ආරියරත්න රණබාහු සහ ජයන්ත සමරකෝන්
මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවන් දෙදෙනකු සමඟ සමීප සම්බන්ධතා පැවැත් වු බව කියන මීගමු බන්ධනාගාරයේ නිලධාරින් දෙදෙනකු අතරින් සැරයන්වරයකුගේ වැඩ තහනම් කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
අනෙක් නිලධාරියා පිළිබඳව විනය පරික්ෂණ ආරම්භ කර ඇති බවද පැවසේ.
මෙස් වැඩ තහනම් කර ඇත්තේ කේ. ආනන්ද නැමති බන්ධනාගාර සැරයන්වරයකුගේය.
ඉකුත් 27 වැනි දා මීගමුව වෙරළේ දී අත්අඩංගුවට ගත් පාතාලයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු රිමාන්ඩ් බාරයට පත්ව සිටියදී කළ ප්‍රශ්න කිරිම් අනුව ලද තොරතුරු වලදී මෙම නිලධාරින්ගේ සබදතා හෙළිවී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපත් ප්‍රවණතාවයක්...! සුබවාදීව බලාපොරොත්තු තියාගමු.