(සිරාජ් හසීම්)
සිරුරට භූමි තෙල් දමා බිරියක ගිනි තබා ඝාතනය කිරීමේ සිද්ධියක වරදකරු වූ පුද්ගලයකුට යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් මහතා බරපතල වැඩ සහිත දස වසරක සිරදඬුවමක් අද (6) නියම කළේය.
එමෙන්ම වරදකරු හට රුපියල් 5000ක දඩයක්ද ගෙවන ලෙස නියම කළ විනිසුරුවරයා දඩය නොගෙවන්නේ නම් තවත් තෙමසක සිරදඬුවමක්ද නියම කරනු ලැබීය.
මෙලෙස වරදකරු වූයේ යාපනය වඩමාරච්චි ප්‍රදේශයේ පදිංචි අන්තෝනිමුත්තු ඥානදාස් නැමති පුද්ගලයෙකි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.