(සුමතිපාල දීයගහගේ )
 
උඩුගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන චෝදනාගාරයේ රඳවා සිටි සැකකරුවෙකුට එහි සිටි තවත් සැකකරුවෙකු විසින් පොල්ලකින් පහරදී ඝාතනය කිරිමේ චෝදනාවට වරදකරුවු විත්තිකරුවෙකුට ගාල්ල මහාධිකරණ විනිසුරු කේ.බී.කේ. හිරිඹුරේගම මහතා  අද (27) මරණ දඩුවම නියම කළේය.

මැලෑගොඩ ගමගේ ප්‍රියන්ත පුෂ්පකුමාර නැමැති විත්තිකරුට මෙසේ මරණ දඩුවම නියම විය. 

ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ පුතාගේ කසිප්පු ගැලුමක් විත්තිකරු විසින් සොරකම් කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් දෙපිරිස අතර ආරවුලක් ඇතිවී තිබු බවත් ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කළ විට දෙපාර්ශයම පොලිසියට ගෙන්වා සමතයකට පත් කොට යැවීමෙන් පසුව නැවත දෙපිරිස අතර ආරවුලක් හට ගෙන තිබූ බවත් නඩු විභාගයේදී අනාවරණය විය.