පාලිත ආරියවංශ
තම බිරිඳට උදැල්ලකින් පහරදී ඝාතනය කළ පුද්ගලයෙකු පොලිසියට පැමිණ බාරවූ බව ගිරාදුරුකෝට්ට පොලිසිය පවසයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ ගිරාදුරුකෝට්ට අගලඔය පදිංචිව සිටි නිරෝශා සුභාෂිනී දිසානායක නැමති 24 හැවිරිදි කාන්තාවකි.
නිවස තුළදීම මෙම පහරදීමට ලක්වු ඇය අසල්වැසියෙන් විසින් ගිරාදුරුකෝට්ට රෝහලට රැගෙන යමින් සිටියදී මිය ගොස් ඇති බවද පොලිසිය පවසයි.
මෙම සිද්ධියෙන් පසු 32 හැවිරිදි සැකකරු දෑකැත්තකින් ගෙල කපා ගෙන ඇති අතර එම තුවාල නිසා ඔහු පොලිස් රැකවරණය මධ්‍යයේ මහියංගනය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
කලක් ඉන්ධන පිරවුම්හළක රැකියාව කර ඇති ඔහු පසුව කුලී වැඩ කර කර ඇති බව හෙළි වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහෝ දෙවුදත් නොදුටු මොක්පුර....