චන්ද්‍රසේන ගමගේ
මහ බැංකු බැඳුම්කර සිද්ධියේ ප්‍රධාන සැකකරු ජාත්‍යන්තර පොලිසි හරහා ලංකාවට ගෙන්වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ අද වීරකැටියේදී පැවැති ජනහමුවක් අමතමිනි
‘‘මහබැංකු හොරකමේ මහ කෙරුමා රට පැනලා ඉන්නවා. ඔහු කොයි රටේ හිටියත් කාගෙ ආශිර්වාදය මැද්දෙ හැංගිලා හිටියත් ජාත්‍යන්තර පොලීසිය හරහා ඔහු මේ රටට ගෙනල්ලා අධිකරණ ක්‍රියා මාර්ග වලින් ඔහුට දඩුවම් දෙන්නට මේ ආණ්ඩුව පියවර ගන්නවා.
හොරු අල්ලන්න ආපු ආණ්ඩුව හොරකම් කරන්න පටන් ගත්තාම මේ රටේ මිනිස්සු ආණ්ඩුව ගැන කලකිරුනා. හොරකම් කරන ආණ්ඩුවක ඉන්නවා කියලා අපිටත් දොස් කියන්න පටන් ගත්තා. පසු ගිය පළාත් පාලන මැතිවරණයේදි අපේ ඡන්ද පදනමට ආණ්ඩුවේ හොරකම් දැඩි ලෙස බලපෑවා. කවුරු කළත් මොන පක්ෂයකින් කළත් මේ රටේ අහිංසක ජනතාව සතු දේපොළ මං කොල්ල කන එක සදාචාර සම්පන්න දෙයක් කියල ශිෂ්ඨ සමාජයක මිනිස්සු පිළිගන්නේ නෑ .ඒ නිසා හොරකම දූෂණය වංචාව පිටු දැකීම සදහා ජනාධිපති තුමා ක්‍රියා මාර්ග ගනිමින් ඉන්නවා.‘‘
COMMENTS
ගෙන්නයි, ගෙන්නයි !
අර්ජුන තියා හෙවනැල්ලවත් ගෙන්න ගන්න බැහැ. මිනිහා සිංගප්පූරුවේ ඉන්න කල්. සිංගප්පූරුව කියන්නේ ලෝක හොරුන්ට හැංගිලා ඉන්න හදපු රජදහනක්...
මේ හාදය තවත් හොඳ විහිළු කාරයෙක් වගේ. ප්‍රධාන හොරු තොත්ත බබාලා වගේ නිදැල්ලේ ඉන්නකොට අතීසාර මිත්‍රයා ගැන කුමන කතාද? මේ ඇමති රටින් පිටවුනේ පුද්ගලික රොකට්ටුවකින් ගෙදර මිදුලට ගොඩ බස්සලා එ්කේ නැගල වෙන්න ඇති. අනේ මෙහෙමත් අයනේ... අපි අපේ මහජන නියෝජිතයින් හැටියට තෝරාගෙන තියෙන්නේ...
කටින් බතලකොළ හිටවලා වැඩක් නැහැ මහත්තයෝ කරලා පෙන්වන්න.. එතකොට අපි පිළිගන්නම් !
මෙයත් මේ ආණ්ඩුවේ තවත් හොඳ බයිලා කෙනෙක්... වාචාලකමට දොඩවනවා.
ඔය වගේ පච කියලා තමයි තමන්ගේ ආසනයත් පරාද වුනේ
කණ්ඩායම් දෙකක් ගිහිනුත් උදයංග වීරතුංග ගේන්න බැරිඋනා. කයිවාරුවනං අඩුවක් නෑ...
අර උදයංග වීරතුංග ගෙනාපු විදියටමද දන්නේ නැහැ?
බැඳුම්කරේ ප්‍රධාන සැකකරු හිටියේ ලංකාවේ නොවැ දැන් ජාත්‍යන්තර පොලිසියක් ගැන කියනවා ඡන්දය තියන්නකෝ අපි පිළිතුරු දෙන්නම්.
ඕකත් අර ලොකු මහත්මයාගේ කඩු හරඹ කතාව වගේ එකක්ද ?
බැදුම්කරේ අලල්ගෙන නැටුවා ඇති නේද ඇමතිතුමෝ. දැන්වත් 2005 ඉදන් වෙච්ච දුෂණ වංචා ඒ කාලේ බැදුම්කර කලේ කොහොමද හෙයිජින් ගනුදෙනු තුර්කි බැදුම්කර ගැන හෙව්වොත් හොදයි නේද? ඔවායෙන් පසුගිය ඡන්දෙදි වාසි ගත්තේ පොහොට්ටුවයි. ඔබලාට යන එනමන් නැති කර ගත්තා. තවත් ඒකම කරනවා පාඩමක් ඉගෙන ගන්නේ කවදද? දැන්වත් යහපාලනය වෙනුවෙන් 2015 දී ඡන්දය දීපු ජනතාවගේ හද ගැස්ම තේරුම් අරන් වැඩ කරන්න.
බැඳුම්කර හොරුන්ට දඬුවම් අනිවාර්යයි. ඒ වගේම මහා පරිමාන දුෂණ හොරුන්ටත් අනිවාර්යයි. කොයි හොරත් අපිට එපා. හොරුන් රකින අයවත් අපිට එපා.
වංචාව දුෂණය නතර කරනවා, හොරු අල්ලනවා කියලා පම්පෝරි ගහලා බලයට ආවාම සාමාන්‍ය මිනිස්සු හිතුවා දැන්නම් හරි මීට පස්සේ රටේ කිසිම හොරකමක් සිදු නොවෙයි රට දින 100කින් කෙසේ වෙතත් ටික කලකින්ම සිංගප්පුරුවක් වෙයි කියලා. නමුත් මෙයාලා බලයට ඇවිල්ලා ඉතිහාසයේ ලොකුම හොරකම වංචාව සිදුකිරීමට ඉඩකඩ සැලසුවා. දැන් අඩුම තරමින් ඒ කෙනා ඉන්න තැනක්වත් දන්නේ නෑ. සියලුදේත් සමගින් අශ්වයා පැනලා යනතුරු බලාගෙන ඉදලා දැන් කිසිම දෙයක් නොදන්නවා වගේ ජනතාව නැවත වරක් අන්දනවා. අපේ මිනිස්සුන්ටත් ලැජ්ජාවක්වත් අතීතය ගැන මතකයක් වත් නැතිනිසා හුරේ කියලා අත්පුඩි ගහනවා.
රටින් පැන්න හොරු රටේ ඉන්න හොරු ඔක්කොම අල්ලන්න මන්ත්‍රී තුමෝ
ඕගොල්ලොන්ට ඡන්දෙන් කියපු දෙය තේරුනේ නැත්නම් අපි වෙන ක්‍රමයකින් කියලා දෙන්නම්. ආවේ හොරු අල්ලන්න කියල නේද? කෝමද එක.
ඉස්සර හොරු හැමෝටම අමතක වෙලා අලුත් හොරු අල්ලන එක ගැන තමයි කාගේත් කතාව.
ඔය ගේන්න යන්නේ උදයංග ගෙනාවා වගේද ?
දැන් මේ හොරකමට අඩුගානේ පරීක්ෂණයක් තියල නීති මගින් කටයුතු කළා , (ආපසු මුදල් ලබාගන්න විදියක් තියනවා ) ඔබලා ගිය ආණ්ඩුව සමග ඉද්දි වෙච්ච දේවල් ගැන ඇයි කතා කරන්නේ නැත්තේ?
මේවා අහල ඇතිවෙලා තියෙන්නේ
මේ මහත්තයා ජ්‍යාන්තර නීතිය ගැන දන්නෙ ඉතාම අල්පයයි කියලයි හිතෙන්නෙ. සිංගප්පූරු පුරවැසියෙක් වෙනත් රටකට නීත්‍යානුකූලව චොදනාවකට මුහුණ දීමට ගෙන්වා ගැනීම ඉතාම අමාරුයි. හොදම වැඩේ මහත්තයො කට මැත දොඩවන්නෙ නැතිව කරලා පෙන්නන්න.
ඔය ඇමැතිතුමාගේ රජය කාලේ මොන හෝරාවද අඩු ගණනේ රිමාන්ඩ් කළේ? මොන පරීක්ෂණයද කළේ? පුළුවන් නම් පෙන්නන්න බලන්න. අඩු ගණනේ දැන් පරීක්ෂණ කෙරෙනවා, රිමාන්ඩ් කෙරෙනවා. ඒ කාලේ ඉතින් කලේ තානාපති කරන එකනේ? එ්ත් ඉතින් මේ ගොල්ලෝ ඔහේ කටමත දොඩවනවා.
මේ කරන වැඩ ගැන දැනගන්න රටේ මෙපමණ බුද්ධි අංශ තිබෙද්දී හොරා ලංකාවෙන් පැනලා යනකම් ඉඳලා දැන් බොරුවට දොඩවනවා. මේවා ඔක්කොම බොරු රඟපෑම්...
බොරු කයිවාරු ගහන්නේ නැතිව දෙන්නකෝ නිතිය හා සාමය ෆොන්සේකා මහත්තයට