට

palitha Thursday, 23 November 2017 11:58 AM

තව කල් අරින්න පුලුවන්නම් අරින්න. මේ විදියට කල් ඇරෙමෙන් වැරදි කරුවන් හැමදාම එළියේ . අඹ ගෙඩි තුනේ නඩුව කොහොමද.

:       1       404

palitha Thursday, 23 November 2017 12:01 PM

මාතර බ්‍රවුන්හිල් (Brown Hill) ඉඩම සහ ගෙය අත්පත් කර ගැනීම පිළිබඳ බැසිල්ට චෝදනා ඉදිරිපත් වී ඇත. පොලිස් පරීක්ෂණ අනුව අනාවරණය වී ඇත්තේ බැසිල්ගේ පිටරට සිටින ‍ඥාතියකුගේ නමට මේ දේපළ බැසිල් විසින් මිලට ගෙන ඇති බවයි. මීට අමතරව දිවි නැඟුම අරමුදලේ රුපියල් බිලියන ගණනින් වංචාවක් සිදුවී ඇති බවට චෝදනා ලැබී බන්ධනාගාරගත වී මාස ගණනක් සිටියත් එක් දිනක්වත් සිර මැදිරියක සිටීමට තරම් බැසිල් අවාසනාවන්ත වී නැත.

:       315       366

dahamThursday, 23 November 2017 02:55 PM

චෝදනා ඇත්තද නැත්තද කියන්න අපි දන්නේ නැහැ. හැබැයි දැන් මේ ආණ්ඩුව ඇවිල්ල මේවා හොයන්න පටන් අරන් අවුරුදු තුනක්. මේවා විභාග කරලා ඉවර වෙනකොට හඳ පායයි. සාක්ෂි පරස්පරයි, විත්තිකරුවෝ නිදහස් කියන නිවුස් එක ලැබෙන්නත් පුළුවන්. බැඳුම්කරේ නම් තව අවුරුදු 30 කට මේ රටට මහා පාඩුවක් කරන මංකොල්ලයක් බව හොඳටම එළිවෙලා. හොරා කාපු මහජනයාගේ සල්ලි ටික ඉක්මනට ආපහු ගන්න වැඩ කරන්න.

:       42       167

පිටිගල මිලානෝ Thursday, 23 November 2017 02:02 PM

අයිතිකාරයා නැති බංගලාව. හිටි ගමන් ඇමරිකාවේ ඉඳලා ආවේ ඕවට තමයි.

:       42       128

darshana Friday, 24 November 2017 06:10 AM

රන්ජන් රාමනායක, ඔබ කියූ දෙය ඉතාමත් නිවැරදියි ... ඇස් පනාපිට පේන්න තියෙන , සාක්ෂි සහිත නඩු මේ විදියට අහනවනම් ඉතින් වෙන මොන කියන්නද ?

:       0       114

Padmini Saturday, 25 November 2017 12:05 PM

නීතියෙන් දඬුවම් නැති කොට බිත්තරයකින් හරි, පිටි පැකට් එකකින් හරි මූණට දමල අරින්න කෙනෙක් ලංකාවේ නැහැනේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site