(ඩයනා උදයංගනී)
බැඳුම්කර කොමිසමේ වාර්තාව බදාදා (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.
එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ සැණින් පාර්ලිමේන්තු වෙබ් අඩවියට ඇතුළත් කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ අනුව එය බදාදා (17) ජනතාවට දැකගත හැකි වනු ඇතැයිද අමාත්‍යවරයා කීවේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (16) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ පසු එය මහජන වාර්තාවක්, ප‍්‍රසිද්ධ ලේඛනයක් බවට පත්වන නිසා ජනතාවට එය කියවා විග‍්‍රහ කිරීමේ අවස්ථාවද හිමිවන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර මන්ත්‍රීතුමා මේ ගැන විවාද කරන්න හෙටවත් පාර්ලිමේන්තු ඒවිද?
අදාළ දේ කෙරෙන්නේ නැතිනම් අනික් අයට තිබෙන්නේ නැගිට යාමයි.
ඔය රැලට ඕක දාලා අනුමැතිය ගන්න ඕනේ නැහැ. හොරුටිකට කෙළින්ම නඩු දාලා මේ අය හිරේ යවන්න ඕනේ..