(බිඟුන් මේනක ගමගේ)
අත්‍යාවශ්‍ය ආහාර වර්ග හයක් මත පනවා තිබූ වෙළෙඳ භාණ්ඩ බද්ද පහළ දැමීමෙන් රජයට මසකට රුපියල් මිලියන 1500 ක පමණ පාඩුවක් සිදුවන්නේ යැයි මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා අද පැවැසීය.
විවෘත ආර්ථිකයක් තුළ මිල පාලනය ගැන තමා විශ්වාස නොකරන්නේ යැයි කී හෙතෙම ජීවන වියදම ඉහළ යාම සළකා මෙම තීන්දුව ගැනීමට රජය කටයුතු කළේ යැයි අවධාරණය කළේය.
COMMENTS
මේකට කියන ගැමි වහර "කුල කියනවා" යන්නයි. යමෙකුට යමක් දී, දුන් කෙනාම එහි අගය වර්ණනා කිරීම, ලාභ පාඩු ගැන කතාකිරීම වැනි දේ හොඳ නැහැ කියලා සමාජ සම්මතයක් තිබුනා මේ සමාජයේ. බොහෝවිට කුල කියන්නේ ගැහැණු.
කලින් හිටිය ඇමතිතුමාගේ කාලේ එතුමාගේ කිසිම අනුදැනුමක් නැතුව වෙච්ච බැඳුම්කර වංචාවෙන් කොච්චර පාඩු වුණාද දන්නේ නැහැ? නොදන්නා කමටයි ඇහුවේ.
එහෙනම් මොකටද දෙන්නේ!
දන්නැති හින්දා අහන්නේ මහා බැංකුව සිද්ධිය නිසා මාසෙට කියක් පාඩු සිද්ද විද ?
2015 දී නම් කිවුවේ මේ සහන ආණ්ඩුව පත් වුණු ගමන් දෙනවා කියල . 2015 දී තිබුණු තෙල්මිල අඩුවීමෙන් රජයට ලැබුනේ සුළුපටු ලාබයක්ද . එ්කට සාපේක්ෂව මේ කෝටි 150 මොන කජ්ජක්ද . මේකත් නොදීම චන්දෙට ගියා නම් හොදනේ . ඇත්ත තත්වය බලාගන්න තිබුන
සැරද ලක් මවුනි ගරු .
Kohomath me paaduva gevannavenne janathaavamayi.
පාඩුයි කියන්නේ හරියට වියදම් කරපු ගානට වඩා අඩුවෙන් විකුනනවා වගේ නේ .පාඩුයි නෙමෙයි ලාබය අඩු උනා කිවුව නම් තමයි මේ කතාව හරි .
මේ හොරු ටික පාර්ලිමේන්තුවේ තියල පඩි ගෙවල අපිට කොච්චර පාඩුද?
බැදුම්කරේ අලාබෙත් ඔයගමන්ම කියන්න. මොකද ජනතාව බලාගන්න තමා ඔයාලව පාර්ලිමේන්තු අරින්නේ
හොරකම් කරන්න තිබුන සල්ලි වලින් මිලියන 1500 ඉතිරිකරා .. කියල හෙඩිම දැම්මනම් හරි...
අපරාදේ ඔබතුමාලට දේපල අලුතින් ගන්න, රට සවාරි යන්න, අලුත් වාහන භාවිත කරන්න තිබ්බ ඔබතුමාලා ගෙදරින් ගේනවා සල්ලි ජනතාවට දෙනවද කියල හිතෙනවා මෙව්වා දැක්කම
අරය හිටිය නම් ඔය මිලියන 1500 න් පවුල් පිටින් රට සවාරියි, පුත්තුන්ට වාහනයි
සෙනරත් , 2015 දී පැට්‍රොල් රුපියල් තිස් ගානකින් අඩු කළා . පඩියත් 10,000 කින් වැඩි කළා . මතක නැහැ නේද ?
මංගල ඇමතිතුමාට සහනයක් දීම් ගැන තුති.
මහජනතාවනේ බදු ගෙවන්නේ ඉතින් මොන පාඩුවක්ද
සාලිය, ඔබ මැරිලා ඉපදුනද? ඔය කියන 10000 කීයෙන් කීදෙනාටද ලැබුනේ? ඔයාල වගේ මිනිසුන් නිසයි මේ යහපාලනය පිස්සු කෙලින්නේ.
ඔය කියන පාඩුව පියව ගන්නෙ අපෙන්ම ගන්න බදු මුදලෙන්මයි .මේව ඡන්ද ගුණ්ඩු .වාසිය උන්ටමයි .පාඩුව අපටයි .