(උපාලි ආනන්ද)
විමර්ශන කටයුත්තක් සඳහා විල්පත්තුව ජාතිත වනෝද්‍යානයට යමින් සිටි වෛද්‍යවරයෙකු ඇතුළු දේශීය සංචාරකයින් හත් දෙනකු රැගත් කැබ් රථයක් ඉලක්ක කර ගෙන ක්ලේමෝ බෝම්බ පුපුරුවා හැර එහි සිටි සියලු දෙනා ඝාතනය කිරීම ඇතුළු වැරදි 8ක් සම්බන්ධයෙන් කොටි සංවිධානයේ ක්ලේමෝ බෝම්බ පුපුරුවා හැරීම් අංශයේ හිටපු ප‍්‍රබල කොටි විත්තිකරුවන් හත් දෙනකුට අනුරාධපුර විශේෂ මහාධිකරණයේ විනිසුරු මහේෂ් වීරමන් මහතා එක් අයකුට වසර 8 බැගින් වසර 56ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කළේය.
මෙම සියලූ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් වෙන් වෙන්ව නගා තිබූ අධිචෝදනා අටටම ඔවුන් වෙන් වෙන්ව වරද පිළිගැනීමෙන් පසු අදාළ නියෝගය නිකුත් කෙරිණි.
විත්තිකරුවන් හත් දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් වෙන් වෙන් වශයෙන් නගා තිබූ අධිචෝදනා අටට වසර අට බැගින් මෙම සිර දඩුවම් නියම කෙරිණි.
එසේ සිර දඬුවම් නියම වූයේ එල්ටීටීඊ සංවිධානයේ ක්ලේමෝ බෝම්බ පුපුරුවා හැරීම අංශයේ හිටපු ප‍්‍රබලයින් වන සිමියෝන් සන්දරයෝගු හෙවත් ක්ලේමෝ පාක්‍යන් රාගවන්, සුරේෂ් හෙවත් පුදියවන් සිරිල් රාසමනී, සිරාලන් සින්නප්පන් පාක්‍යනාදන් හෙවත් පාක්‍යන් අයියා මුත්තු මරික්කාර්, අබිදුල් ෂලීම් හෙවත් ෂලීම් අයියා සාන්දන්, ස්ටැනිස් රෙමිෂ් වල්ලූවන් සහ නඩරාජා සරවන බවන් හෙවත් සීට්ටු යන විත්තිකරුවන්ටය.
COMMENTS
අපේ අයට පුහුණුකල ආකාරයට සියලු බාධක නමාගෙන ඉදිරියට යාමට දුන් නියෝග අනුව කටයුතු කල නිසා තහවුරු නොකල සාක්ෂි කෝ? මරණ දඬුවම කෝ? යහපාලනය සඳහා කැපුණු ජනතාව කොහේද?
චෝදනා 8ක්ලු, මිනී මැරුවලු, දඬුවම වසර 8ක්ලු. දැන් ඔක්කොම මිනී මරන්න පටන් ගනීවි. වෙනරටවල මිනී මැරුවා නම් ලෙයට ලෙය, එල්ලුම් ගහ හෝ හරි ජීවිතාන්තය දක්වා හිරේ තමයි.
පුදුම දඬුවම් නේ? බෝම්බ ගසා මිනිස්සු මැරුවත් අවුරුදු 8 යි හිරේට යවන්නේ
මෙතන පොඩි පටලැවිල්ලක් තියෙනවා. චෝදනා එකකට වසර අට ගානේ සිර දඬුවම් දුන්නා නම් වසර හැට හතරයි. එහෙමද නැත්නම් චෝදනා ඔක්කොටම වසර අටක්ද?
මේ විදිහට බැලුවම කැමති කෙනෙකුට තමන් කොටි සංවිධානයේ බව පවසා බෝම්බ ගසා හෝ වෙඩි තබා මිනි මරා වරද පිළිගත්තොත් අවුරුද්දක් දෙකක් හිරේ ඉඳලා ගෙදර යන්න පුළුවන්නේ...