IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


‘බී‘සාමර්ථය වසර පහකට පසු ‘ඒ‘සාමර්ථයක් වෙයි

(තරිදු ජයවර්ධන)

ශ්‍රේෂ්ඨාධිකරණ  නියෝගයක් අනුව ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් මගින් ඉංග්‍රීසි ප්‍රශ්නපත්‍රය ඇගයීමට ලක් කළ කොළඹ විශාඛා විද්‍යාලයේ   සිසුවියට පෙර ලබා දී තිබූ ‘බී‘ සාමාර්ථය වෙනුවට  ‘ඒ ‘ සාමාර්ථයක්   ලැබී ඇතැයි  බව විභාග දෙපාර්තමේන්තුව කියයි.
 

මුල්ලේරියාවේ පදිංචි  මුදලිගේ දෝන කවිතා සඳමිණි වීරසිංහ නැමැති සිසුවියකට වසර 5 කට පසු  මෙම නව ඒ සාමාර්ථය හිමි වී තිබේ.

2013 වසරේදී අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ඇයට එම වසරේ ප්‍රතිඵලය ලෙස  ඒ සාමාර්ථ 8 ක් සහ බී සාමාර්ථයක් ලැබී තිබිණි. නමුත් එම බී  සාමාර්ථය ‘ඒ‘ සාමාර්ථයක් ලෙස වෙනස් විය යුතු බවට සඳහන් කරමින්  ඇය  මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළාය .
 
වසර 5 ක් පුරා පැවැති නඩුවේ තීන්දුව 2019 ජනවාරී 16 වැනිදා ප්‍රකාශයට පත් කළ අතර  ඇයගේ ඉංග්‍රිසි ප්‍රශ්න පත්‍රය යළි ස්වාධින කමිටුවක් හරහා   ඇගයීමකට ලක් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
 
ඒ අනුව  විභාග කොමසාරිස් ජනරාල්වරයා පත් කළ ත්‍රිපුද්ගල කමිටුවක් මගින් 3012513  දරණ විභාග අංකය යටතේ 2013 වසරේදී  විභාගයට පෙනී සිටි ඇයගේ  ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය යළි  පිරික්සු අතර එමගින්  මීට පෙර ඇයට ලබා දී තිබු බී සාමාර්ථය ඒ සාමාර්ථයක් ලෙස  සංශෝධනය වු බව විභාග කොමසාරිස්වරයා දන්වා  තිබේ.

 
ඒ අනුව ඒ සාමාර්ථ නවයක් සහිත ඇගේ සංශෝධිත  විභාග ප්‍රතිඵල ලේඛනය විභාග දෙපාර්තමේන්තුව මගින්  ඇයට යවා තිබේ.



අදහස් (18)

‘බී‘සාමර්ථය වසර පහකට පසු ‘ඒ‘සාමර්ථයක් වෙයි

Nishantha Monday, 11 March 2019 06:26 AM

විභාග දෙපාර්තමේන්තුව හොරා ගැහුවා. අනෙක් හොර ගුහාව තමයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව. ඒකේ වැඩකරන බොහෝමයක් අයගේ ළමයි කැම්පස්වල...

:       1       137

රවින් Monday, 11 March 2019 06:49 AM

මේ විදියට ළමයින් කී දෙනෙක්ගේ ජීවිතය අඳුරට ඇද දමන්න ඇතිද? වගකිව යුත්තෝ කව්රුද?

:       1       91

ප්‍රියන්ත Monday, 11 March 2019 07:01 AM

වගකිව යුත්තෝ අපිම තමයි.

:       3       42

Sapumal. Monday, 11 March 2019 07:34 AM

අපගේ නීතිය තවතවත් ඉහළින් දිනේවා.... ජනපතිගේ පවා වරදවරද සේ දැක නොබියව තීන්දු තීරණ දුන් ගරු අධිකරණය දිනේවා...!!! මේ සත් ක්‍රියාවෙන්ද ගරු අධිකරණය කොට ඇත්තේ අගනා සේවයකි. වරද නොඉවසා ඊට නිසි පියවර ගත් මේ දිරිය විශාඛා දියණියට අපගේ හදපිරි ආචාරය... විභාග දෙපාර්තමේන්තුව සහ එවකට සිටි අධ්‍යක්ෂ ජනරාල් වරයාත්, එම ප්‍රශ්න පත්‍රය බැලූ පරීක්ෂකයන්ද සැබවින්ම ලැජ්ජා විය යුතුය. මේ රටේ විභාග ප්‍රතිඵල ගැන කෙසේ විශ්වාසය තබමුද?

:       0       107

ranjith kumara Monday, 11 March 2019 07:41 AM

විභාග දෙපාර්තමේන්තුවේ ඉන්න හොරු... ඔය අය කිරිමුට්ටියටයි, පැණි බෝතලේටයි ප්‍රතිඵල වෙනස්කරන එවුන්... මම කියන්නේ බොරුනම් මම ඕනෑතැනක කියන්න.. මම ලෑස්තියි... විභාග ලියන දරුවන්ට දෙයියන්ගේ පිහිටයි.

:       0       55

Chaandani Monday, 11 March 2019 08:05 AM

මම 1988 වර්ෂයේ ඉංග්‍රීසි ගුරුපීඨ සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් පලවෙනි තැන ගත් බව විශ්වාස කටයුතු මාර්ගයකින් දැනගතිමි. එහෙත් මට කිසිම කැඳවීමක් නොලැබිණි. යන්තම් ඉයස් නෝ කියාගන්න දත් උදවියට පස්සා දොරින් සිසුන්ගේ අනාගතය භාර දුනි. මම අද බටහිර රටක පරිපාලන නිලධාරිනියක ලෙස කටයුතු කරන්නේ මට නිසි තැන අහිමි කල ලංකාවේ විභාගවලට පින්දෙමිනි. පාඩුව සිදු වුයේ මට නෙමෙයි. මම රට හැරයාමට සිත හදාගත්තේ ගුරු විභාගයේ අමන සාවද්‍ය ප්‍රතිඵලය ලැබුණුදාය...

:       0       183

NishanthaMonday, 11 March 2019 02:13 PM

ඔබ වැනි අය රටින් පිටවෙනවට පාලකයෝ කැමැතියි. එතකොට ඒ ගොල්ලන්ට ඕන විදිහට මේක පාලනය කරන්න පුළුවන්නේ.

:       0       0

Anonymous Tuesday, 12 March 2019 01:12 AM

මටත් ඔය විදිහෙම කතාවක් තියෙනවා. විශ්ව විද්‍යාලයේ සිව් අවුරුදු පාඨමාලාව ඉවර කරලා එහිම උපදේශකයකු ලෙස සේවයක කරන කාලේ මම කුරුණෑගල පළාත් සභාවේ එක්තරා තනතුරකට අදාළ විභාගයක් ලිව්වා. මාස ගණනකට පස්සේ ප්‍රතිපල බලපුවම එහි ඉහලම ලකුණු ලබාගෙන ඇත්තේ මා බව දැනගතිමි. එහෙත් ඒ වනවිටත් මා අයදුම් කල පුරප්‍පාඩුව සදහා හොර පාරෙන් වෙනත් පිරිසක් බදවාගෙන ඇති බව අසන්නට ලැබුනා. මා හට කිසිම විටෙක සම්මුඛ පරීක්ෂණයකට හෝ ප්‍රතිපල ලේඛනයක් හෝ නොලැබුණි. එතැන් පටන් පුරප්පාඩු සදහා අයදුම් කිරීම පසෙකලු මා, දැනට වසර 3 කට පෙර මගේ දැනුමින් ප්‍රයෝජනයක් ගත හැකි රටකට ස්ථිර පදිංචියට පැමිණ දැනට ලොව 6 වන ස්ථානයේ තිබෙන විශාලතම ආයතනයක ඉංජිනේරුවෙකු ලෙස සේවය කරමි. අර ප්‍රතිපල ලේඛනය තවමත් මගේ පරිගණකයේ සුරක්ෂිතව ඇත.

:       0       1

aravinda Monday, 11 March 2019 08:26 AM

කොළඹ වැනි නගරබද ප්‍රදේශ වල සිසුන්ගේ "ඇති හැකි" දෙමව්පියන් විසින් මෙවැනි නඩු ගොනු කර තමන්ට අවශ්‍ය විභාග ප්‍රතිපල ලබා ගන්නවා. ඉතින්, රටේ අනිකුත් ප්‍රදේශ වල වසන සිසුන්ට දෙවියන්ගේම පිහිටයි. ලංකාව වැනි රට ඉපදීමට ලැබීම මහා පවක් කියලයි මම හිතන්නේ.

:       16       20

Chathura Monday, 11 March 2019 08:37 AM

තවත් මෙවැනි අසාධාරණ කම් වුන සිසු සිසුවියන් කොපමණ සිටිය හැකිද ? මෙවැනි දේවල් නිසා සිසුන්ට ඉදිරියට යා හැකි මාවත් කොපමණ වැසී ගොස් ඇතිද ? ඉහත සිසුවිය ගත් ක්‍රියාමාර්ගය නිසා පමා වී හෝ සාධාරණයක් ඉටු වීම ගැන සතුටු විය යුතුය. නමුත් මෙවැනි නඩුවක් වසර 5ක් වැනි දිගු කලක් යාම පිළිබද සතුටු විය නොහැක.

:       0       47

Appuhami Monday, 11 March 2019 09:24 AM

විභාග දෙපාර්තමේන්තුව හොර ගුහාවක්, ඕක ලංකාවම දන්නා කාරණයක්.

:       0       26

චම්ස් Monday, 11 March 2019 09:35 AM

මගෙ උසස්පෙල සාමාන්‍ය ඉංග්‍රීසි වලට තිබ්බෙ “S” එකක්. හැබැයි ඒ කාලෙම අයි ඊ එල් ටී එස් කරලා 5.5 හෝ ඊට වැඩි ගානක් තිබුනා. මට හිතෙනවා අඩුම සී එකක්වත් තියෙන්න ඇති කියලා. මේ ප්‍රශ්නෙ විසදන්න හොඳම විදිය තමා ප්‍රශ්න පත්තරේට ලකුණු දීපු විදිය ඕනෙ කෙනෙක්ට බලාගන්න දීම.

:       0       29

diasMonday, 11 March 2019 11:25 AM

පුළුවන් තරම් ඉක්මනට ඔය අයි ඊ එල් ටී එස් ප්‍රතිපල සමග වෙන රටකට ගොස් හොඳින් ජිවත් වෙන්න.

:       0       1

Bamunuarachchi Monday, 11 March 2019 05:31 PM

1960 ගණන් වල ලැබූ සම්මාන 5 මේ ඒ සම්මාන 9 වඩා වටිනවා. ඒ කාලේ අධිසම්මාන (ඩිස්ටින්ෂන්) 8 ලබා සිටි එකම පුද්ගලයා පූජ්‍ය පීටර්පිල්ලේ පියතුමාය.

:       0       0

Hasitha Monday, 11 March 2019 06:24 PM

බමුණු කට ඇරියොත් අනුන්ව හෙලා දකිනවා. ඒ කාලයේ නෙවෙයි මේ කාලයේ වුනත් කෙනෙකුට අසාධාරණයක් වුනොත් එය සුදුසු නැහැ. හොඳයි ඒ කාලයේ අයට පරිගණයක් භාවිතයට දැනුමක් නැහැ කියලා කිව්වොත් හරිද ?

:       0       0

BamunuarachchiTuesday, 12 March 2019 06:54 AM

වරද්ද ගන්න එපා මම කලේ ඒකාලේ තිබුන අධ්‍යාපන ක්‍රමය මීට වඩා බොහොම බැරෑරුම් කියන එකයි කීවේ. ඒ කාලේ පරිගණක තිබුනේ නැති බව ඇත්ත. නමුත් 1950 ගණන්වල එච් එස් සී පන්තියේ ජීව විද්‍යාව කල ළමයි අන්වික්ෂයන් බලාගෙන ශාකවල සෛල පොත්වල අන්දා, තනියම රසායනික විද්‍යා භෞතික විද්‍යා ප්‍රයෝගික වැඩ කළා. අපේ පන්තියේ ජීව විද්‍යා කල ළමයින්ට වරුවක් අන්වීක්ෂය පාවිච්චි කොරන්න පුළුවන්. දැන් ළමයින්ට එහෙම අවස්ථා ලැබෙනවාද? දැන් පාසලක ළමයින් ට්‍රැවලින් මයික්‍රෝස්කොපයක් දැක තිබෙනවාද? ඔබ දැක තිබෙනවාද? අපේ පාසල්වලට රසායනාගාරයට ගෑස් ලැබුනේ ගෑස් කොම්පැනියේ සිට එලූ නළවලින්. ඔය ඔක්කොම කෙටිකරලයි මම කීවේ ඒකාලේ සම්මාන 5 බොහොම වටිනවා කියලා.

:       0       0

Rohana Tuesday, 12 March 2019 04:06 AM

බලපු කෙනා එක්කෝ ඉංග්‍රීසි දන්නේ නෑ නැත්නම් කුහක කමට අඩු ලකුණු දුන්න වෙන්න පුළුවන්.

:       0       0

Bamunuarachchi Tuesday, 12 March 2019 07:17 AM

අපට තිබුන බ්‍රිටිෂ් අධ්‍යාපන ක්‍රමය වෙනස් කොරලා හදා ගත්ත අධ්‍යාපන නිසා අපේ ළමයි දෙලොවක් අතර තනි උනා. දැන් බුරුතුගණන් ළමයි දශලක්ෂ ගණන් වියදම් කරමින් බ්‍රිටිෂ් උපාධි සොයනවා. ඒ කාලේ කොම්පුටර් නොතිබුණ බව ඇත්ත. නමුත් මෙහෙ කොම්පියුටර් පටන් ගන්න දැනුමැති පුද්ගලයින් පිටසක්වලින් ගෙනාවේ නැත. කොම්පියුටර් වලට අත තිබ්බේ පාසල් වල කොම්පියුටර් ඉගෙන නොගත් අයයි එකත් මතක තියා ගන්න. මම කොම්පුටර් එකකට අත තිබ්බේ 1983 කාලයේ. ඒකාලයේ ඩෙස්ක්ටොප් කොම්පුටර් තිබුනේ නැත. තිබුනේ මෛන්ෆ්‍රේම් කොම්පුටර්. ඒගැන විස්තර ලියා වැඩක් නොවන නිසා නොලියමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 433 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 455 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 412 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site