(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
තම බිරිඳ කොස්සක් කැඩෙන තුරු තමාට පහරදුන් බවට පොලිසියට පැමිණිල්ලක් කළ වෛද්‍යවරයකුට එම නිත්‍යානුකූල බිරියට අමතරව අනියම් බිරියන් පස්දෙනකු සමග දරුවන් 13 දෙනකු සිටින බව පැමිණිලි විභාගයේදී අනාවරණය වී යැයි කොල්ලුපිටිය පොලිසිය කීය.
නිත්‍යානුකූල බිරියටද ඔහුට දාව දරුවන් තිදෙනකු සිටින අතර මේ තිදෙනාගෙන් අවුරුදු 2 1/2ක් වයසැති දරුවා රැගෙන යාමට ඔහු පැමිණි අවස්ථාවේදී බිරිය කොස්සක් කැඩෙන තුරු ඔහුට පහරදී ඇති බව හෙළිවීයැයිද පොලිසිය පවසයි.
බිරියගේ කොසු ප්‍රහාරය නොතකා දරුවා රැගෙන ගිය වෛද්‍යවරයා එම දරුවා සිය දෙවැනි අනියම් බිරිය බාරයට පත්කර සිටියදී කොල්ලුපිටිය පොලිසිය මැදිහත් වී දරුවා මුදාගෙන නිත්‍යනුකූල බිරියට බාරදී ඇත.
තමාගේ බිරිය තමාට කොස්සක් කැඩෙන තුරු පහරදුන් බවට වෛද්‍යවරයා කර තිබූ පැමිණිල්ල කොළඹ දකුණ සහකාර පොලිස් අධිකාරි ඊ.එස්. දයාරත්න මහතාගේ විශේෂ උපදෙස් මත කොල්ලුපිටිය පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ප්‍රදීප් වික්‍රමරත්න මහතා සහ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති කාන්තා පොලිස් පරීක්‍ෂිකා ඉනෝකා කුමාරි මහත්මිය හමුවී විභාගයට ගෙන ඇති අතර පැමිණිලි විභාගය සඳහා පැමිණිලිකාර වෛද්‍යවරයා ද, ඔහුගේ නිත්‍යානුකූල බිරිඳ ද කොල්ලුපිටිය පොලිස් ස්ථානයට ගෙන්වා තිබිණි.
එම්.බී.බී.එස්. උපාධිධාරියකු වූ වෛද්‍යවරයා කොළඹින් පිට පළාතක ශික්‍ෂණ රෝහලක සේවය කරමින් සිටියදී සේවය අතහැර ගොස් ඇති බව පැමිණිලි විභාගයේදී අනාවරණය වී තිබේ.
වෛද්‍යවරයාගේ නිත්‍යානුකූල බිරිය වෛද්‍යවරයාට අයත් කොල්ලුපිටිය ප්‍රදේශයේ සුපිරි නිවසක සිය දරු තිදෙනා ද සමග පදිංචිව සිටින බවද අනාවරණය වී ඇත.
වෛද්‍යවරයාට අනියම් බිරියන් පස් දෙනකුද ඔවුන්ගෙන් දරුවන් 10 දෙනකු ද සිටින බව මෙම පරීක්‍ෂණයේදී හෙළි වී යැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කීය.
නිත්‍යානුකූල බිරිඳ තම වෛද්‍ය සැමියාට අනියම් බිරියන් පස් දෙනෙකු සිටින බව දැනගෙන ඇතැයි කියන්නේ ඔහු විවාහ කරගෙන ටික කාලයක් ගතවීමෙන් පසුව යැයි කියති.
නිත්‍යානුකූල බිරිය වෛද්‍යවරයාට කොස්සකින් පහරදුන් බව කියන පැමිණිල්ල සමථ මණ්ඩලයට යොමු කළ බවද කොල්ලුපිටිය පොලිසිය කියයි.
COMMENTS
ජනග්‍රහන අනුපාතිකයට සැලකිල්ලට ගෙන වැඩකරන වෛද්‍යවරයෙක්
ජාතිය වඳවෙනවා කිය කිය කට්ටිය හූල්ල හූල්ල ඉන්න අතරේ මෙතුමා තනියම සටනට බැහැලා වගෙයි.
ඕව පාදෙනියට දන ගන්න තියන්න එපා, වර්ජනය කරයි.
කොස්සෙන් නෙමේ ගහන්න වටින්නේ.. හොඳයි වෛද්‍යවරයෙක් ඔහොම වැඩ කලා..... ඕකට කියන්නේ අසීමිත කාම ආශාව.. වෙන දෙයක් නෙමේ..
හම්බවෙන පඩියෙන් කොහොමද පවුල් 5ක් නඩත්තු කරන්නේ? තව තව වර්ජන කරල පස් ගුණයකින් වත් පඩි වැඩි කරගන්න වෙයි.
ගිනස් පොතට යන්න වගේ...
සේවය අතහැර නොගිහින් කොහොමද?
මේක ඕන තරම් ඇති වැඩ වර්ජනයට යන්න.
අහිංසක වෛද්‍යවරයාට රාජකාරිට බාධා වන අයුරින් කොස්සෙන් පහර දුන් කාන්තාව අත්අඩංගුවට ගන්නා තෙක් හෙට අනිද්දාම අඛණ්ඩ වැඩ වර්ජනයකට දොස්තරලා සුදානම් වන බැවින් රෝගීන් සියලුදෙනාම ඊට මුහුණ දීමට සැරසී සිටින මෙන් මෙයින් දැනුම් දී සිටිනු ලැබේ .
මෙයට දශක කිහිපයකට පෙර අනියම් භාර්යාවන් තබා ගැනීම සාමාන්‍ය දෙයක් වුනා. කවුරුත් සමාදානයෙන් ගම්වල හිටියා. කන්න දෙන්න පුළුවන් නම් ඕක ලොකු ගැටළුවක් නොවෙයි. සිංහල සංස්කෘතිය තමයි ඔය. බටහිර බොරු සංස්කෘතියෙන් තමයි ඔය ගැටුම් ඇතිකරන්නේ. ඕකයි ඇත්ත තත්වේ.
අනේ දොස්තර බලමු එහෙම ලීවාම පලවෙයිද කියලා....