(චිත්මි චේතාලි)
බුලත්සිංහල බෝගහවත්ත කන්ද නාය යාමෙන් මිය ගිය නව දෙනෙකුගේ සිරුරු පිඹුර රෝහලට අැතුළත් කළ බව වෛද්‍ය අධිකාරි ජි.ඩී.ආර්.රුද්‍රිගු මහතා පවසයි.
තවත් නිවාස රැසක් නාය යාමේ තර්ජනයට ලක්වී ඇති බවත් නිවාසවල ඉරි තැලිම් දක්නට ඇති බවත් ප්‍රාදේශීය ලේකම් එස්.කේ.සේනාධීර මහතා පැවසීය.
ගම්මාන දහයකට අධික ප්‍රමාණයක් ජලයෙන් යට වී ඇතැයි ද අවතැන් වුවන්ට අවශ්‍ය ආහාරපාන ලබා දීමට ගුවන් හමුදා සහය ලබා ගන්නා බව ප්‍රාදේශිය ලේකම් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිය ගිය සියලු දෙනාට නිවන්සුව ලැබේවා !!! අනේ මන්දා, ස්වභාවික විපත් ඉස්සරත් වුණා. මෙච්චර මරණ වාර්තා වුණේ නම් නෑ. විමලරත්න කුමාරගම මහතාගේ අයියනායක කවි පන්තියේ " මා නොකෙරුවත් නොකෙලෙමි එය ගැරහීම" කිව්වා වගේ පාලකයන් අධර්මිෂ්ඨ වූ විට දේව සාප සිදුවෙනවායි කියන පාරම්පරික ජනමතය, දිගින් දිගටම මෙවන් සිදුවීම් දකිද්දී බැහැර කරන්නේ කොහොමද? විපතට පත්වූවන්ගේ ඥාතීන්ට අපගේ බලවත් ශෝකය..!
වෙන රටවල නායකයෝ රටට විපතක් වුණහම සියල්ල අවලංගු කරලා පෙරලා තම රටට එනවා. එ්කට අපේ රටේ නායකතුමා .... අනේ මන්දා
මේ රටේ මෙච්චර වහිනවා විස්වාස කරන්න අපිට තවම වතුර නෑ ලිඳ හිඳිලා,, අපේ පළාත්වලට ඒ කියන්නේ ගිරිඋල්ල වගේ පැතිවලට තවම නියඟේ ඉවර නෑ. දැන් වැස්ස එන්නෙත් තැනින් තැනට වගේ...
හරියට වඳුරෝ ගෙවල් හදනවා වගේ ගංවතුර, නාය යෑම ඇති වුණාම ආධාර ටිකක් බෙදලා, ඉඩම් ගොඩකරන්න දෙන්නේ නෑ, අපවහන පද්ධති, කාණු පුළුල් කරනවා... අවධානම් ප්‍රදේශවල නිවැසියන් ඉවත්කර ගෙවල් දෙනවා වගේ කියන්න පුළුවන් ඔක්කොම ලොකුවට කිව්වට වැස්ස පෑව්වම ඔක්කොම අමතකයි.