IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


බොරැල්ල රථවාහන ස්ථානාධිපති හැප්පූ රියදුරු රිමාන්ඩ්:සෙසු පිරිසට ඇප

(නිමන්ති රණසිංහ)
 
බොරැල්ල රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා රිය අනතුරකට ලක් කර තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් ඩිෆෙන්ඩර් රියේ රියදුරු ලෙස කටයුතු කළ නවිඳු ඔමේෂ් රත්නායක මාර්තු 11 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ  අතිරේක මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා නියෝග කළේය.
 
ඩිෆෙන්ඩර් රියේ රියදුරුට මිනීමැරීමට තැත් කිරීම යන චෝදනාව ද ඉදිරිපත් කර තිබිණි.
 
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් එක් සැකකරුවකුට ලක්ෂ පහ බැගින්වූ ශරීර ඇප දෙකක් බැගින් වන පරිදි මුදා හැරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
 
එලෙස ඇප නියම වූයේ විසිත ශ්‍රී විජේසේකර, රන්සික බණ්ඩාර අලුත්ගමගේ, සේසිත රන්දීප ගුණදාස, වින්ද්‍යා විශ්වභාෂිනී වීරසිංහ, දුමින්ද සුදම්මික ආටිගල, කිරන් මැතිව්ද නීෂ්, දුලංජන චාමර දාබරේ යන සැකකරුවෝය.

 

 



අදහස් (7)

බොරැල්ල රථවාහන ස්ථානාධිපති හැප්පූ රියදුරු රිමාන්ඩ්:සෙසු පිරිසට ඇප

කුමාර Monday, 25 February 2019 11:59 AM

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයකින්ම නේද කාටද බදු හොරෙකුට වැරදිලා ඇප ලැබුනේ...?

:       0       2

Bamunuarachchi Monday, 25 February 2019 12:33 PM

එහෙනම් වාහනය පදවා අනතුර සිදුකර ඇත්තේ එස්.පී ගේ පුතාද...? තුවාලකරුට ප්‍රමෝෂන් එකක් රෙකමදාරු වේවි වැඩේ ගොඩින් ශේප්.

:       0       20

UPALI Monday, 25 February 2019 01:30 PM

රන්සික බණ්ඩාර අලුත්ගමගේ නම් ප්‍රධානියා ඔය ඉන්නේ දෙවැනි ඡායාරූපයේ... අනේ මගේ රත්තරන්...

:       0       2

aruna shantha Monday, 25 February 2019 03:04 PM

දුප්පත් අහිංසක මිනිහෙක් හැප්පුණානම් මොවුන් කවුරුවත් උසාවියට ගෙන්නන්න බැරි වෙයි. හැප්පිච්ච මිනිහා තමයි අමාරුවේ...

:       0       5

Chanak los angeles Tuesday, 26 February 2019 03:30 AM

වාහන අනතුරක් සිදුකොට පලායන චුදිතයන්ට ඇප දෙන උසාවිය මොකක්ද ?

:       0       0

vipula Tuesday, 26 February 2019 03:39 AM

දැන් ඉතින් හැමෝම බලන්නේ නීතියෙන් බේරෙන්නනේ. ඕක තමයි ලංකාවේ හැටි. සේරම ජරා වැඩ කරලා නීතියෙනුත් බේරෙන්න පුළුවන්කම ලංකාවේ තියෙනවා.

:       0       0

dasun Tuesday, 26 February 2019 06:34 AM

මෙම නඩුව අංක 7 රථවාහන උසාවියෙ ගත්තේ නැත්තේ මොකොද ?

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1425 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1298 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 468 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site