ඉන්දිකා රාමනායක
කොළඹදී පැවැත්වූ සුහද රග්බි තරඟාවලියක් සඳහා මෙරටට පැමිණ සිටියදී හදිසියේ රෝගාතුර වී මියගිය බ්‍රිතාන්‍ය රග්බි ක්‍රීඩකයන් දෙදෙනා මරණයට පෙර අධික ලෙස මත්පැන් සහ කොකේන් මත්කුඩු පානය කර ඇති බවට හෙළි වී ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.
සිද්ධිය වූ දිනයේ මොවුන් ගමන්ගත් ත්‍රීරෝද රථයක රියදුරෙකු ඔවුන්ට මෙම කොකෙන් මත්කුඩු ලබාදී ඇති බවටද තොරතුරු ලැබුණ බව පොලිසිය පවසයි.
ඊයේ (15) මියගිය බෙට් තෝමස් රීඩ් 27 හැවිරිදි ක්‍රීඩකයා මියයාමට පෙර අසාධ්‍ය තත්ත්වයෙන් සිටියදී මේ සම්බන්ධයෙන් පොලිසියට ප්‍රකාශයක් ලබාදී ඇති බවත් එසේම රෝගාතුර වී සිටියදී ඔහුගේ මිතුරන්ටද ඒ බව දැනුම් දී ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
ඉකුත් 13 වැනි දින මොවුන් කොල්ලුපිටියේ රාත්‍රී සමාජ ශලාවක සිට ත්‍රීරෝද රථයකට ගොඩවී ඇති අතර එම ත්‍රීරෝද රථ රියදුරු මොවුන්ට කොකේන් ලබා දී ඇති බවද එම උසස් පොලිසිය නිලධාරියා කීය.
මොවුන්ට කොකේන් ලබාදුන් බව කියන ත්‍රීරෝද රථ රියදුරු අත්ඩංගුවට ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවද පොලිසිය සඳහන් කරයි.
මෙදින මෙම ක්‍රීඩකයන් දෙදෙනා අවස්ථා කිහිපයකම අධික ලෙස විවිධ වර්ගයේ මත්පැන් පානය කර ඇති බවත් මත් පැන් වලට අමතර කොකේන් මත්කුඩු ද පානය කිරීමෙන් මොවුන්ට ඒවා ඔරොත්තු නොදී ඇති බවට සැකකරන බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
අද ත්‍රීරෝද රථ ජංගම මත් ද්‍රව්‍ය බෙදාහරින මධ්‍යස්ථාන බවට පත්වෙලා. පොලිසිය විසින් මාර්ගයේ ගමන් ගන්න ත්‍රිරෝද රථ හදිසි සෝදිසියට ලක් කිරීමෙන් මෙය යම් ප්‍රමාණයකට මැඩලිය හැකියි. මෙවැනි කටයුත්තක් සඳහා පොලිසියට ත්‍රිවිධ හමුදාවේ සහයෝගය ලබාගත හැකියි.
නාට්ටාමිලා ලඟ කෝටි ගාණක කුඩු තියෙනවා නම් ත්‍රී වීල් අයියලා ළඟ මේවා ෂුවර්!
අපි මෙච්චර කල් හිතාගෙන හිටියේ ලංකාවේ තියෙන්නෙ හෙරොයින් විතරයි කියලා. බලාගෙන ගියාම කොකේනුත් තියනවා නේ.
මත් ද්‍රව්‍යය පාවිච්චි කළා කියලා එක දවසින් මිනිස්සු මැරෙණ මත් ද්‍රව්‍යයක් ගැන කවුරු හෝ මින් පෙර අසා තිබෙනවාද? මේක තනිකරම මිනීමැරුමක්. එංගලන්තයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව හදාරන ශිෂයෙකු ලෙස මම ඉතාම වගකීමෙන් කියනවා බ්‍රිතාන්‍ය ක්‍රීඩකයා ඝාතනය කල ඇති බව. රටේ උගත් දරුවන් උසස් අධ්‍යාපනය ලබනවාට විරුද්ධ මේ තිරිසන්නු විදේශ රටකින් ලංකාවට පැමිණෙන ක්‍රීඩකයින් ඝාතනය කිරීමට කිසිසේත් පසුබට වන්නේ නැහැ.
ලංකාවේ තිබෙන (මිල අධික වර්ගයේ) මත්ද්‍රව්‍ය ප්‍රමිතියෙන් ඉතාමත්ම බාලයි. සරලවම මේ මරණ වලට හේතුව එයයි.
විකුම් රංගන, ඔබ වෛද්‍ය විද්‍යාව හදාරන ශිෂයෙකු බව මනාවට ඔප්පු කර ඇත.
විකුම් රංගන ඔබේ ඉගෙනීමට මම ගරු කරනවා නමුත් ඔබම කියන පරිදි "අධිකරණ වෛද්‍ය විද්‍යාව " හදාරන කෙනෙක් විදියට මල සිරුර දකින්නේ වත් නොමැතිව ඔබ " වගකීමෙන් " කියන්නේ කොහොමට මේක මිනීමැරුමක් කියලා ? මතයක් පලකරන්න පුළුවන් නමුත් .... අනික මට වැඩා හොඳට ඔබ දන්නවා ඇති කියල මධ්‍යසාරවල රුදිරයේ පැවතිය හැකි අගයක් තියනවා ඊට වැඩි උනොතින් මරණය නියතයි.
විකුම් රංගන, ඔයාලා වගේ ගෝත්‍රික විදියට හිතන අය රස්සාවකට ගියොත් දුරකතනෙන් සහ පත්තර බලලා මරණ පරීක්ෂණ පවත්වයි.
අම්මේ විකුම් , ඔයා එංගලන්තේ ද ඉගෙන ගන්නේ? වෛද්‍ය විද්‍යාව? අම්මේ හරිම ෂෝක්.
විකුම් රංගන, ඔයා ඉන්න එංගලන්තේ තියෙන්නේ පුත්තලම පැත්තේද?
විකුම් රංගන, එංගලන්තේ දොස්තරලත් එහෙ ෆුල්ටයිම් දේශපාලනේද කරන්නේ? එහෙත් පිනට ඉගෙනගෙන ජනතාවට කොකා පෙන්වනවද? එංගලන්තේ නිසා කාර් පර්මිට් දෙක තුනක් වත් ලැබෙනවා ඇති එහෙ?
ඔබ එංගලන්තයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව හදාරන ශිෂයෙකු බව ඔබම පවසනවා. එත් ඔබ වඩාත් සුදුසු වන්නේ 'කැටයම් කලාවට' ට බව ඔබ විසින්ම ප්‍රත්‍යක්ෂ කර තිබෙනවා....එත්, ඔබ විසින් නිමවූ 'කැටයමේ' ඇති රළු පෘෂ්ඨ ඔපවත් කිරීමට ද ඔබට නොහැකි වී තිබෙනවා.... මතක තබා ගන්න, අධිකරණ වෛද්‍ය විද්‍යාව යනු ප්‍රයෝගික විෂයයක් බව.එම සිරුරු ඇත්තේ ලංකාවේ. ඔබ ඉන්නේ වෙන කොහේ වත්. ගොඩ සුද්දෙකු වීමට ගත් අසාර්ථක උත්සහයක් බවයි බැලු බැල්මට පෙන්නේ.
.... පලයන් බන් යන්න මේකේ බයිලා නොකියා .... උබත් අර ගුජිත සේනාරත්න වගේ ,....
ඇදගෙන නාගත්තා නේද?
විකුම් රංගන, ඔබ වෛද්‍ය වෘතීයට නොගැලපෙන්නෙකු බව ඔබ පලකර ඇති අදහස අනුව පෙනීයයි. එමෙන්ම ඔබ තම මව් රටේ ජනතාවට "තිරිසන්නු" යැයි අමන්ත්‍රණය කිරීමේ න් පෙනී යන්නේ ඔබ මේ රටේ උසස් අධ්‍යාපනය හැදෑරීමට අවශ්‍ය සුදුසුකම් නොලැබූවෙක් බවත් ඒ නිසා රටටත් රටේ ජනතාවටත් වෛර කරන්නෙක් බවයි. ඔබ වැරදිලා හෝ වෛද්‍යවරයෙක් උනොත් ඔබේ සේවාව ලබන රටට (එය ලංකාව නොවේවායි පතමී) සහ ජනතාවට දෙවියන්ගේම පිහිටයි.
යූ කේ වල මත් ද්‍රවය නොබන කෙනෙක් සොයා ගැනීම ලේසි නෑ.අවුරුද්දකට ලමඊ 20 පමණ පිහියෙන් ඇනලා මරනවා .අපරාද වලට කප් ගහපු රටක්
මොනවා වුනත් විකුම් රංගනට තවම සිංහල මතක තිබීම ගැන මම සතුටු වෙනවා. හැබැයි ලංකාවට නොඑනවා නම් එයිටත් වැඩිය සතුටුයි..