ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ
බරපතළ අපරාධ නඩු විනිශ්චය කිරීම සඳහා මහාධිකරණ විනිසුරුවරු 35 දෙනෙකු පත් කිරීමේ බලය ජනාධිපතිවරයා සතු වගකීමක් බැවින් එම පත් කිරීමේ කඩිනමින් සිදුකරන්නැයි දුෂණ විරෝධි නෛතික කටයුතු පිළිබඳ ආංශික අධික්ෂණ කාරක සභාවේ සාමාජික රාජ්‍ය ඇමති නීතිඥ අජිත් පී . පෙරේරා මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (10) පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.
එසේම නීතිපති දෙපාර්තුමේන්තුවේ ගොඩ ගැසී ඇති නඩු වාර්තා සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා නීතිඥවරුන් 100 දෙනෙකු බඳවා ගැනීමට නීතිපතිවරයාට කැබිනට් අනුමැතියෙන් බලය ලැබී ඇති හෙයින් ඒ අනුව එම බඳවා ගැනීම් කඩිනම් කරන ලෙස නීතිපතිවරයා ලෙස ඉල්ලා සිටින බවද රාජ්‍ය ඇමතිවරයා කීය.
රාජ්‍ය ඇමතිවරයා එම අදහස් ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු සංකීර්ණයේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සම්බන්ධිකාරකවරයා ගේ කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදීය.
COMMENTS
අර ඉල්ලෙන්ගේවන් විනිශ්චයතුමාව කොහොම හරි පත් කරන්න. අලි හොරු ගන්න එපා.
මහේස්ත්‍රාත් අධිකරණ වල ගොඩ ගැහිලා තිබෙන නඩු ප්‍රමාණය බැලුවහම , රටේ ඉන්න විනිසුරුවරු ප්‍රමාණය මදිය, එක්දහස් නමසිය හතලිස් ගණන්වල සිට විනිසුරුවරුන්ගේ ප්‍රමාණය සැලකිය යුතු වැඩි වීමක් පෙන්වන්නේ නැත, නමුත් රටේ ජනතාව 4 ගුණයකින් පමණ වැඩි වී ඇත. එම නිසා මහේස්ත්‍රාත් අධිකරණ වල විනිසුරු වරුන්ගේ 3 ගුනයකින්වත් වැඩි කර, එහි තිබෙන ඉඩම් නඩු වලට වෙනම විනිසුරුවරයකුත්, අපරාධ අල්ලස් දුෂණ වලට වෙනත් විනිසුරුවරයකුත්, රථවාහන වැරදි වැනි දේවලට වෙනත් විනිසුරුවරයකුත් ලෙස වර්ග කල යුතුය. රටපුරාම අධිකරණ වල දිනපතා කැඳවන නඩු වලින් 70% පමණ කල්දමනු පෙනේ මේවා එක මහේස්ත්‍රාත් වරයෙකුට දිනකට පැය 24 නඩු ඇහුවත් විසදිය නොහැක.