(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ බුලාගල ප්‍රදේශයේදී අද (17) උදෑසන වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ට්‍රාන්ස්පෝමරයක හැපීමෙන් එහි ගමන් ගත් එකම පවුලේ 15 දෙනෙකු බරපතළ තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කළ බව දඹුල්ල පොලිසිය කියයි.
මෙසේ තුවාල ලබා ඇත්තේ වැලිමඩ, බොරලන්ද ප්‍රදේශයේ පදිංචි කරුවන් පිරිසක් බවත් ඔවුන් වැලිමඩ ප්‍රදේශයේ සිට වව්නියාව ප්‍රදේශයේ පවුලේ තරුණයෙකුට විවාහවීම සඳහා තරුණියක් බැලීමට යන අතරතුර මෙම අනතුර සිදු වූ බව ඔවුහු පවසති.
දඹුල්ල දෙසින් අනුරාධපුර දෙසට වෑන් රථය වේගයෙන් ධාවනය වී තිබෙන බවත් එහිදී මාර්ගයෙන් ඉවතට පැන මිටර් 40ක් පමණ දුර වෑන් රථය පෙරළී ගොස් මාර්ගය අසළ තිබුණු ට්‍රාන්ස්ෆෝමරයක හැපී වෑන්රථය වෙලකට පෙරළී ඇති අයුරු දැක ගැනීමට හැකියාව ලැබිණි.
පසුව ප්‍රදේශවාසීන් සහ එය අවස්ථාවේදී බස් රථයක ගමන් කරමින් සිටි මගියෙකු බැස තුවාලකරුවන් වහා දඹුල්ල මුලික රෝහලට රැගෙන ගිය බව ඔවුහු පවසති.
තුවාලකරුවන් අතර කාන්තාවන් අටක් පිරිමි පහක් කුඩා දරුවන් දෙදෙනෙක් වන බව පොලීසිය කියයි.
තුවාලකරුවන් බොහෝ දෙනකුගේ අත් පා වලට සහ සිරුරේ විවිධ ස්ථානවලට බරපතළ තුවාල සිදුව ඇතැයි රෝහල් බලධාරීහු පවසති. ඔවුන්ට හදිසි ප්‍රතිකාර ලබාදීමට රෝහලේ සේවකයන් යුහුසුළුව කටයුතු කළහ.




2025 දෙසැම්බර් මස 04
277
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
409
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
390
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බුලාගලදී වෑන් රියක් පෙරැළි එකම පවුලේ 15 ක් රෝහලේ