මුදිතා දයානන්ද
බැඳුම්කර හොරු අල්ලන්න කටයුතු කළා මිස මා පර්පෙචුවල් සමාගමෙන් හෝ එයට සම්බන්ධ කිසිම වෙනත් ආයතනයකින් හෝ පුද්ගලයකුගෙන් හෝ කිසිම මුදලක් ලබාගෙන නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (11) පැවසීය.
අර්ජුන් අලෝසියස්ට අයත් මෙන්ඩිස් සමාගමෙන් මුදල් ගත්තේ යැයි කරන ලද සාවද්‍ය ප‍්‍රකාශය සම්බන්ධයෙන් මෛත‍්‍රී ගුණරත්න මහතාට එරෙහිව රුපියල් මිලියන 500 ක් ඉල්ලා එන්තරවාසි යවා ඇතැයිද ජයතිස්ස මහතා මෙහිදි පැවසීය.
තවදුරටත් අදහස් දැක්වූ ජයතිස්ස මහතා මෙසේද පැවසීය.
වංචාවට එරෙහිව අරගලවලදී ජවිපෙ අපි හැමදාමත් ඉදිරියෙන්ම සිටිනවා. මෛත‍්‍රී ගුණරත්නලා කාගෙවත් කිමකට මේ කරන්න හදන්නේ වංචාවට එරෙහි අරගලයත් වංචා කරන්නයි. කෝප් කමිටුවේදී ෆුට් නෝට් කල්ලිය දැරූ උත්සාහයන් පරාජය කළා වගේම මෛත‍්‍රීලාගේ මේ උත්සාහයත් අපි පරාජය කරනවා. අසූචි වලේ බැස්ස ඌරා ගොඩට ඇවිත් හැම ගහකම පිට උලලා ඒයායෙත් අසූචි ගානවා වගේ වැඩක් මේකත්. පදනම් විරහිත ප‍්‍රකාශ කරන්නේ නැතිව පුලූවන් නම් මා මුදල් ගත් බව ඔප්පු කරන්න.
COMMENTS
එහෙනම් බය නැතුව දෙව්රුම් පෙත්සම් දෙන්නකෝ. කාගෙන්වත් කතන්දර මොකටද?
මෙයාලට අසුචි එච්චර දුගඳ නැහැ. හේතුව දේශපාලන ප්‍රතිපතියක් නැති අය ඌරන්ටත් අන්තයි. එකෙක්ට කඩේ ගිහින් මෙයාලා හැමදාම අසුචි නානවා... පව් පරාජිතයෝ
ජනාධිපතිගේ ප්‍රබල ආධාරකරුවෙක් මේ ගනුදෙනුවලට සම්බන්ධ බවට රාවයක් යනවා... ඒ ආධාරකාරයාද?
හොරුඅල්ලන්න යනවා කියන්නේ මොහු පොලිසියේත් ජොබ් එකක් කරනවාද ?
මෙයාගේ හැසිරීම දන්නෝ දනිති අනුර කුමාරත්,බිමල් රත්නායකත් මොහු සමග මුදල් ලබාගත් ජ.වී.පෙ. කණ්ඩායමේ ඉදිරියෙන්ම සිටින බව ජනතාව දැන ගත යුතුය.විජේවීරගේ ප්‍රතිපත්ති මොවුන් ළඟ නැත.තවදුරටත් ජනතාව නොරවටනු,
ජරාජීර්ණ වූ සිවිල් සමාජයේ දේශපාලන කියවීම් හා චින්තනය පිලිබඳ අවබෝධයක් ලබාගැනීමට අවශ්‍ය දොරගුළු විවර කිරීමක් ලෙස මෙම සංවාදය හඳුනාගත හැකිය. සත්‍යය දැකීම වෙනුවට පිළුණු ආහාර නැවත නැවතත් වමාරා කෑම රසවත්ය යන අදහස මතු කිරීමට කෙනෙක් උත්සාහ කරති. ඇඟිලිකරු අතරින් වැගිරෙන්නේ ප්‍රතික්ෂේපිත පිළුණු ආහාරයක ඕජස් බව දන දැනත් ජවිපෙ දේශපාලන ප්‍රතිපත්ති රහිතය යන්න පැවසීමට හේතුව බුද්ධි දරිද්‍රතාව සමග කැටි ගැසුන බඩජාරි කමය. සදාචාර විරෝධ- නොපනත් කම් හෙලා දැකිය යුතුය. අසුචි වලවල්වල සිට , ගොඩට විත් නිවරදී මිනිසුන්ට අශුචි තවරන සුකරයන් හඳුනා ගත හැකිය. එසේ කල යුතුය. ජවිපෙ නායකයා තම පක්ෂයේ කිසිවෙකුත් මෙම ජරා අල්ලසට සම්බන්ධ නැති බවට සහතිකයක් ලබා දී ඇත. දේශපාලන මඩකරියන්ගේ චෝදනා ඔවුන්ගේ හෘදය සාක්ෂිය ඉදිරියේ දියවී යන දිනය වැඩි අෑතක නොවේ...
එතකොට නලින්ද ජයතිස්ස මහත්තයාට සල්ලි දීල තියෙන්නේ බැදුම් කර වංචාව හෙළි කරන්න උදව් කරන්න වෙන්න ඇති! මම දන්නා විදියට මෙම බැදුම් කර වංචාව පළමු වරට හෙළිකරේ මේගොල්ලෝ මිසක් මෙතන අවලාද පල කරපු අය නොවේ!